
Media Centre
Economic, social and environment development is deeply embedded in our values and informs how we conduct business, develop products and services and deliver on our goals and commitments.
ඔබේ පළමු නිවස සඳහා ආයෝජනය කිරීමේදී දැන ගතයුතු කරුණු
October 30, 2019

බොහෝ දෙනෙකුට ජීවිතයේ ඔවුන් එතෙක් මෙතෙක් කර ඇති විශාලතම හා වඩාත්ම කීර්තිමත් ආයෝජනය ඔවුන්ගේ පළමු නිවස මිලදී ගැනීම වනු ඇත. එනම් තමන්ට රිසිසේ නිදහසේ ආදරණීයන් සමග පවුලක් හා ජීවිතයක් ගොඩනගනු ලබන ඔබේම කුඩා මාලිගාවක හිමිකරුවකු වීම එයින් අදහස් වේ. .
DFCC බැංකුවේ නිවාස ණය මගින් ඔබේ එම සිහිනය යථාර්ථයක් කර ගත හැකි නමුත් ඔබ එය ආරම්භ කරන්නේ කොතැනින්ද?
වෙළඳපොළ පිළිබඳ ගවේෂණය කරන්න
මේ උත්සාහයේ පළවෙනි පියවර පුංචි සමීක්ෂණයක් කිරීම. නිවසක් මිලදී ගැනීම හැර ඔබට අවශ්‍ය වෙනත් දේවල් මොනවාද? ඔබ සොයන්නේ නිවසක් ද මහල් නිවසක්ද? ආයෝජන දේපලක් මිලදී ගැනීමට අනාගත සැලසුම් ඔබට තිබේද? ඔබ නිවස මිලදී ගැනීමට කැමති කොහෙන්ද? රැකියාවට සමීප තැනකින්ද? පාසලට හා විනෝදාස්වාදයට සමීප තැනක් විය යුතුද?
මෙවැනි ප්‍රශ්න ඔබ ඔබෙන්ම ඇසීය යුතු අතර මුලින් අන්තර්ජාලයෙන් ගවේෂණය කිරීම කළ හැක. එමඟින් ඔබට අවශ්‍ය දේ සහ ඔබ යා යුත්තේ කොතැනටද යන්න පිළිබඳ වඩා හොඳ අදහසක් ඔබට ලැබෙනු ඇත. වෙළඳපල පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම සඳහා ගෞරවනීය හා පිළිගත් දේපල වෙළඳාම්කරුවෙකු සමඟ කතා කරන්න.
ඔබට කොපමණ මුදලක් ණයට ගත හැකිද?
ඔබේ නව නිවසේ ආයෝජනය කිරීම සඳහා ඔබට ණයට ගත හැකි මුදල් ප්‍රමාණය ඔබගේ වර්තමාන ආදායම සහ වියදම් මත රඳා පවතී. ඔබ ණයට ගැනීමට බලාපොරොත්තු වන මුදල මත පදනම්ව ඔබේ මාසික ණය ගෙවීම් කොපමණ වේදැයි වඩා හොඳින් තේරුම් ගැනීමට අපගේ නිවාස ණය කැල්කියුලේටරය ඔබට උදව් කරයි. එයින් ඔබට ගෙවීමට පහසුවන පරිදි ණයට ගත හැකි මුදල කොපමණද යන්න පිළිබඳ හොඳ අදහසක් ලබා ගැනීමට හැකි වන අතර ඔබේ අයවැයට නොගැලපෙන දේපල දෙස බැලීමට කාලය නාස්තිවීමක් සිදු නොවනු ඇත.
සැබෑ පිරිවැය තේරුම් ගන්න
දේපලක් මිලදී ගැනීමේදී ඔබට බොහෝ වියදම් දැරීමට සිදුවේ. තැන්පතු / මූලික ගෙවීම් වලට අමතරව මුද්දර ගාස්තු වැනි දේ දරන්නට සිදුවීම, උකස් ආරක්ෂණ ප්‍රතිපත්තිය සහ පළාත් පාලන සහ /හෝ නාගරික රෙගුලාසි වලට අනුකූල වීම වැනි දේවල් එවැනි අමතරව යෙදෙන වියදම්ය. මෙම පිරිවැය පිළිබඳ අවබෝධ කර ගැනීම සහ ඒවා ඔබේ අයවැයට ඇතුළත් කිරීම තුළින් මේ ක්‍රියාවලිය හා සම්බන්ධව විය හැකි ඕනෑම අමිහිරි සිදුවීමකින් ඔබව ආරක්ෂා කරනු ඇත.
