ලෝන් ඔන් කාඩ්

ලෝන් ඔන් කාඩ්

වෙළෙඳපොළේ ඇති අඩුම පොලී අනුපාත යටතේ මස 60 දක්වා ගෙවීමේ හැකියාවෙන් යුතුව ඔබේ ණය සීමාවෙන් 75% ක් දක්වා ක්ෂණික මුදල් අත්තිකාරම් මුදලක් ලබාගැනීමේ හැකියාව මෙම සේවාවෙන් ලබාගත හැකිය.

  • DFCC Signature, Infinite, Pinnacle, Prestige සහ World Mastercard නව කාඞ්පත්හිමියන්ට හා සක‍්‍රීය කාඞ්පත්හිමියන්ට DFCC Loan on Card සේවාව හා සම්බන්ධ විය හැක.

  • කඩ්පතේ ශේෂයට යටත්ව, ක්‍රෙඩිට් කාඩ්පත් ණය සීමාවෙන් 75% ක් දක්වා ණය මුදලක් ක්ෂණිකව ලබා ගත හැකිය.

  • කාර්යාලීය දින 01ක් තුළ ඔබගේ නමට ඇති, ඔබ විසින් නම්කරන ලද ඉතිරිකිරීමේ / ජංගම ගිණුමකට මෙම මුදල බැර කරනු ලැබේ.

  • අවම ණය මුදල් සීමාකිරීමේ අගය රු. 10,000/- ක් වන අතර උපරිම මුදල මුදල් ප්‍රමාණය ණය සීමාවෙන් 75% කි.

  • සේවා සහ සම්මත සැකසුම් ගාස්තුවට යටත්ව මාස 3, 6, 7, 9, 12, 18, 24, 36, 48, 60 දක්වා සමාන මාසික වාරික වශයෙන් ආපසු ගෙවිය හැකිය.

  • ගෙවුම් කාල සහ සැකසුම් ගාස්තු අදාළ වේ
  • කාලසීමාව 03 මසකට 06 මසකට 07 මසකට 09 මසකට 12 මසකට 18 මසකට 24 මසකට 36 මසකට 48 මසකට 60 මසකට
    මාසික සැකසුම් ගාස්තුව 3.00% 1.80% 1.58% 1.34% 1.30% 1.14% 0.94% 0.95% 0.80% 0.72%
    ස්ථාපිත කිරීමේ ගාස්තුව (Rs.) 1,500.00 1,750.00 1,750.00 1,850.00 2,000.00 2,750.00 3,000.00 3,500.00 4,000.00 4,500.00

  • කාඩ් ශේෂයෙන් සැළසුමේ මුලු මුදල අවහිර කරනු ලැබේ.

  • මාසික වාරිකය කාඩ්පතට හර කරනු ලබන අතර එය ලබාගත් මුළු ණය මුදලේ එක් කොටස් සහ සේවා ගාස්තු නියෝජනය කෙරේ.

  • ලබා දී ඇති කාල සීමාව ඉකුත් වීමට පෙර කාඩි හිමියකු ලෝන් ඔන් කාඩ් පියවීමට අපේක්ෂා කරන්නේ නම්, ලෝන් ඔන් කාඩ් හි හිග මුදල මත 4% ක පූර්ව බේරුම්කාරක ගාස්තුවක් අය කෙරේ.

  • ණය මුදලක් ලබාගැනීමට ඉල්ලුම් කිරීමට සාමාන්‍ය අයදුම්පත් පුරවා info@dfccbank.com යන ඊමේල් ලිපියනයට යොමු කරන්න, නැතහොත් ළඟම ඇති DFCC බැංකු ශාඛාවකට ගෙනවිත් බාර දෙන්න.


අයදුම් පත්‍රය