ක්‍රෙඩිට් කාඩ් භාවිතයේදී සිදුවිය හැකි වැරදි වළක්වා ගැනීමට උපදෙස් 4 ක්!
May 2, 2019
ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ගනුදෙනු කිරීම ආරක්ෂිත සහ පහසු ක්‍රමයක් වන අතර ඒවා ඔබට විශේෂ ප්රතිලාභ සහ වරප්‍රසාද ලබා දෙයි.එසේම එමඟින් ඔබ වියදම් කරන විට මුදල් ඉතිරි කර ගත හැකිය. කෙසේ වෙතත්, ඔබේ ක්‍රෙඩිට් කාඩ් පත නිවැරදි ආකාරයෙන් භාවිතා කිරීමට වග බලා ගැනීම තුලින් ඔබට හිතකර නොවන ණය වළක්වා ගත හැකි අතර ඔබේ ණය සුදුසුකම් ආරක්ෂා කර ගත හැකිය.
ක්‍රෙඩිට් කාඩ් භාවිතයේදී ඔබට අනවශ්‍ය ගැටලු ඇතිවිය හැකි වැරදීම් සහ ඒවා වළක්වා ගැනීම සඳහා මතක තබා ගත යුතු වැදගත් උපදෙස් 4 ක් මෙන්න.
අවම ගෙවීම් කිරීම සහ ප්‍රමාද වී ගෙවීම.
ඔබේ ක්‍රෙඩිට් කාඩ්පත මඟින් ඔබට අවම ගෙවීම පමණක් කළ හැකි නමුත් මෙම පහසුකම හදිසි අවස්ථාවකදී හෝ මූල්‍යමය වශයෙන් අසීරු අවස්ථාවක භාවිතා කිරීමට අදහස් කරයි. ඔබේ ක්‍රෙඩිට් කාඩ් බිල්පත ගෙවීමට ඔබට වැඩි කාලයක් ගත වන බැවින් ඔබේ අවම ගෙවීම පමණක් නොකඩවා සිදු කිරීම සුදුසු නොවේ. ඒ වෙනුවට, ඔබගේ අවම ගෙවීම් මට්ටමට වඩා වැඩි වටිනාකමකින් ගෙවීම් කටයුතු කිරීම සුදුසුය.
නැවත ගෙවීම් වලදී ඔබගේ නියමිත දිනය පසුකර යාමට ඉඩ දීම සහ ප්‍රමාද වී ගෙවීම් කිරීම ක්‍රෙඩිට් කාඩ් භාවිතයේදි වළක්වා ගත යුතු තවත් විශාල වැරැද්දකි. ප්‍රමාද වූ ගෙවීම් ඔබට වියදම් අධික විය හැකි අතර ඔබේ ගිණුමට ප්‍රමාද ගාස්තුවක් පැනවීමට බැංකුවට සිදුවනු ඇත. එසේම, ඔබේ ගෙවීම දින 30 කට වඩා ප්‍රමාද කිරීම ඔබේ ගෙවීමේ අසමත්භාවය බව ලෙස CRIB (ණය තොරතුරු කාර්යාංශය) වෙත වාර්තා වීමට හේතු විය හැකි අතර එය ඔබේ ණය සුදුසුකම් වලට අහිතකර ලෙස බලපායි .නොගෙවීම් කර දින 90 කට පසු, බොහෝ බැංකු විසින් ණය තොරතුරු කාර්යාංශය (CRIB) වෙත වාර්තා කිරීම නීති ප්‍රකාරව කරනු ලැබේ.මේ නිසාවෙන් ඉහළ පොලී අනුපාත ඇතුළු වෙනත් දණ්ඩනයන්ගෙන්ද ඔබට පීඩා විඳින්නට සිදුවිය හැක. එමනිසා, සෑම විටම අවම වශයෙන් ඔබේ අවම ගෙවීමවත් නියමිත වේලාවට කිරීමට වග බලාගන්න.DFCC ක්‍රෙඩිට් කාඩ් ආපසු ගෙවීමේ කැල්කියුලේටරය බලන්න
ඔබගේ කාඩ්පත භාවිතා කිරීමට අන් අයට ඉඩ දීම
සෑම ක්‍රෙඩිට් කාඩ් ගිවිසුමකින්ම පාහේ වෙනත් පුද්ගලයෙකුට ඔබේ කාඩ්පත භාවිතා කිරීමට ඉඩ දීම තහනම් කරයි. නමුත් තවමත් එය බොහෝ විට සිදු වේ.කිසිදු විටෙක ඔබ මෙම ක්‍රියාවෙහි යෙදීමෙන් වැළකී සිටිය යුතුය.මන්ද කොතරම් විශ්වාසදායක වුවත්, වෙනත් පුද්ගලයෙකු විසින් කළ හැකි මිලදී ගැනීම් පාලනය කිරීමට ඔබට හැකියාවක් නැත.වැරදීමකින් පවා එවැන්නක් සිදු වුවද එපමණය. අවසානයේදී, ඔබගේ කාඩ්පත සමඟ ඕනෑම අයෙකු කරන මිලදී ගැනීම් සඳහා ගෙවීමට ඔබ වගකිව යුතුය, එබැවින් සැමවිටම ප්‍රවේශම් වීමටත් ඔබේ කාඩ්පත අන් අයට භාවිතා කිරීමට ඉඩ නොදෙන්නටත් වග බලාගන්න.
