Online ගනුදෙනු ආරක්ෂිතව කරන්නේ කෙසේද?
May 2, 2019
online සාප්පු සවාරි සහ බිල්පත් ගෙවීම අපූරු දෙයකි. ඒ ඔබට පහසු තැනක සිට දිවා හෝ රාත්‍රී ඕනෑම වේලාවක එය කළ හැකි බැවිනි. කෙසේ වෙතත් ඔබ ඔබේ නිවසේ හෝ කාර්යාලයේදි ආරක්ෂිතව online ගනුදෙනු කළ හැකිවුවත් online ගනුදෙනු සැමවිටම ආරක්ෂිත බව ඉන් අදහස් නොවේ. ඔබව මග තොටේදී හෝ වෙළඳසැලකදී කොල්ලකෑමට ලක් වීමක් වැනි අවස්ථාවකට මුහුණ පෑමට ඉඩ තිබේ යැයි සිතුවොත් එවන් විටෙක ඔබේ තොරතුරු සොරකම් කර ඔබේ අරමුදල් වෙත ප්‍රවේශ වීමට භාවිතා කළ හැකිය.
එමනිසා, ඔබගේ online ගනුදෙනු වලදී සුරක්ෂිත බව තහවුරු කර ගැනීම අත්‍යාවශ්‍ය වේ. මෙන්න ඒ සඳහා උපදෙස් කිහිපයක්.
ආරක්ෂිත සම්බන්ධතා පමණක් භාවිතා කරන්න
Yඔබට වෙබ් අඩවියකට පිවිසෙන විටම URL එක පරික්ෂා කිරීමෙන් ආරක්ෂිත බව හැකියි. URL එක ආරම්භ විය යුත්තේ ‘https’ සමඟ විය යුතු අතර ‘http’ යන්න ප්‍රමාණවත් නොවේ. ඔබට වෙබ් අඩවියකට ආරක්ෂිත (සංකේතාත්මක) සම්බන්ධතාවයක් ඇති බව සහතික කළ හැකිය. ඔබගේ සම්බන්ධතාවය ආරක්ෂිත බවට බ්‍රව්සරය විසින් යම් ආකාරයක ග්‍රැෆික් ආකාරයෙන්ද පෙන්වනු ඇත.
ආරක්ෂිත සම්බන්ධතාවයක් භාවිතා කිරීමෙන් ඔබ සහ ඔබ පිවිසෙන වෙබ් අඩවිය අතර යවන ලද සහ ලැබුණු තොරතුරු වෙත තෙවන පාර්ශවයකට ප්‍රවේශ විය නොහැකි බව සහතික කෙරේ. බොහෝ බ්‍රව්සර් මඟින් add-ons/extensions/plugins ලබා දෙන අතර එමඟින් සියලුම වෙබ් අඩවි ආරක්ෂිත සම්බන්ධතාවයක් හරහා ගබඩා කරන බවට සහතික වන අතර එය එසේ නොවේ නම් ඔබට දන්වනු ඇත.
සෑම විටම ආරක්ෂිත ජාලයක් භාවිතා කිරීම ඉතා වැදගත් වේ. ප්‍රසිද්ධියේ හා විවෘතව මූල්‍ය ගණුදෙණු නොකිරීමටත් පොදු හෝ විවෘත Wi-Fi ජාල වල හෝ ඔබට විශ්වාස නැති වෙනත් ජාලයකින් කිසි විටෙක මූල්‍ය ගනුදෙනු සිදු නොකිරීමටත් වග බලාගත යුතුය.
වෙබ් අඩවිය විශ්වාසදායක බව සහතික කරන්න
ඔන්ලයින් ගෙවීමකදි මොනයම් මොහොතක වුව ඔබේ පුද්ගලික තොරතුරු ලබා දීමට පෙර, ඔබ ගණුදෙණු කරන වෙබ් අඩවිය විශ්වාසී සහ ආරක්ෂිත වෙබ් අඩවියක්දැයි පරික්ෂා කරීමට වග බලා ගත යුතුය. ඔබට එම වෙබ් අඩවිය ගැන සැක සහිත නම්, සරල ගූගල් සෙවුමකින් එහි කීර්තිනාමය පිළිබඳ සොයා බැලිය හැක. එම වෙබ් අඩවිය විශාල හා ප්‍රසිද්ධ නාමයක් දරන්නක් වුවද URL එක නිවැරදි දැයි පරීක්ෂා කිරීමට වගබලා ගත යුතුය. විශේෂයෙන් ඔබ කෙලින්ම වෙබ් අඩවියට නොපැමිණ වෙනත් වෙබ් අඩවියකින් සබැඳියක් හරහා පැමිණියේ නම් ඔබ අනිවාර්යයෙන් ඒසේ කල යුතුය. විශ්වාස නොකරන වෙබ් අඩවියකට කිසි විටෙකත් ගෙවීමක් නොකල යුතු සේම ඔබේ ගෙවීම් විස්තර කිසිවෙකුට විද්‍යුත් තැපෑලෙන් ලබා නොදිය යුතුය. එසේම ecommerce වෙබ් අඩවි වෙත පිවිසිමේදි ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනයේ (email) සබැඳි හරහා ඒ වෙත පිවිසිම නොකල යුතුය. DFCC බැංකුව හෝ වෙනත් කීර්තිමත් මූල්‍ය ආයතනයක් හෝ වෙළෙන්දෙක් කිසි විටෙකත් ඔබව විද්‍යුත් තැපෑලෙන් හෝ දුරකථනයෙන් සම්බන්ධ කර ඔබේ පුද්ගලික තොරතුරු ඉල්ලන්නේ නැත.
