DFCC Pinnacle

DFCC Pinnacle

සාර්ථකත්වයේ ඉහළට ළඟාවීම වෙනුවෙන් ඔබව අසීමිත වූ මූල්‍ය අත්දැකීමක් සමඟින් DFCC Pinnacle වෙත සාදරයෙන් පිළිගනිමු. DFCC Pinnacle යනු නවීනතම මෙන්ම සුවිශේෂී බැංකු අත්දැකීමක් වන අතර, එමගින් පෞද්ගලික මෙන්ම විවිධත්වයකින් යුතු සේවාවන් රැසක් සමඟින් ඔබව සාර්ථකත්වයේ ඉහළටම යාමට විවිධ අවස්ථාවන් හිමිකර දී ඇත.

Hi, I am Shera Hassen

Head of Pinnacle

We take great pleasure in inviting you to become a Pinnacle client at DFCC Bank PLC, and enjoy the Pinnacle banking facilities, rewards, and high level of service experience. Pinnacle Banking is an exclusive membership that offers a range of private banking products and services to suit your requirements with exceptional portfolio and relationship management.

Our multidisciplinary team of professionals with commercial banking expertise and synergies of our financial services group enable us to offer innovative and seamless banking and other financial solutions on capital markets, wealth management, insurance and estate planning and legal services to support both local and offshore clientele.

We extensively study your portfolio to provide customized financial solutions to best suit your requirements and assure that your journey with us will continue to be rewarding and renowned. With presence over 139 branch network across the Island you have access to transact smoothly and conveniently supported by the specialized dedicated Pinnacle team.

Click to see Pinnacle Centre RMs

DFCC Pinnacle හි විශේෂත්වය සහ ප්‍රතිලාභ

DFCC Pinnacle හි විශේෂත්වය සහ ප්‍රතිලාභ

ඔබගේ සේවාවන් සැපයීම වෙනුවෙන් කැපවූ අපගේ බැංකු ශාඛා වලදී ඔබටම වෙන්වූ අපගේ සම්බන්ධතා කළමනාකාරවරයෙකු මාර්ගයෙන් පෞද්ගලික තලයේ සේවාවක් සැපයීම DFCC Pinnacle හි අරමුණයි. මෙම සේවාව ඔස්සේ පාරිභෝගිකයකු ලෙස ඔබට සුවිශේෂී පහසුකම් සහ ප්‍රතිලාභ සැපයීමට හැකිවීම සම්බන්ධයෙන් අප සතුටට පත්වෙමු.

ආරම්භක තැන්පතු මුදලකින් තොරව ඔබ කැමති ඉතිරිකිරීමේ ගිණුමක් විවෘත කරන්න.

ජංගම ගිණුම

  • ආරම්භක තැන්පතු අවශ්‍ය නොවේ.
  • ගිණුම සඳහා අවම ශේෂයක් අවශ්‍ය නොවේ.
  • ගිණුම් අතර ස්වයංක්‍රීය මුදල් කළමනාකරන හැකියාව.

*ආරම්භක තැන්පතුවකින් තොරව විවෘත කරන ඕනෑම ගිණුමකට දින 30 ක් ඇතුළත අරමුදල් සැපයිය යුතුය.

ඩෙබිට් කාඩ්

  • අනුපූරක සන්නම් නාම සහිත ඩෙබිට් කාඩ්පත නොමිලේ ලබා ගත හැකිය.
  • POS ගනුදෙනු සීමාව රු. 200,000 / – ක් දක්වා වැඩිකර ඇත.
  • දිනකට මුදල් ආපසු ගැනීමේ සීමාව රු. 200,000 / – ක් දක්වා වැඩිකර ඇත.
ඕනෑම DFCC බැංකුවකින් හෝ Lanka pay ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ඔස්සේ නොමිලේ මුදල් ආපසු ලබා ගැනීමේ අවස්ථාව.

ක්‍රෙඩිට් කාඩ්
පිරිනමන දීමනා

  • සෑම වියදම් කිරීමකදීම මුදලින් 1% ක මුදල් ආපසු දීමනාවක්.
  • ඉන්ධන, උපයෝගිතා බිල්පත්, ආහාර-පාන, ගුවන් සංචාර, සංචාර නියෝජිත ආයතන සඳහා සහ විදේශයන්හිදී කෙරෙන වියදම්වලින් අතිරේක 2% ක මුදල් ආපසු
    දීමනාවක්. (අතිරේක මුදල් ආපසු ලැබීම් සඳහා නියමිත කාණ්ඩවලට අයත් වෙළඳ ආයතනවලදී ගනුදෙනු සිදු කළ යුතු බව කරුණාවෙන් සලකන්න.)