නැතිවූ / සොරකම් කළ කාඩ්පතක් හෝ සැක සහිත ගනුදෙනුවක් පිළිබඳ එසැනින් වාර්තා නොකිරීම
නැතිවූ හෝ සොරකම් කරන ලද ක්‍රෙඩිට් කාඩ්පතක් සැක සහිත ක්‍රියාකාරකම් පිළිබඳ ඉඟියක් බැවින් එය බරපතල ගැටළුවක් වන අතර ගැටලුව වාර්තා කිරීමට ඔබ වැඩි කාලයක් ගන්නා තරමට සොරුන්ට ඔබේ කාඩ්පතින් කිහිප වරක් මිලදී ගැනීම් සිදුකිරීමට අවස්ථාව ලැබේ. එමනිසා, ඔබගේ කාඩ්පත අස්ථානගත වී හෝ සොරකම් කර ඇති බව ඔබ තේරුම් ගත් මොහොතේම ඔබ එය ඔබේ බැංකුවට වාර්තා කළ යුතුය. එවිට ඔවුන්ට ඔබගේ කාඩ්පත අවහිර කර වෙනත් කාඩ්පතක් නිකුත් කර කිසියම් වංචනික ගනුදෙනුවක් සිදුවී ඇත්දැයි පරීක්ෂණයක් ආරම්භ කළ හැකිය. එවැනි සිදුවීමක් වාර්තා කිරීමට ඔබ වැඩි කාලයක් බලා සිටින තරමට ඔබ ණය වගකීම් සඳහා විවෘත වේ. නැතිවූ / සොරකම් කරන ලද කාඩ්පතක් හෝ සැක සහිත ගනුදෙනුවක් පිළිබඳ DFCC බැංකුවට වාර්තා කිරීමට අපගේ 24/7 ක්ෂණික ඇමතුම් අංකය වන, (0094) 0112-2350000 අමතන්න.
සැක සහිත ක්‍රියාකාරකම් ගැන විමසිල්ලෙන් සිටීමට ඔබේ ප්‍රකාශ නිතරම පරීක්ෂා කිරීම ඉතා වැදගත් ය, මන්ද ඔබ විසින් නිතිපතා සිදුවන සුළු ගනුදෙනු නොතකා හැරීම දක්ෂ සොරුන්ට ඉතා පහසු අවස්ථාවක් විය හැකි බැවිනි. සැක සහිත ඕනෑම දෙයක් වහාම වාර්තා කරන්න. DFCC ක්‍රෙඩිට් කාඩ් මඟින් ඔබේ පහසුව සඳහා නොමිලේ කෙටි පණිවුඩ ඇඟවීමේ සේවාවක් ක්‍රියාත්මක කර ඇති අතර අන්තර්ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ් ඊ- ප්රකාශනයක් ලබා දේ.
ඔබගේ කාඩ්පතේ නියමයන් සහ කොන්දේසි කියවීමට අපොහොසත් වීම
නීරස නියමයන් සහ කොන්දේසි අන්තර්ගත ලේඛනයක පිටුවෙන් පිටුව කියවීමට කිසිවෙකු කැමති නැත. නමුත් අවම වශයෙන් එය ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත සම්බන්ධයෙන් ගත් කළ අනිවාර්යයෙන්ම කළ යුතුය. ඔබ එකඟ වන්නේ කුමකටද සහ ඔබට හිමි වන්නේ කුමක්ද යන්න දැනගැනීම අත්‍යාවශ්‍ය වේ. ඔබගේ කාඩ්පතේ නියමයන් සහ කොන්දේසි කියවා දැන ගැනීමෙන් එයින් ඔබට ඇතිවිය හැකි දුෂ්කරතාවයන් සහ අනවශ්‍ය කරදර වළක්වා ගනිමින් නිවරැදිව කාඩ්පත භාවිතා කරන ආකාරය දැනගත හැකිය.
මෙම වැරදි වළක්වා ගැනීමෙන් ඔබේ ක්‍රෙඩිට් කාඩ් පත ඔබට ලබා දෙන සියලු අපූරු අවස්ථාවන් ආරක්ෂිතව හා වගකීමෙන් භුක්ති විඳිය හැකි බව සහතික කෙරේ. ඒ නිසාමයි ඔබට මේ අනගි කාඩ්පත ලැබුනේ.එහෙම නේද? ඔබ ජීවිතය විඳීමට සුදුස්සෙක්!