කාලීන පුවත් / තොරතුරු
ගෝලීය ජල හවුල්කාරිත්වය (දකුණු ආසියාව) සහ පරිසර අමාත්‍යාංශයේ දේශගුණය පිළිබද ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද “2 වන NDA Readiness ව්‍යාපෘතිය” යටතේ GCF සංකල්ප සටහන් තුනක් සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘති වැඩමුළුවක් 2023 නොවැම්බර් 23 වන දින බත්තරමුල්ල ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයේ (IWMI) දී පැවැත්විණි.
2 වන NDA Readiness ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ සෘජු ප්‍රවේශ අවස්ථා හිමි ආයතන (DAEs), NDA සහ GCF ව්‍යාපෘති වැඩසටහන්කරණ පාර්ශවකරුවන්ගේ ධාරිතාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය සඳහා වැඩිදියුණු කරන ලද උපාය මාර්ගික රාමු සහ ශක්තිමත් වූ ව්‍යාපෘති මාලාවක් හරහා දේශගුණික මූල්‍යකරණය වෙත ප්‍රවේශ වීම.
මෙම වැඩමුළුව සඳහා DFCC නියෝජනය කරමින් නලින් කරුණාතිලක (උප සභාපති- තිරසාර සහ උපදේශන) සහ සේනක ජයසිංහ (උපදේශක- තිරසාරත්වය) සහභාගී විය.
https://www.greenclimate.fund/document/strengthening-capacity-direct-access-entities-daes-nda-and-gcf-project-programming