Enterprise Sri Lanka – ජය ඉසුර

“Enterprise Sri Lanka” ය‍ටතේ
සහන පොලී සැලසුම් ව්‍යාපෘති -ජය ඉසුර

ජය ඉසුර

ජය ඉසුර

පහත දැක්වෙන ක්ෂේත්‍රයන් ව්‍යාප්ත කිරීම සඳහා 

සුදුසුකම් ලබන ක්ෂේත්‍රයන්

කෘෂි කර්මාන්ත, විසිතුරු මසුන් නිෂ්පාදනය, පශු සම්පත්, මල්වැවීම, උද්‍යාන අලංකරණය, අලෝක ඉංජිනේරු තාක්ෂණ, පින්තාරුකිරීම, සංචාරක, හස්ත කර්මාන්ත, ඇඟලුම්, තොරතුරු තාක්ෂණ, නිෂ්පාදන ක්ෂේත්‍රය සහ පුනර්ජනනීය බලශක්ති ක්‍‍ෂේත්‍ර

ණය ලබාගැනීමට සුදුසුකම් ලබන්නන්

ලියාපදිංචි වූ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන්

  • කුඩා (කාණ්ඩ 1) – වාර්ෂික පිරිවැටුප – රුපියල් මිලියන 10 සිට මිලියන 250 දක්වා – සේවකයන් 5-50
  • මධ්‍ය (කාණ්ඩ 2) – වාර්ෂික පිරිවැටුප – රුපියල් මිලියන 250 සිට මිලියන 750 දක්වා – සේවකයන් 51-300

සුදුසුකම් ලබන සෙසු ව්‍යපෘති

  • ස්ථාවර වත්කම් මිලදී ගැනීම(ඉඩම්-ගොඩනැගිලි හැර)
  • ගොඩනැගිල්ලක් ඉදිකිරීම
  • තාක්ෂණික වැඩිදියුණු කිරීමකට ආයෝජනය
  • කාර්ය මණ්ඩලය වැඩිකරගැනීමට

උපරිම සෙසු ණය අගය

  • කාණ්ඩ 1   : දේශීය වෙළඳපොළ – රුපියල් මිලියන 50, අපනයන වෙළඳපොල රුපියල් මිලියන 100
  • කාණ්ඩ 2   : දේශීය වෙළඳපොළ – රුපියල් මිලියන 200, අපනයන වෙළඳපොල රුපියල් මිලියන 400

පොලී අනුපාතය

අනුමත ණය සඳහා ස්ථාවර පොලී අනුපාතය

  • කාණ්ඩ 1 : 6.93% වාර්ෂික පොලී අනුපාතය (රජයේන් 50% දායකත්වය ලබාදීමෙන් පසු)
  • කාණ්ඩ 2 : 10.40% වාර්ෂික පොලී අනුපාතය (රජයේන් 25% දායකත්වය ලබාදීමෙන් පසු)

ණය ගෙවීම් කාලය

වසර 7ක් දක්වා (දීර්ඝ කිරීම් කාලය ද ඇතුළත්ව)