හදිසි සහන
නිතර සිදුවන ස්වභාවික විපත් පිළිබඳ අවධානය යොමුකරමින් එම තර්ජිත ප්‍රදේශ සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම සහ ඔවුන්ට සහනය ලබාදෙන භාණ්ඩ සහ සේවා ලබාදීම වෙනුවෙන් DFCC බැංකුව ඉදිරියට පැමිණ තිබේ.
ස්වභාවික විපතක් සිදුවූ අවස්ථාවලදී හදිසි සහන ලබාදීම උදෙසා DFCC බැංකුව ඉතා සක්‍රීයව දායකත්වය ලබාදුන් අතර අවශ්‍ය මූල්‍ය ප්‍රදානයන් සහ සහන සේවා කඩිනමින් ලබාදීමට කටයුතු කළේය.
2017 මැයි ගංවතුරෙන් හානියට පත් පාසල් සඳහා උපකාර කිරීම
2017 මැයි මාසයේදී ගංවතුරෙන් විපතට පත් පාසල් 6ක් හඳුනාගැනීමෙන් පසුව එම පාසල් වල දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ බෙදාදීම සිදුවිය. රත්නපුර මිහිඳු විද්‍යාලය, කලවාන ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය, දෙනියාය ලංකාගම – ලංකාගම ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය යන පාසල් වලට මෙම ප්‍රදානයන් සිදුකළේය. මාතර ප්‍රාථමික විදුහලට සහ වේරගම්පිටිය ඕල්කට් ආදර්ශ පාසලට ඩුප්ලෝ යන්ත්‍ර දෙකක් සහ කළුතර දියගම විද්‍යාලයට පුටු 300ක් ලබාදීම DFCC බැංකුව විසින් සිදුකළේය.
ගංවතුරෙන් හානියට පත් පාසල් සඳහා උපකාර කිරීම
ගංවතුරෙන් විපතට පත් පාසල් 6ක් හඳුනාගැනීමෙන් පසුව DFCC බැංකුව විසින් ජුනි මාසය ඇතුළත රත්නපුර මිහිඳු විද්‍යාලයේ දරුවන් 360කට පාසල් සපත්තු වවුචර්, පාසල් බෑග්, නිල ඇඳුම් සහ පාසල් පොත් සහ කලවාන ගාමීණි මධ්‍ය මහා විදුහලේ දරුවන් 181 දෙනෙකුට පාසල් සපත්තු වවුචර් බෙදාදෙනු ලැබීය.
ගංවතුර ආපදාව නිසා DFCC බැංකුවේ සහනාධාර ලබාදුන් තෙවැනි පාසල වූයේ දෙණියාය, ලංකාගම, ලංකාගම කණිෂ්ඨ පාසලයි. දෙණියායේ සිට වාහනයකින් පැය දෙකක පමණ කාලයක් ගතවන අබලන් වූ මාර්ග සහිත ඉතාම දුෂ්කර ප්‍රදේශයක පිහිටි මෙම පාසලේ 1 වසරේ සිය 13 වසර දක්වා සිසු සිසුවියන් 162ක් පමණක් අධ්‍යාපනය ලබයි. මෙම පාසලේ ඉගෙනුම බලන සියලුම දරුවන්ට ජුලි මස 5 දින පාසල් සපත්තු වවුචර්, පාසල් බෑග්, සහ නිල ඇඳුම් ලබාදීම සිදුවිය.
මාතර ප්‍රාථමික විදුහලට සහ වේරගම්පිටිය ඕල්කට් ආදර්ශ පාසලට ඩුප්ලෝ යන්ත්‍ර දෙකක් බැංකුව විසින් පරිත්‍යාග කළ අතර කළුතර දියගම විද්‍යාලයට පුටු 300ක් ලබාදුන්නේය.
මෙම වැඩසටහන් වලදී DFCC බැංකුවේ කළමනාකරුවන් සහ සේවක මණ්ඩලය විශේෂ සහයක් දැක්වීය.
සහණය
කොස්ගම ඇතිවූ ගින්නෙන් සහ වෙනත් ප්‍රදේශවල පැවති ගංවතුරෙන් හානියට පත් පුද්ගලයන් වෙනුවෙන් “සහණය” නම් ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට DFCC බැංකුව කටයුතු කළේය. ව්‍යාපාරික, අධ්‍යාපනික, නිවාස සහ පෞද්ගලික ලෙස මෙම ණය යෝජනාවලියෙන් ණය ලබාගත හැක.
7% ක සහනදායී පොළී අනුපාතයකට
- පෞද්ගලික ණය
- නිවාස ණය
- අධ්‍යාපනික ණය
ගංවතුරෙන් අවතැන් වූ වැටුප් ලබන පුද්ගලයන් හට 7% ක සහනදායී පොළී අනුපාතයක් යටතේ පෞද්ගලික ණය, නිවාස ණය, අධ්‍යාපනික ණය මේ හරහා ලබාගත හැක. ඔවුන් ලබන වැටුප් ප්‍රමාණය මෙන් හය ගුණයක ණයක් අයදුම් කිරීමේ හැකියාව ඇති අතර මාස 36ක සහන කාලයක් තුළ වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව උදාකරයි.
ව්‍යාපාරික ණය
සක්‍රිය ප්රාග්ධනය සහ වත්කම් විනාශවීම් නැවත ගොඩනංවා ගැනීම උදෙසා පළමු වසරේදී පමණක් 8% අඩුකළ සහනදායී පොළී අනුපාතයකට ව්‍යාපාරික ණය යෝජනා ක්‍රමයක් ඇති අතර පළමු වසරෙන් පසු පොළිය පවතින පරිදි වෙනස්වන නමුත් වසර 5ක් දක්වා නැවත ගෙවීමේ සහන කාලයක් හිමිවේ.