ගමන් බිමන් භාවිතය සඳහා

  • ‘Lounge Key’ හරහා ලොව පුරා ඇති 900 කට අධික ඕනෑම ගුවන් තොටුපලක විවේකාගාර පහසුකම් වෙත පිවිසීමේ පහසුකම ලබා දෙන අනුග‍්‍රහ සාමාජිකත්වය.
  • වර්ෂයකට ගුවන් තොටුපලක විවේකාගාර පහසුකම් වෙත නොමිලේ අනුග‍්‍රහ පිවිසීම් 04 ක් ලබා ගැනීමේ අවස්ථාව.
  • අනුග‍්‍රාහී ගමන් රක්ෂණය.
  • මාස්ටර්කාඞ් ගමන් බිමන් හා ජීවන රටා සේවාවන් වෙත පිවිසීමේ පහසුකම.
  • මාස්ටර්කාඞ් විදේශීය ආගන්තුක උපකාරක සේවා වෙත පිවිසීමේ පහසුකම
  • Flexiroam හරහා ගෝලීය දත්ත රෝමිං පහසුකම.
  • ගුවන් ගමන් ප‍්‍රමාද වීමකදී භාවිතා කළ හැකි මාස්ටර්කාඞ් ගුවන් ගමන් ප‍්‍රමාද වීමේ බලපත‍්‍රය.
  • Mastercard Priceless (මාස්ටර්කාඞ් ප‍්‍රයිස්ලස්) වෙත පිවිසීමේ පහසුකම සඳහා මෙම ලින්ක් එක ක්ලික් කරන්න

ජීවන රටා භාවිතය සඳහා

  • පිනකල් ඩයිනිං වැඩසටහන
  • රු. 25,000 /- සිට රු. 200,000 /- ක් දක්වා සිදුකරන ගෙවීම් සඳහා මාස 6 ක් දක්වා පොළී රහිතව ආපසු ගෙවීමේ අවස්ථාව ***
  • රු. 200,000 /- සිට රු. 2,000,000 /- ක් දක්වා සිදුකරන ගෙවීම් සඳහා මාස 12 ක් දක්වා පොළී රහිතව ආපසු ගෙවීමේ අවස්ථාව ***
    *** (ඉන්ධන, මුදල් අත්තිකාරම්, කැසිනෝ හා සූදු සඳහා පහසු ගෙවීමේ ක‍්‍රම සැලසුම් වලංගු නොවේ)
    සැකසුම් ගාස්තුවක් අය කෙරෙනු ඇති අතර කරුණාකර ක්‍රෙඩිට් කාඩ් ගාස්තු වෙත පිවිසෙන්න.
  • පිනකල් කාඩ්පත් දරන්නන් සඳහා වර්ෂය පුරාවටම විශේෂයෙන් සකස් කරන ලද ප‍්‍රතිලාභ හා විශේෂ දීමනා

මූල්‍යමය භාවිතය සඳහා

  • ජීවිත කාලය පුරාවට නොමිලේ ලබා දෙන පිනකල් වර්ල්ඩ් මාස්ටර්කාඩ් ක්‍රෙඩිට් කාඩ්පත.
  • පිනකල් පාරිභෝගිකයන් සඳහාම ලබා දෙන විශේෂ ක්‍රෙඩිට් කාඩ්පත් පොළී අනුපාතිකයක්.
  • සිදුකරන ගනුදෙනු පිළිබඳ විස්තර නොමිලේ ලබාගැනීමේ අවස්ථාව.

නොමිලේ ඩිජිටල් බැංකු පහසුකම්

  • ඔබගේ සියලු ගනුදෙනු පිළිබඳව කෙටි පණිවුඩ මගින් දැනුම්දීම.
  • මාසිකව විද්‍යුත් ප්‍රකාශන ලබා දීම.
  • විද්‍යුත් බැංකු පහසුකම් සඳහා ප්‍රවේශය.
  • DFCC Virtual Wallet සඳහා ප්‍රවේශය.
  • DFCC Virtual Wallet භාවිතයෙන් අමතර ගාස්තු රහිතව අත්‍යවශ්‍ය බිල් ගෙවීමේ හැකියාව.

අමතර ප්‍රතිලාභ

  • DFCC Pinnacle පාරිභෝගිකයින් සඳහා 24X7 ඇමතුම් මධ්‍යස්ථානයක් (011 235 0011).
  • Boardroom භාවිත කිරීමේ පහසුකම.
  • Margin Trading පහසුකම.

සුදුසුකම්

පහත සඳහන් නිර්ණායකයන් අතුරින් එකක් සම්පූර්ණ කිරීමෙන් ඔබට DFCC Pinnacle විසින් පිරිනමනු ලබන විශේෂාංග සහ ප්‍රතිලාභ භුක්ති විඳීමේ හැකියාව ඇත.

  • රු. 500,000/- ක අවම මාසික ශුද්ධ ආදායමක් DFCC ගිණුමකට ප්‍රේෂණය විය යුතුයි.
  • ශ්‍රී ලංකාවේ රුපියල් වලින් හෝ එම මුදලට සමාන විදේශීය මුදල් වලින් රු. 10,000,000 / – ක තැන්පතුවක් තිබිය යුතුයි.
  • උකස් වටිනාකම රු. 40,000,000/- ඉක්මවූ වත්කම්.
  • පවුල – කාලත්‍රයාට රු 5,000,000 කට වැඩි තැන්පතු තිබීම.

අයදුම් කලයුතු අයුරු

අංක 87, හෝර්ටන් පෙදෙස, කොළඹ 07 හි ඇති DFCC Pinnacle බැංකු මධ්‍යස්ථානයට පිවිසෙන්න. නැතහොත් වැඩි විස්තර සඳහා 0112 350011 අමතන්න.

නියමයන් සහ කොන්දේසි

DFCC Pinnacle Walkthrough