ඔබට රක්ෂණ සහ / හෝ ඇපකරුවන් අවශ්‍යද යන්න සලකා බැලිය යුතුය. ඇතැම් විට එය ඔබගේ පුද්ගලික වත්කම් අනුව අවශ්‍ය විය හැකිය. එවැනි අවශ්‍යතා ඔබට අදාළ වේද යන්න පිළිබඳව වැඩිදුර දැන ගැනීමට අපට කතා කරන්න.
තබා ගැනීම සහ ඉතුරු කිරීම
එය මුහුද අද්දර නිවෙසක් හෝ සුඛෝපභෝගී මහල් නිවාසයක් වේවා ඒ සඳහා තැන්පතුවක් /මූලික ගෙවීමක් කිරීමට ඔබ ඉතිරි කළ යුතුය. ඔබ මේ සඳහා අයවැයක් නිර්මාණය කර සෑම මසකම ස්ථාවර මුදලක් වෙන් කළ යුතුය. ඒ් සඳහා වෙනම ඉතුරුම් ගිණුමක් නිර්මාණය කිරීම සහ ඔබේ ඉතිරිකිරීම ස්වයංක්‍රීය කිරීම සඳහා ස්ථාවර නියෝගයක් සැකසීම ඔබට ඉමහත් පිටුවහලක් වනු ඇත.
ණය විකල්ප
වෙළඳපොල තුලින් බොහෝ නිවාස ණය සොයා ගත හැකි අතර ඒවා සියල්ලම විශිෂ්ට තේරීම් නොවන අතර ඔබට ගැලපෙන්නේ කුමක්දැයි සොයා ගන්න. අපගේ DFCC බැංකු නිවාස ණය ක්‍රමයෙන් ඔබට අඩු පොලී නිවාස ණය ලබා දෙන්නේ වසර 20 ක් දක්වා නැවත ගෙවීමේ කාල සීමාවක් සමඟින් ඔබට අවශ්‍ය සියලු නම්යශීලීතාවයන් සපුරාලමිනි.
ඔබ මතක තබා ගත යුතු තවත් දෙයක් නම් ඔබේ මාසික නිවාස ණය ගෙවීම ඔබගේ ශුද්ධ වැටුපෙන් 30%ක් නොඉක්මවීමට වග බලා ගැනීමයි. මෙසේ කිරීමෙන් ඔබට කිසි විටෙකත් මූල්‍යමය වශයෙන් ආතතියක් ඇති නොවන බවටත් අපේක්ෂිත හා අනපේක්ෂිත ලෙස සිදුවන වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නිදහසක් ඇති බවටත් සහතික විය හැකිය. විචල්‍ය හෝ ස්ථාවර පොලී අනුපාත ඔබ සොයා බැලිය යුතු තවත් දෙයකි. වෙළඳපල අනුපාතය කෙසේද යන්න මත පදනම්ව ඔබට මෙම තේරීම ඍණාත්මකව හෝ ධනාත්මකව බලපානු ඇත.
ඔබ සුදානම් වූ පසු ඔබට අප සමඟ කථා කර පූර්ව අනුමැතිය සඳහා ඉල්ලුම් කළ හැකිය. එවිට ඔබට සුදුසු දේපලක් හමු වූ විට විශ්වාසයෙන් යුතුව ඔබේ තීරණය ගත හැකිය.
නිවැරදි දේපළ සොයා ගැනීම
ඔබේ ණය මුදල ක්‍රියාත්මක වූ පසු සහ අනෙකුත් සියලු කටයුතු සිදු කළ පසු ඔබට ගැලපෙන දේපල සේවීම වේගවත් කළ හැකිය. හැකි තරම් ස්ථාන සොයා බැලීමට උත්සාහ කිරීමෙන් සහ වෙළඳපළ පිළිබඳව අවධානයෙන් සිටීමෙන් ඔබට යම් දේපළක් දකින විටම ඒ පිළිබඳ මනා තක්සේරුවක් ලබාගැනීමට හැකි වනු ඇත.
ඔබ නිවැරදි ස්ථානය සොයාගත් පසු එය සුරක්ෂිත කිරීමට ඉක්මණින් ක්‍රියා කරන්න. ඔබට යම් උපකාරයක් අවශ්‍ය ඕනෑම මොහොතක උදව් කිරීමට අපි සැදිපැහැදී සිටින්නෙමු. 011 2350000 අංකයෙන් අදම අප ඇමතීමෙන් හෝ අපෙන් විමසීමක් කිරීමෙන් අපගේ විකුණුම් කණ්ඩායම ඔබ හා සම්බන්ධ වනු ඇත.