2350000 අංකය අමතා හෝ ළඟම ඇති DFCC ශාඛාවට පැමිණ මෙම සහනදායී දීමනා පිළිබඳව විස්තර දැනගත හැක.
2015 දී උතුරේ ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් විපතටපත් පවුල් 100කට සහනාධාර ලබාදීම
DFCC බැංකුවේ උතුරු පළාත් කලාපීය කළමනාකරු සරවනපවන් රවීන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් DFCC උතුරු කලාපයේ සේවක කණ්ඩායම වාතරවරෙයි ගමෙහි අවතැන් වූ පවුල් 100කට සහනාධාර සැපයීය.
2015 දී උතුර කලාපයට ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් විපතටපත් පවුල් 100කට සහනාධාර ලබාදීම
DFCC බැංකුවේ උතුරු පළාත් කලාපීය කළමනාකරුගේ ප්‍රධානත්වයෙන් DFCC උතුරු කලාපයේ සේවක කණ්ඩායම වාතරවරෙයි ගමෙහි අවතැන් වූවන්ට සහන සැළසීය. දැඩි වර්ෂාපතනය හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය නිසා ප්‍රදේශය හානි සිදුවූ අතර පවුල් ගණනාවක් අවතැන් විය.
ආහාර නොමැති පවුල්වලට සේවක මණ්ඩලය බිස්කට් පැකට් ලබාදීම සිදුකළ අතර පවුල් 100කට සහනාධාර වශයෙන් මදුරු දැල් බෙදාදීම ද සිදුවිය.
2015 නේපාල විපතේදී සහනාධාර දීම
නේපාල භූකම්පනයෙන් විපතට පත් ජනතාවට මූලික අවශ්‍යතා යැවීමට DFCC බැංකුවේ සාමාජිකයන් සිය දායකත්වය ලබාදුන්නේය. නේපාලයේ පුනර්ජනනී බලශක්තිය සංවර්ධනය කිරීම වෙනුවෙන් සමීප සබඳතාවක් ගොඩනඟාගත් බැංකුව නේපාලයට සහනාධාර යැවීම වෙනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ එකමුතු වී වැඩකළේය.
උතුරු මැද කලාපයේ ගංවතුර සහනාධාර සැපයීම
2014 වසරේ මාස 9 ඇතුළත සිදුවූ දරුණු ගංවතුර තත්ත්වයන් මිලියන 1.5 ශ්‍රී ලාංකිකයන්ට හානි වූ අතර මූලික ජීවන අවශ්‍යතා සහ ආහාර අහිමි වීම් වලින් 70000ක් පමණ පීඩා වින්දේය. අනුරාධපුර, කඳුරුවෙල, මොණරාගල ආදී නගරවල හදිසි ආධාර ලබාදිය යුතුයැයි හඳුනාගත් ස්ථාන වලට DFCC බැංකු ශාඛාවල සේවකයන් ගොස් අවතැන් වූ පවුල් 1000ක් පමණ සොයාබලා ඔවුන්ට අවශ්‍ය පානීය ජලටැංකි, වියළි ආහාර ආදිය ලබාදීම සිදුකළේය.
කොස්ලන්ද නායයාමට සහන ලබාදීම
කොස්ලන්ද නායයාම නිසා පීඩාවට පත් ජනතාවට සහන ලබාදීම වෙනුවෙන් සහනාධාර වැඩසටහනක් DFCC බැංකුව විසින් ආරම්භ කළේය. 2000කට පමණ නේවාසික සහන ලබාදුන් පූනාගල අවතැන් වූවන්ගේ කඳවුරේ නිලධාරීන් අතට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම මෙහිදී සිදුවිය.
ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) විසින් ප්‍රවර්ධනය කරන තිරසර බැංකුකරණ මූලිකත්ව වැඩසටහන් වලදී DFCC බැංකුව සක්‍රිය චරිතයක් නිරූපණය කරයි. ජර්මනියේ DEG, ඕස්ට්‍රේලියාවේ OeEB, ප්‍රංශයේ Proparco සහ නෙදර්ලන්තයේ FMO අරමුදල් සැපයූ වැඩසටහන් අදියර 1 යටතේ ශ්‍රී ලංකාවට තිරසර බැංකු මූලධර්ම 11ක් පිළිපැදීම සපථකරමින් ශ්‍රී ලාංකික බැංකු 17ක් සමඟ ඒකාබද්ධ සහයෝගීතාවකට අත්සන් තැබීය. AVP – අදියර II යටතේ ශ්‍රී ලංකාවේ සියලු බැංකු අතර ක්‍රියාවට නැංවිය යුතු තිරසර මූලධර්ම ලෙස “බැංකුවක තිරසර බව වෙනුවෙන් ක්රියාකරන්නා මූලික කණ්ඩායමේ සාමාජිකයෙකි.” නම් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක (SDGs) සැපිරීමට බැංකුව කැපවෙයි. සමෘද්ධිය, සමානාමත්තාව සහ තිරසර ලෝකයක් ගොඩනැංවීම වෙනුවෙන් යහපත් අධ්‍යාපනයක්, පුනර්ජනනීය බලශක්ති, හොඳ රැකියා, ආර්ථික වර්ධනයක්, අසමානතාව අවම කිරීම, තිරසර නගර සහ සමාජයන් නිර්මාණය, දේශගුණික ක්‍රියාකාරකම් සහ භූමියේ ජීවිතය යහපත් කිරීම ආදී වූ විවිධ (SDGs) ඉලක්ක සපුරාලීමට සිය වැඩසටහන් උපයෝගී කොටගනිමින් වෙහෙසෙයි.