DFCC වර්චුවල් වොලට්

DFCC වර්චුවල් වොලට්

ඩීඑෆ්සීසී වොලට් යනු මුදල් සහ කාඩ්පත් රහිත අද්විතීය සේවාවක් වන අතර එමඟින් ඕනෑම තැනෙක ඕනෑම වේලාවක ඔබේ ජංගම උපාංග භාවිතා කරමින් පුළුල් පරාසයක මූල්‍ය හා මූල්‍ය නොවන ගනුදෙනු සිදු කළ හැකිය.

පාරිභෝගිකයා

පාරිභෝගිකයා

ආරම්භ කරන්නේ කෙසේද

ඔබට දැන් DFCC වර්චුවල් වොලට් සඳහා ලියාපදිංචි විය හැකිය

01 ක්‍රමය – හර කාඩ්පත හරහා ලියාපදිංචි වන්න

1. වර්චුවල් වොලට් යෙදුම බාගත කරගන්න.
2. “හර කාඩ්පත සම්බන්ධ කරවීම” විකල්පය තෝරන්න.
3. ඔබගේ ජංගම දුරකථන අංකය ඇතුලත් කරන්න.
4. ඉලක්කම් 16 කින් යුත් හර කාඩ්පත් අංකය ඇතුළත් කරන්න.
5. ඔබගේ හර කාඩ්පත් PIN අංකය ඇතුළත් කරන්න.

ඉහත විස්තර සත්‍යාපනය කළ පසු, ඔබට ලබා දී ඇති ජංගම දුරකථන අංකයට OTP අංකයක් ලැබෙනු ඇත.

6. OTP අංකය ඇතුලත් කරන්න, ඇතුලත් කළ OTP අංකය වලංගු වේ නම්, ඔබේ වර්චුවල් වොලට් ගිනුම නිර්මාණය වන අතර ආරම්භක පිවිසුම් PIN අංකය ඔබගේ ජංගම දුරකථන අංකයට යවනු ලැබේ. ”

02 ක්‍රමය – දැන් අයදුම් කරන්න විකල්පය හරහා ලියාපදිංචි වන්න

1. වර්චුවල් වොලට් යෙදුම බාගත කරගන්න.
2. “දැන් ඉල්ලුම් කරන්න” විකල්පය තෝරන්න.
3. ඔබගේ ජංගම දුරකථන අංකය සහ ඔබේ ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කරන්න.
4. “ඊළඟ” මත ක්ලික් කර විස්තර පුරවන්න.

අයදුම්පත තෝරාගත් ශාඛාව වෙත යොමු කරනු ලබන අතර බැංකු නිලධාරියෙකු ඔබ හා සම්බන්ධ වනු ඇත.

වොලට් විශේෂාංග

  • බිල් ගෙවීම්.
  • CEFT මඟින් බැංකු ගිනුම් අතර මුදල් හුවමාරුව.
  • CFET මඟින් වෙනත් බැංකු ණයපත් පියවීම.
  • මුදල් යවන්න.
  • මුදල් ඉල්ලන්න.
  • ණය කාඩිපත් සීමාව, පවතින ශේෂය,ගෙවීම් නියමිත දිනය,අවම ගෙවිය යුතු මුදල,Cash Back දීමනාව, පසුගිය මාස තුනක ණයපත් ප්‍රකාශනය.
  • අවසාන ගනුදෙනු 5 සමඟ සියලු ජංගම හා ඉතුරුම් ගිණුම්වල ශේෂයන් පරීක්ෂා කරන්න.
  • ස්ථාවර තැන්පතු ශේෂයන්, සේවා කාලය, පොලී අනුපාතය සහ කල්පිරීමේ දිනය පරීක්ෂා කරන්න.
  • ණය ශේෂයන්, නියමිත මුදල් සහ ඊළඟ ගෙවීම් දිනය පරීක්ෂා කරන්න.
  • ඕනෑම DFCC බැංකු ගිණුමක් සමඟ අරමුදල් මාරු කිරීම.
  • අරමුදල් ප්‍රභවයන් කළමනාකරණය කරන්න.
  • කැමතිම ගනුදෙනු සඳහා අන්වර්ථ නාමයක් එක් කිරීමේ විකල්පය.

සුදුසුකම්

  • ශ්‍රී ලාංකීය පුරවැසියෙකු විම
  • දුරකථන සම්බන්ධතාවය සහිත ස්මාර්ටට් දුරකථනයක් තිබීම
  • අවුරුදු 18ට වැඩි වීම

වෙළඳසැල්

වෙළසැල් සඳහා ලැබෙන වරප්‍රසාද

  • ගනුදෙනු සඳහා වන  පිරිවැය අඩුවීම 
  • එවලේම මුදල් ලැබීම
  • අමතර ගෙවීම් බාරගැනීමේ ක්‍රමවේදය
  • මුදල් කළමණාකරනය පහසු වීම
  • සීග්‍ර සහ ලියකියවිලි රහිතව ගෙවීම් කළ හැකිවීම
  • වැඩි ගනුදෙනු කරුවන් ප්‍රමාණයකට ලඟාවීමේ හැකියාව
  • ඔබගේ ජංගම දුරකථනයෙන් ඕනෑම තැනක ඕනෑම මොහොතක ගනු දෙනු කළ හැකිවීම
  • විකුනුම් ස්ථානය සමග ඒකාබද්ධවූ මුහුනට මුහුන ගනුදෙනු
  • පැය 24 පාරිභෝගික සේවය
  • ගිණුමේ ශේෂය පරික්ෂාව
  • ගනුදෙනු සහා ‍කෙටිපණිවිඩ ඇඟවීම්
  • වෙබ් අඩවිය සමග ඒකාබද්ධ වූ ඊ කොමර්ස් ගනුදෙනු පහසුකම

වෙළඳ  ස්ථාන කාණ්ඩයන්

  • සුපිරි වෙළඳසැල් 
  • සෞඛ්‍ය සහ රූපලාවන්‍ය 
  • අවන්හල්
  • ඇඳුම් පැළඳුම්
  • ඔන්ලයින් ‍ වෙළඳසැල් 
  • ඉලේක්ට්‍රෝනික
  • සංචාරක

සුදුසුකම්

  • ශ්‍රී ලාංකීය පුරවැසියෙකු විම හෝ මෙරට ලියාපදිංචි ව්‍යාපාරයක් තිබිම.
  • බැංකුව සමග ජංගම හෝ ඉතිරිකිරීමේ ගිණුමක් පවත්වාගෙන යාම.

DFCC වොලට් බාගත කරගැනිම

නිතර ඇතිවන ගැටළු

නියමයන් සහ කොන්දේසි

අයදුම්පත්‍ර බාගන්න

How to Get Onboarded

How to Onboard Videos

Transaction Limits

Transaction Type Maximum Per Transaction Value (Rs.) Per Day Transaction Limit (Rs.) Per Day Transaction Count