ඔබේ ක්‍රෙඩිට් කාඩ්පත් සුරක්ෂිතව තබා ගන්නේ කෙසේද?
October 30, 2019
ක්‍රෙඩිට් කාඩ්පත් අන් කවරදාටත් වඩා ඔබේ මිලදී ගැනීම් සඳහා ගෙවීම් කටයුතු පහසු කර ඇත. ඒ කෙසේ වෙතත් ක්‍රෙඩිට් කාඩ්පත් හරහා ඔබේ තොරතුරු සොර සතුරන් අතට පත්වීමත් එහි ප්‍රතිපලයක් ලෙස ඔබේ මුදල් සොරකම් කිරීමට ඕනෑ තරම් අවස්ථාවන් සැලසීමත් සිදුවේ.
ඔබ මුදල් තැන් තැන් වල දමා යන්නේද? නැත. ඔබ කිසිසේත් එසේ නොකරනු ඇත. ඔබේ ක්‍රෙඩිට් කාඩ්පත මුදල් තරමටම වටින්නේය. එබැවින් ඔබේ ක්‍රෙඩිට් කාඩ්පතේ සුරක්ෂිත බව තහවුරු කර ගැනීම සඳහා ගත හැකි සෑම පූර්වාරක්ෂිත පියවරක්ම ගත යුතුය.
ඔබගේ කාඩ්පත්වල ආරක්ෂාව සහතික කිරීම සඳහා වැදගත් උපදෙස් කිහිපයක් මෙන්න:
ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත් අංකය පුද්ගලිකව තබා ගන්න
- ඔබගේ කාඩ්පත් විස්තර අන් අයට දැකගත හැකි වන පරිදි විවෘත ස්ථානවල තැබීමෙන් වළකින්න. විශේෂයෙන්ම ඔබේ කාඩ්පතේ පිටුපස පිහිටා ඇති CVV අංකය පිළිබඳ සැලකිලිමත් වන්න.
- කිසිම විටෙක ඔබගේ කාඩ්පත් තොරතුරු කිසිවෙකුට දුරකථනයෙන් ලබා නොදෙන්න, එසේත් නැත්නම් ඔබ ඇමතුම ආරම්භ කර ඔබ විශ්වාස කරන බැංකුවක් හෝ වෙළෙන්දෙකු සමඟ කතා කරන බව හොඳින්ම තහවුරු කරගත්තත් ඔබගේ කාඩ්පත් තොරතුරු කිසිවෙකුට දුරකථනයෙන් ලබා නොදෙන්න. ඩීඑෆ්සීසී බැංකුව හෝ වෙනත් විශ්වාසදායක මූල්‍ය ආයතනයක් හෝ වෙනත් සංවිධානයක් කිසි විටෙකත් ඔබව සම්බන්ධ කර නොගෙන ඔබේ ණය පත හෝ වෙනත් පෞද්ගලික තොරතුරු ඉල්ලා නොසිටිනු ඇත. එවැනි සන්නිවේදනයන් නීත්‍යානුකූල යැයි පෙනුනත් ඒවාට ප්‍රතිචාර නොදක්වන්න.
- සෑම විටම කඩදාසි රහිත ප්‍රකාශණ තෝරා ගන්න. එයින් සිදුවන්නේ පරිසරය සුරැකීම පමණක් නොව යමෙකු ඔබේ ප්‍රකාශණයන්ට ගෙන ඔබේ තොරතුරු වෙත ප්‍රවේශය ලබා ගන්නට උත්සහ කරන්නේ නම් එවැනි අනවශ්‍ය මැදිහත්වීම් වලින් ඔබ ආරක්ෂා වනු ඇත. ඔබ DFCC ක්‍රෙඩිට් කාඩ් සඳහා අයදුම් කිරීමේදී අන්තර්ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ් විද්‍යුත් ප්‍රකාශණ (E-statement) සඳහා ලියාපදිංචි වන්න.
ඔබේ තොරතුරු යවත්කාලීනව තබා ගන්න
ඔබ ලිපිනයන් හෝ දුරකථන අංක වෙනස් කරන්නේ නම් ඔබේ බැංකුව දැනුවත් කළ යුතුය. මෙයින් ඔබගේ පුද්ගලික තොරතුරු වැරදි පුද්ගලයින් අතට පත්වීමේ අවදානම අඩු කරනු ඇති අතර ගැටළුවක් ඇති වුවහොත් බැංකුව ඔබ සමඟ ඉක්මනින් සම්බන්ධ වනු ඇත. ඔබ දීර්ඝ කාලීන විදේශ ගත වීමකට සුදානම් වන්නේ නම් එයද ඔබේ බැංකුවට දැනුම් දිය යුතුය.
ඔබගේ උපාංග සුරක්ෂිත කරන්න
ඔබේ ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කරමින් අන්තර්ජාලය හරහා කරනු ලබන මිලදී ගැනීම් සඳහා යොදා ගනු ලබන උපාංග නිසි පූර්ව ආරක්ෂාවකින් තොරව යොදා ගතහොත් ඔබගේ සම්බන්ධතාවයේ ආරක්ෂාව දුර්වල හැකිය. එබැවින් පහත කරුණු පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් ය.
- ඔබේ ආරක්ෂණ පද්ධතිය ඉහළ මට්ටමක පවතින බවට සහතික කරගන්න.
