පුද්ගලික ණයක් සඳහා අයදුම් කිරීමේදී ඔබට අවශ්‍ය වන්නේ මොනවාද?
May 17, 2019
DFCC බැංකුවේ පුද්ගලික ණය පහසුකම මගින් ඔබේ සිහින සැබෑ කරන්නා අරමුණ වෙත යාමේ අවස්ථාව ඔබට හිමි වේ. ඔබගේ අවශ්‍යතාවය කුමක් වුවද, ඔබගේ එම අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි සිහින සැබෑ කර ගැනීමට අවශ්‍ය වන්නා වූ පුද්ගලික ණය පහසුකම් අප සතුව ඇත. එමෙන්ම ණය පහසුකම් සාර්ථකව අයදුම් කිරීමට ඔබ ඉල්ලුම් පත්‍රයක් සමග ඉදිරිපත් කළ යුතු දේවල් කිහිපයක් තිබේ.
ඔබ සතුව තිබිය යුතු වැදගත්ම දේවල් වන්නේ:
- අනන්‍යතා සහතික ලේඛණ -ජාතික හැඳුනුම්පත / විදේශ ගමන් බලපත්‍රය
- පසුගිය මාස තුන සඳහා ඔබේ බැංකු ප්‍රකාශන
- ආදායම් සහතික කිරීමේ ලිපි ලේඛණ
අනන්‍යතා ලේඛණ
ඔබ යනු ඔබම බව තහවරු කර ගැනීම සඳහා අපට ඔබගේ අන්‍යතාවය සහතික කර ගත යුතු අතර ඔබ මෙම ලියකියවිලි අප වෙත ඉදිරිපත් කරන විට අපගේ සම්මත පාරිභෝගික ප්‍රතිපත්තියේ (KYC) කොටසක් ලෙසින් ඔබව වඩාත් හොඳින් දැන හඳුනා ගැනීම පිණිස අප ඔබෙන් ප්‍රශ්න කිහිපයක් අසන අතර ඔබ දැනටමත් අපගේ පාරිභෝගිකයෙකු නම්, ඔබට විශාල ප්‍රශ්න ප්‍රමාණයකට පිළිතුරු දීමට හෝ බොහෝ පෝරම පිරවීම අවශ්‍ය නොවනු ඇත. නමුත් අනන්‍යතා ලේඛණ ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය වනු ඇත.
බැංකු ප්‍රකාශන
ඔබගේ සියලුම බැංකු ප්‍රකාශන සහ ඔබ ගනුදෙනු කරන සියලුම මූල්‍ය ආයතන වලින් ප්‍රකාශ රැගෙන ඒම අනිවාර්ය වේ. ශ්‍රී ලංකාවේ වෙනත් ඕනෑම බැංකුවක් / ආයතනයක් සමඟ ඔබ සතුව ඇති සියලුම ණය, ක්‍රෙඩිට් කාඩ්, කල්බදු සහ ඉතිරිකිරීම් / තැන්පතු ගිණුම් ආදිය පිළිබඳ ප්‍රකාශයන් අප වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය වනු ඇත. මෙම අවස්ථාවෙහිදී, ඔබේ ණය සුදුසුකම් තහවුරු කර ගැනීම සඳහා අපි ඔබේ ජාතික හැඳුනුම්පත් අංකයට එරෙහිව ණය තොරතුරු කාර්යාංශ (CRIB) වාර්තාවක් ලබා ගන්නෙමු. ඔබේ පුද්ගලික ණය අයදුම්පත ඉක්මණින් අනුමත කර ක්‍රියාවට නංවන බවට මෙයින් සහතික වන බැවින් ඔබ විසින් නිවැරදි තොරතුරු සැපයීම වැදගත් වේ.
ආදායම් සහතික කිරීම
පුද්ගලික ණයක් ලබා ගැනීමේ ප්රතිලාභ ඔබට ලබා දීම සඳහා, ඔබේ ණය බැඳීම් වෙනුවෙන් ප්‍රමාණවත් ආදායමක් ඔබ සතුව ඇති බවට ඔබ විසින් අපට ඔප්පු කළ යුතුය. DFCC පුද්ගලික ණය කැල්කියුලේටරය පරීක්ෂා කිරීමෙන් ඔබේ පුද්ගලික ණය ආපසු ගෙවීම් ප්‍රමාණය කොපමණ විය හැකිදැයි තක්සේරු කිරීමට ඔබට හැක. ඔබ රැකියාවක නියුතු නම්, පසුගිය මාස තුන සඳහා ඔබගේ වැටුප් ගෙවීම් පත්‍රිකා හෝ ඔබේ සේවායෝජකයාගෙන් ලබාගන්නා ලද තහවුරු කිරීමේ ලිපියක් අපට ලබා දිය හැකිය. ඔබ ස්වයං රැකියාවක් කරන්නේ නම්, ඔබේ බැංකු ප්‍රකාශන හෝ ආදායම් බදු වාර්තා මගින් අපට ආදායම පිළිබඳ සාක්ෂි ලබා දීමට ඔබට හැකිය.
වෙනත් තොරතුරු
ඔබ ඉල්ලුම් කරන ණය මුදල මත පදනම්ව අප සතුව විවිධාකාර වූ පුද්ගලික ණය ක්‍රම ගණනාවක් ඇත. එබැවින් ඔබ ඉල්ලුම් කරන ණය ක්‍රමය මත පදනම්ව අමතරව අප වෙත ඉදිරිපත් කලයුතු තොරතුරු තිබිය හැකිය. උදාහරණයක් ලෙස, ඔබ වෘත්තීය ණයක් සඳහා ඉල්ලුම් කරන්නේ නම්, ඔබ සුදුසුකම් ලත් වෘත්තියක නියැලී සිටින බවටත් ශ්‍රී ලංකාව තුළ එම වෘත්තිය කිරීමට ඔබට බලපත්‍ර ඇති බවටත් සාක්ෂි සැපයිය යුතුය.
ඔබ DFCC පුද්ගලික ණය සඳහා ඉල්ලුම් කරන විට ඔබට ඔබ සැපයිය යුතු තොරතුරු පිළිබඳ කිසියම් ගැටලුවක් පැන නගින්නේ නම්, 011 2350000 දුරකතන අංකයට අදම ඇමතීමෙන් ඔබට ඒ් සඳහා ඉතා හොඳින් සූදානම් වීය හැක. එමෙන්ම අපෙන් විමසීමක් කළහොත් අපගේ විකුණුම් කණ්ඩායම ඔබ සමග සම්බන්ධ වනු ඇත.