ගනුදෙනු අධීක්ෂණය කිරීම
මෙම කාලවකවානුවේ අපි බොහෝ ගනුදෙනු සිදු කරමින් සිටි. එම ගනුදෙනු නිවැරදිව පවත්වාගෙන යාම දුෂ්කර කාර්යකි. එහෙත් එය කල යුතුව ඇත. අසාමාන්‍ය ගනුදෙනු නොමැති බව දැන ගැනීම සඳහා ඒවා පිළිබඳ සටහන් තැබීම හෝ දළ වශයෙන් ඒවා මතකයේ තබාගැනීමත් ඔබේ ගිණුම් ප්‍රකාශ නිතිපතා පරීක්ෂා කිරීමත් කළ යුතුය. අසාමාන්‍ය දෙයක් සිදුවන්නේ නම් වහාම විමර්ශනය කර ඔබේ බැංකුවට දැනුම් දෙන්න. ඔබේ කාඩ්පත හෝ ගිණුම මත ගනුදෙනුවක් සිදු වන සැනෙන් දැනගැනීමට කෙටි පණිවුඩ (SMS) / විද්‍යුත් තැපැල් ගනුදෙනු (email) හරහා දැනුම්දීම් ඇඟවීම් සක්‍රීය කර ගැනීම සඳහා ලියාපදිංචි වන්න.
ආරක්ෂිත මුරපද සහ ද්වි සාධක සත්‍යාපනය
කිසිවෙකු සංකීර්ණ මුරපද භාවිතයට කැමති නැත. නමුත් මුරපද සංකීර්ණ කිරීමෙන් අන්තර්ජාලය හරහා සිදුකරන ඕනෑම ගනුදෙනුවකදි ඔබට එම ගනුදෙනු ආරක්ෂිතව කර ගැනීමට හැකි වේ. මුරපද සංකීර්ණ කිරීමේදී කැපිටල් අකුරු සහ සිම්පල් අකුරු ආදියත් අහඹු ලෙස තෝරා ගත් සංකේත සහ අංක භාවිතයත් ඇතුළුව ඒවා හැකි තරම් සංකීර්ණ කිරීම වඩා හොඳය. තවත් ආරක්ෂිත ස්ථරයක් එක් කිරීමට හැකි සෑම අවස්ථාවකදීම සාධක සත්‍යාපනය භාවිතා කරන්න. කොතරම් විශ්වාසදායක වුවද ඔබගේ මුරපද හෝ පුද්ගලික තොරතුරු කිසිවෙකුට ලබා දීමෙන් වළකින්න.
වෙනත් පුද්ගලයින්ගේ උපාංග භාවිතා කළ පසු සියලු ඉතිහාස දත්තයන් මකා දමන්න
ගනුදෙනුවක් කිරීමට වෙනත් කෙනෙකුගේ පරිගණකයක් හෝ දුරකථනයක් භාවිතා කිරීමේදී ඔබට එම පුද්ගලයා කෙතරම් විශ්වාසදායක වුවත් දත්ත මකා දැමීමට වග බලා ගන්න. ඔබ සිදු කළ තොරතුරු ගබඩා කිරීම් සහ ශ්‍රව්‍ය දෘශ්‍ය සම්පත් ගොනු මකා දැමීම ඉතා ආරක්ෂිතය. ඔබ බ්‍රව්සරයෙන් ඉවත් වන විට ඔබ සම්බන්ධ හෝඩුවාවන් ඉවත් කර ඇති බව සහතික කිරීම සඳහා වෙබ් බ්‍රව්සරයේ හඳුනාගැනීමට අපහසු ප්‍රකාරයක් (incognito mode )භාවිතා කරන්න.
සිදුවිය හැකි නරකම දේ කුමක්ද?
ඔබගේ අවසරයකින් තොරව ඔබේ ණය / හර කාඩ්පත් හෝ වෙනත් බැංකු තොරතුරු අන්තර්ජාලය හරහා භාවිතා කර ඇති බවට ඔබට මොනයම් හෝ සැකයක් තිබේ නම් වහාම ඔබේ බැංකුව අමතන්න. අපගේ දුරකථන අංකය වන 011-2350000 ඔස්සේ සැක සහිත ගනුදෙනු හෝ නැතිවූ කාඩ්පත් හෝ පිළිබඳ වාර්තා කිරීමට DFCC බැංකුවේ 24/7 ක්ෂණික ඇමතුම් සේවාව වෙත දැනුම් දියය හැක. විෂමතාවයක් කලින් වාර්තා කළ විට ගැටළුව පහසුවෙන් විසඳා ගත හැකිය.