DFCC Green Loan

DFCC Green Loan

SLASSCOM සාමාජික සමාගම් සහ එම සමාගම්වල සේවකයින් සඳහා විශේෂ පොලී අනුපාත යටතේ සූර්ය පැනල සහ අනෙකුත් උපකරණ වැනි තිරසාර බලශක්ති උත්පාදන උපකරණ මිලදී ගැනීම සඳහා DFCC බැංකුව විශේෂ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත.

හැඳින්වීම

හැඳින්වීම

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය (IT/BPM) යනු විදේශ විනිමය ඉපයීමේ ඉහළම හැකියාවක් ඇති සේවා වලින් එකකි. IT/BPM කර්මාන්තය සම්බන්ධ ශ්‍රී ලංකාවේ ජාතික කාර්යාංශය වන ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමයෙහි (Sri Lanka Association for Software Services Companies – SLASSCOM) 2025 වර්ෂය සඳහා වන දැක්ම වන්නේ, අමෙරිකානු ඩොලර බිලියන 5ක ආදායමක් උත්පාදනය කිරීමයි. වත්මන් තත්ත්වය යටතේ මෙම කර්මාන්තයේ තිර පැවැත්මට සහ වර්ධනයට සහය පිණිස DFCC බැංකුව විසින් SLASSCOM සාමාජික සමාගම් සහ ඒවායෙහි සේවක සේවිකාවන් හට සුනිත්‍ය බලශක්ති උත්පාදනය කරන උපකරණ මිලදී ගැනීම සඳහා විශේෂ හරිත ණය සැලසුමක් හඳුන්වාදෙනු ලැබේ.

අරමුණ

  • නේවාසික හෝ වාණිජ අරමුණු උදෙසා භාවිත කළ හැකි, පද්ධතියට එක්ව/පද්ධතියෙන් පරිබාහිරව බලශක්ති උත්පාදන මෙවලම් මිලදී ගැනීම
  • මූල්‍ය පහසුකම් ලබාදීමේ දී සැලකිල්ලට ගනු ලබන්නේඋපකරණ වල පිරිවැය (බැටරි, ඉන්වර්ටර්, සූර්ය පැනල ආදිය) සහ සවි කිරීම් සඳහා වන ගාස්තු පමණි
  • මාස 3ක් ඇතුළත අදාළ වෙළඳ මහතුන්ට ගෙවීම් සිදු කර ඇති බවට සනාථ කිරීම් ඉදිරිපත් කිරීමට යටත් ව, එම මුදල් ආපසු ගෙවීම මෙම පහසුකම යටතේ සිදු කරනු ඇත
  • සැපයුම්කරු, දැනට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියෙහි ලියාපදිංචි වී තිබිය යුතුයි

සුදුසුකම්

වැටුප් ලබන සේවකයන්/වෘත්තිකයන් සඳහා

  • SLASSCOM සාමාජික ආයතනයක, ස්ථාවර ආදායමක් උපයන සේවකයකු විය යුතුයි
  • අවම මාසික ශුද්ධ ආදායම ශ්‍රී ලංකා රුපියල් 50,000/- (මූලික වැටුප + ස්ථාවර දීමනා) විය යුතුයි
  • අවම වශයෙන් එක් වසරක් අඛණ්ඩව සේවයේ නියුතු රැකියාවෙහි ස්ථිර සේවකයකු විය යුතුයි
  • විශ්‍රාම යන දිනට පෙර, ණය පහසුකම සම්පූර්ණයෙන්ම ගෙවා දැමීමට යටත්ව වයස, අවුරුදු 18ත් විශ්‍රාම යාමේ වයසත් අතර විය යුතුයි

SLASSCOM සාමාජික සමාගම් සඳහා

පවතින මාර්ගෝපදේශ මේ සඳහා අදාළ වේ.

