- රු.10,000 / – ට වැඩි ඔබේ ඕනෑම ගනුදෙනුවක් සේවා ගාස්තුවකට යටත්ව පහසු ගෙවීමේ සැළසුම් සඳහා මෙම සේවාව යටතේ පරිවර්තනය කළ හැකිය.
- මේ සඳහා වූ අවම මිලදී ගැනීමේ මුදල රු.10,000 / – ක් වන අතර, උපරිම මුදල රු.1,000,000/- කි.
- කාඩ්පත් හිමියන් සඳහා සේවා ගස්තු සමග මාස 3, 6, 12, 18, 24, 36, 48 සහ 60 දක්වා සමාන මාසික වාරික වශයෙන් ආපසු ගෙවිය හැකිය.
- හිමිකරගතහැකි සැකසුම් ගාස්තු පහත පරිදි වේ:
- ගනුදෙනුවක් පහසු ගෙවීමේ සැලැසුමකට පරිවර්තනය කිරීමේදී ක්‍රෙඩිට් කාඩ් ගිණුමෙන් රු 1,500 ක සම්මත සැකසුම් සේවා ගාස්තුවක් අය කෙරේ.
- ගනුදෙනුවක් පහසු ගෙවීමේ සැලැසුමක් බවට පරිවර්තනය කිරීම සඳහා කඩ්පත් හිමියා විසින් ගනුදෙනුව සිදුකර 0112350000 යන දුරකථන අංකය ඔස්සේ අපගේ 24 පැය සබඳතා මධ්‍යස්ථානය වෙත ඇමතිය යුතුය.
- ලබාගතහැකි කාඩ් ශේෂයෙන් සැලසුමේ අන්තර්ගත මුළු මුදල අවහිර කරනු ඇත.
- පහසු ගෙවීමේ සැලසුම් ගනුදෙනු සඳහා 1% කෑෂ්බැක් වාසිය අදාළ නොවේ.
- මාසික වාරික කාඩ්පතට හර කරනු ලබන අතර එය ලබාගත් මුළු ණය මුදලේ එක් කොටසක් සහ සේවා ගාස්තු නියෝජනය කරනු ලබයි.
- කාඩ්පත් හිමියා විසින් නියමිත දිනයට අවම ගෙවීම පැහැර හරිනු ලැබුවහොත්, පහසු ගෙවීමේ සැලැසුම් ගෙවුම් හිඟ මුදල් කල්තියා පුරෝකථනය කිරීමට සහ මුළු හිඟ මුදල හර කිරීමට බැංකුවට පූර්ණ අයිතිය ඇත.
- ලබා දී ඇති කාලසීමාව ඉකුත්වීමට පෙර කාඩ්පත් හිමියෙකු සම්පූර්ණ ණය මුදල පියවීමට අපේක්ෂා කරන්නේ නම්, පහසු ගෙවීමේ සැළසුමෙහි හිග මුදල් මත 4% ක පූර්ව පියවීමේ ගාස්තුවකට යටත්ව කාඩ්පත් හිමියා විසින් ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය.
- ඉන්ධන, කැසිනෝ සහ සූදූ වැනි ගනුදෙනු සඳහා පහසු ගෙවීමේ සැලැසුම් වලංගු නොවේ.
- මුදල් අත්තිකාරම් සහ වාණිජමය ගනුදෙනු සඳහා පහසු ගෙවීමේ සැලැසුම් වලංගු නොවේ.
- සැකසුම් ගාස්තුව ඇතුළත්ව, ගනුදෙනුවක් පහසු ගෙවීමේ සැලැසුමකට හැරවිය හැක්කේ පවතින ණය සීමාව තුළ පමණි.
කාලසීමාව | 03 මසකට | 06 මසකට | 12 මසකට | 18 මසකට | 24 මසකට | 36 මසකට | 48 මසකට | 60 මසකට |
---|---|---|---|---|---|---|---|---|
මසකට සැකසුම් ගාස්තු | 1.00% | 0.85% | 0.67% | 0.56% | 0.63% | ‘0.56% | 0.63% | 0.60% |
සැකසුම් ගාස්තු | 1,500.00 | 1,500.00 | 2,500.00 | 3,500.00 | 4,000.00 | ‘4,500.00 | 5,000.00 | 5,000.00 |