- ඔබගේ මෙහෙයුම් පද්ධති, වෙබ් බ්‍රව්සර් සහ වෙනත් යෙදුම් යාවත්කාලීනව පවතින බවට සහතික කරගන්න.
- හානිකිරීමේ අදහසින් කරනු ලබන ප්‍රහාරවලින් හෝ අධීක්ෂණයන්ගෙන් ඔබ ආරක්ෂිත බව තහවරු කරගැනීම සඳහා ප්‍රති–වයිරස (antivirus) ප්‍රති–මෘදුකාංග (antimalware) සහ ප්‍රති පිවිසුම් (antispyware) වැනි ආරක්ෂක මෘදුකාංග භාවිතා කරන්න.
- ඔබගේ මුරපද නිතරම රහසිගතව තබා ගන්න. ශක්තිමත් මුරපද භාවිතා කිරීමටත් ඒවා නිතර වෙනස් කිරීමටත් මතක තබාගන්න. හොඳ මුරපදයක් සංකීර්ණ වන අතර අකුරු ඉලක්කම් සමඟ සංයුක්තව සහ දීර්ඝව තැබීම වඩාත් හිතකරය. ඔබගේ උපන්දිනය හෝ 1234 වැනි අනුමාන කිරීමට පහසු මුරපද භාවිතාකිරීමෙන් අනවසර පිවිසීම් වලට පහසුවෙන් ලක්විය හැකිය..
අන්තර්ජාලයෙන් මිලදී ගැනීම් කිරිමේදී ඔබේ ආරක්ෂාව සලසා ගන්න
ක්‍රෙඩිට් කාඩ්පත්වල ඇති සුවිශේෂී වාසියක් නම් ඒ මඟින් ඔබව ලෝක වෙළඳපොළට විවෘත කිරීමයි. ඔබට ඕනෑම තැනක සිට ඕනෑම දෙයක් මිලදී ගත හැකිය. නමුත් ඔබගේ ආරක්ෂාව සඳහා ඔබ විශ්වාසදායක වෙබ් අඩවි වලින් පමණක් සාප්පු සවාරි යෑමට වග බලා ගත යුතු අතර එම වෙබ් අඩවි වල URL හි ‘https’ මගින් දැක්වෙන ආරක්ෂිත සම්බන්ධතාවයක් ඇති බවට සැමවිටම සහතික කරගත යුතුය. මෙමඟින් ඔබේ දත්තයන් සඳහා කිසිවෙකුට බාධා කළ නොහැකි බව සහතික කරනු ලබයි.
ඔබගේ ගිණුම නිතර පරීක්ෂා කරන්න, ඇඟවීම් සඳහා ලියාපදිංචි වන්න
ඔබගේ ගිණුමේ ක්‍රියාකාරකම් පිළිබඳ නිරන්තරයෙන් සමාලෝචනය කිරීම කාඩ්පතේ ආරක්ෂාවට ඉතා වැදගත් වන අතර කිසියම් සැක සහිත ක්‍රියාවන් හඳුනාගෙන එ් පිලිබඳ වාර්තා කරන තරමට ඔබට සුරක්ෂිත වීමට වඩා හොඳ අවස්ථාවන් සැලසේ. ඔබේ බැංකුව ගනුදෙනු සඳහා කෙටි පණිවුඩ සහ විද්‍යුත් තැපැල් ඇඟවීම් ලබා දෙන්නේ නම් ඒ සඳහා ලියාපදිංචි වීමට වග බලා ගන්න. මෙසේ කටයුතු කිරීමෙන් සැක සහිත දෙයක් සිදුවී ඇත්දැයි ඔබ සැමවිටම දැන ගනු ඇත.
පාඩු / සැක සහිත ගනුදෙනුවක් සිදුවේ නම් වහාම වාර්තා කරන්න
ඔබගේ කාඩ්පත නැති වුවහොත් හෝ සැක සහිත ක්‍රියාවක් සිදුවන බවට හැඟුනහොත් ඔබේ බැංකුවට වහා දැනුම් දෙන්න. තවදුරටත් සොරකම් කිරීම වැළැක්වීම සඳහා ඔබේ කාඩ්පත අවහිර කළ හැකිය. ඔබේ බැංකුව පරීක්ෂණයක් ආරම්භ කරන අතරතුර ඔබට නව කාඩ්පතක් ලබා ගත හැකිය. නැතිවූ හෝ සොරකම් කරන ලද DFCC බැංකු ණය පතක් පිලිබඳ වාර්තා කිරීමට හෝ සැක සහිත ගනුදෙනුවක් පිලිබඳ වාර්තා කිරීමට කරුණාකර අපගේ 24/7 ක්ෂණික ඇමතුම් අංකය වන 011-2350000 අමතන්න.
ඔබගේ කාඩ්පත ආරක්ෂිතව තබා ගැනීම පහසුය. එයට අවශ්‍ය වන්නේ සුළු අනුකූලතාවක් හා උද්‍යෝගීභාවයක් පමණක් වන අතර ඔබ එය කරන්නේ නම් බොහෝ කරදර සහ බාධා කිරීම් වලින් ආරක්ෂා වනු ඇත. සුරක්ෂිතව වෙසෙමින් ජීවිතය භුක්ති විඳින්න! DFCC ක්‍රෙඩිට් කාඩ්පත් සසැඳුම මෙතැනින්.