ණය මුදල

  • උපරිම ණය මුදල – වැටුප් ලබන සේවකයන් සහ වෘත්තිකයන් – ශ්‍රී ලංකා රුපියල් මිලියන 5
  • SLASSCOM සාමාජික සමාගම් – ශ්‍රී ලංකා රුපියල් මිලියන 30

ව්‍යාපෘති පිරිවැයෙන් 80%ක් දක්වා මූල්‍ය පහසුකමක් මෙම සැලසුම යටතේ ලබාගැනීමට හැකිය.

ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගනුදෙනුකරුගේ මූල්‍ය දායකත්වයේ ප්‍රතිශතය පළමුව පෙන්වා දිය යුතු අතර, ඉතිරි මුදල සැපයුම්කරු වෙත ලබාදීමට බැංකුව භාර ගනු ඇත.

උපකරණ සවි කිරීමෙන් පසුව, ඉතිරි ගෙවීම සැපයුම්කරු වෙත සෘජුවම ගෙවනු ඇත.

පොලී අනුපාතිකය

වැටුප් ලබන සේවකයන් සහ වෘත්තිකයන්

  • අවුරුදු 6ක් දක්වා ස්ථාවර – 15.0% p.a.
  • විචල්‍ය – AWPLR + වාර්ෂිකව 3%

SLASSCOM සාමාජික සමාගම් සඳහා

  • අවුරුදු 6ක් දක්වා ස්ථාවර – වාර්ෂිකව 15.0%
  • විචල්‍ය – AWPLR + BBB සහ ඉහළ ඇගයුම් සඳහා 4%
  • විචල්‍ය – AWPLR + පහළ BBB ඇගයුම් සඳහා 4.5%

වත්කම් වගකීම් කමිටුව (Asset-Liability Committee – ALCO) තීරණ වලට අනුව පොලී අනුපාතික වෙනස්වීම් වලට යටත් වේ.

ණය කාලසීමාව/ආපසු ගෙවීමේ කාලය

2028.09.30 දිනට පෙර සම්පූර්ණ ණය මුදල ආපසු ගෙවීමට යටත් ව, උපරිම ණය කාලසීමාව අවුරුදු 6* වනු ඇත.

ඉදිරිපත් කළ යුතු ලේඛන

වැටුප් ලබන සේවකයන් සහ වෘත්තිකයන්

  • නිසි ලෙස සම්පූර්ණ කරන ලද ණය අයදුම්පත
  • පිළිගත් නීතිරීති සහ කොන්දේසි
  • ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපතක්
  • පසුගිය මාස 03ට අදාළ වැටුප් පත්‍රිකා වල මුල් පිටපත් / සහතික කළ පිටපත්
  • අදාළ වේ නම්, පසුගිය මාස 3 සඳහා විචල්‍ය ආදායම් පිළිබඳ ලේඛනගත සාක්ෂි
  • අයදුම්කරු පිළිබඳ ණය තොරතුරු කාර්යාංශ වාර්තාව
  • DFCC බැංකුව විසින් නිර්දේශිත සම්මත ආකෘති වලට අනුව සේවාදායක විසින් ආයතනයේ ලිපි ශීර්ෂයක සටහන් කර, සේවකයාගේ රැකියාව සහ වැටුප සනාථ කළ යුතු වේ
  • විකුණුම් මිල සහතික කරනු ලබන, සැපයුම්කරුගේ ඉන්වොයිසි පත්‍රයේ පිටපතක්

SLASSCOM සාමාජික සමාගම් සඳහා

ව්‍යාපාර ආදායම් ලබන සේවාදායකයන් සඳහා පවත්නා මාර්ගෝපදේශ අනුව.

ඊට අමතරව, සැපයුම්කරු විසින් විකුණුම් මිල සනාථ කරනු ලබන ඉන්වොයිසි පත්‍රයේ පිටපතක් ලබාගත යුතුයි.

අයදුම් කරන අයුරු

ළඟම පිහිටි DFCC ශාඛාව වෙත යන්න.

අප හා සම්බන්ධ වන්න

24×7 ක්ෂණික ඇමතුම් – 0112 350000