DFCC එතෙර සවිය

DFCC එතෙර සවිය

ස්ථාවර ආදායම් ලබන්නන් සඳහා ලබාදෙන ණය යෝජනා ක්‍රමය (විදේශීය සේවක පිරිස සඳහා)

හැදින්වීම

හැදින්වීම

දකුණු කොරියාව, ඊශ්‍රායලය, ඉතාලිය, ජපානය වැනි රටවල සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ (G.C.C) රටවල විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටින පුහුණු සේවකයන් සඳහා ඔවුන් පිටත්වීමට අවශ්‍යවන වියදම් සහ ව්‍යාපාර සංවර්ධන අරමුණු සම්පූර්ණ කිරීම සඳහා නිර්මාණය කර ඇති විශේෂ ණය යෝජනා ක්‍රමයකි.

සුදුසුකම්

විදේශ රැකියා ලබා ගැනීමට අපේක්ෂිත සහ පුද්ගලික විදේශ මුදල් (PFC) ගිණුම් පවත්වාගෙන යන ශ්‍රී ලාංකික පුරවැසියන්.

අරමුණ

  • විදේශ රැකියා සඳහා දරන ලද වියදම් වැනි;
    • නියෝජිතායතන ගාස්තු
    • ගුවන් ගාස්තු පිරිවැය
    • ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය සඳහා අදාළ ගාස්තු
    • වෙනත් අදාළ වියදම්
  • නව ව්‍යාපාරයක් ආරම්භ කිරීම හෝ පවතින ව්‍යාපාරය වැඩි දියුණු කිරීම සඳහා

ණය මුදල

  • උපරිම රු. 3,000,000/- දක්වා

ආපසු ගෙවීමේ කාලය

  • මාස 3 සහන කාලය ඇතුළුව උපරිම මාස 36

ඇපකරය

  • පිළිගත හැකි පුද්ගලික ඇපකරුවන් දෙදෙනෙකු සමඟ රුපියල් 500,000/- දක්වා ණය මුදලක්
  • නිශ්චල දේපල උකසක් සමඟින් රුපියල් 500,001/- සිට රුපියල් 3,000,000/- දක්වා ණය මුදලක්

ණය මුදල අයදුම් කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි

  • ජාතික හැඳුනුම්පත / වලංගු රියදුරු බලපත්‍රය / වලංගු විදේශ ගමන් බලපත්‍රය
  • විදෙස් ලිපිනය තහවුරු කරගැනීමේ ලේඛන
  • වලංගු වීසා බලපත්‍රය
  • රැකියා කොන්ත්‍රාත්තුව හෝ ණය ගැනුම්කරුගේ පත්වීම් ලිපිය
  • ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) විසින් DFCC බැංකුව වෙත නිකුත් කරන ලද රැකියා තහවුරු කිරීමේ ලිපිය

නිතර අසන ප්‍රශ්න

01. මෙම ණය පහසුකම ලබා ගැනීමට මා සුදුසුකම් ලබන්නේද?

    • ඔබ ශ්‍රී ලාංකික පුරවැසියෙකු නම් සහ විදෙස්ගතව වැඩ කරීමට වලංගු වීසා බලපත්‍රයක් හිමි නම්, ඔබ ණය පහසුකමක් ලබා ගැනීමට සුදුසුකම් ලබයි.
02. මම ණයක් සඳහා අයදුම් කරන්නේ කෙසේද?

    • ඔබට ඔබ කැමති ශාඛාවකට ගොස් ඔබේ අවශ්‍යතා නිලධාරීන් සමඟ සාකච්ඡා කළ හැකිය.  ඔවුන් ඔබව දැනුවත් කර ඔබට අයදුම් කිරීමේ ක්‍රියාවලිය සඳහා මග පෙන්වනු ඇත.
03. ණය ලබා ගැනීම සඳහා වයස් සීමාවක් තිබේද?

    • ඔව්.  අයදුම් කරන අවස්ථාවේ ඔබ වයස අවුරුදු 24-60 අතර විය යුතුය.
04. ඒකාබද්ධව ණය මුදල අයදුම් කළ හැකිද?

    • ඔව්. උකස් කරන ලද දේපළ ශ්‍රී ලංකාවේ පදිංචි ආසන්නතම පවුලේ සාමාජිකයෙකුට අයිති නම්, ණය මුදල එම පුද්ගලයා සමඟ ඒකාබද්ධ ලෙස අයදුම් කළ හැකිය.
05. මෙම ණය යෝජනා ක්‍රමය ප්‍රතිපූරණය සඳහා අදාළ වේද?

    • ඔව්, ඔබට ඔබගේ විදෙස්ගත වීමේදී දරන ලද වියදම් ප්‍රතිපූරණය කළ හැක.
06. ණය පහසුකම ලබා ගැනීමට කොපමණ කාලයක් ගතවේද?

    • ණය ගැණුම්කරු අවශ්‍ය සියලුම ලියකියවිලි සහ තොරතුරු ඉදිරිපත් කරන්නේ නම්, සති 2ක් ඇතුළත ණය පහසුකම ලබා ගත හැකිය.
07. මම ආපසු ගෙවීම් කරන්නේ කෙසේද?

    • ආපසු ගෙවීම විදේශ මුදල් වලින් විය යුතුය. ණය ගැනුම්කරුගේ පුද්ගලික විදේශ මුදල් ගිණුමට (PFCA) එවන මුදල්, එම ගිණුම හරහා මාරු කිරීමෙන්.
08. ණය ගැණුම්කරුවන්ට තම ණය නියමිත කාලයට පෙර පියවිය හැකිද? එසේ වුවහොත්, පාරිභෝගිකයාට යම් වාසියක් තිබේද?

    • ඔව්, නමුත් මෙම අවස්ථාවෙහිදී, ණය ගැණුම්කරුවන්ගෙන් ගාස්තුවක් අයකර ගැනීමට අපේක්ෂා කරන අතර, එය ණය කොපමණ පැරණිද යන්න මත පදනම්ව වෙනස් වේ. මෙහිදී ණයෙහි අනාගත පොළිය ඉතිරි කිරීම හැර, විශේෂිත ප්‍රතිලාභයක් නොමැත.
09. වැඩි විස්තර ලබා ගැනීම සඳහා සම්බන්ධ කර ගත යුත්තේ කාවද?

    • වැඩි විස්තර සඳහා කරුණාකර අපගේ පැය 24 ඇමතුම් මධ්‍යස්ථානය 0112 3500000 අමතන්න හෝ ළඟම පිහිටි අපගේ ශාඛාවක් වෙත පැමිණෙන්න.

අප හා සම්බන්ධ වන්න

24×7 ක්ෂණික ඇමතුම් – 0112 350000