ගෙවීම් සහ මුදල්ය කටයුතු සඳහා DFCC බැංකුව තෝරා යුත්තේ ඇයි?
May 24, 2019
නූතන ආයතනික සංවිධානයන්ට අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇත. එහෙත් බැංකු හා ගෙවීම් පහසුකම් සඳහා මෙය අදාළ නොවේ. මක්නිසාද යත් DFCC බැංකුවේ අපගේ විප්ලවීය ගෙවීම් සහ මුදල් කළමනාකරණ විසඳුම වන DFCC iConnect අප ඔබ වෙත ඉදිරිපත් කර ඇති බැවිනි.
.
අති නවීන අංග සම්පූර්ණ ගෙවීම් සහ මුදල් කළමනාකරණ පද්ධතියක් වන DFCC iConnect එක් එක් පාරිභෝගිකයාගේ තනි අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සකස් කර ඇත. මෙම පද්ධතිය නිර්මාණය කර ඇත්තේ ඕනෑම ප්‍රමාණයේ හෝ පරිමාණයේ සමාගමක් සඳහා පහසුවෙන් යොදා ගත හැකි පරිදිය.
DFCC iConnect සේවයට ඔබේ සංවිධානය වෙනුවෙන් කළ හැකි දේ
වෙන කවරදාකටත් වඩා ලෝකය එකිනෙක සමඟ සම්බන්ධ වී ඇති අතර සම්ප්‍රදායික බැංකුකරණයේ කාර්යභාරයද වෙන කවරදාටත් වඩා වේගයෙන් වෙනස් වීමත් සමඟම DFCC iConnect බොත්තමක් ක්ලික් කිරීමෙන් බැංකුවක කාර්යභාරය ඔබ වෙත ගෙන එයි. DFCC iConnect සමඟ සමාගම්වලට ඔවුන්ගේ එදිනෙදා ගනුදෙනු සඳහා වූ බැංකුකටයුතු ස්වයංක්‍රීයව කර ගත හැකි අතර දේශීයව හා ජාත්‍යන්තර වශයෙන් ගෙවීම් හා තොරතුරු ලබා ගැනීමට හැකි වේ. සියලුම එකතු කිරීම් සහ ගෙවීම් යාවත්කාලීනව, තත්‍ය කාලීනව අධීක්ෂණය කිරීම මේ පද්ධතිය මගින් සිදුවේ. සතියේ දින 7 පුරා විසිහතර පැය මෙහෙයුම් ක්‍රියාකාරිත්වයකින් වසරේ දින 365 පුරා මෙය ක්‍රියාත්මක වේ.
DFCC iConnect සේවාව වෙන් වෙන්ව සකසන්නේ කෙසේද?
DFCC iConnect හි වඩාත් සිත්ගන්නාසුලු අංගයක් වන්නේ ඩිජිටල් තැන්පතු ගිණුම් (DDA) සේවාවයි. මෙමගින් බැංකු ප්රකාශනවල නිවැරදි පිළිබිඹුවක් තහවුරු කරගැනීම සඳහා යොමු කේත අවශ්‍ය නොවන අතර ගෙවන්නන් ස්වයංක්‍රීයව හඳුනා ගැනීමට හැකිවීමෙන් එකතු කිරීම් පහසුවෙන් සොයා ගැනීමට හැකි වේ. ගෙවන්නන්ට යොමු අංක නිකුත් කිරීම වෙනුවට එක් එක් ගෙවන්නාට අභිමතකරණය කළ ඩිජිටල් තැන්පත් ගිණුමක් [DDA ]නිකුත් කරනු ලබන අතර එම ගිණුමට ඉක්මනින් ගෙවීමක් නොලැබෙන විට එය ප්‍රකාශයේ පිළිබිඹු විය හැකිය. මූල්‍ය නිලධාරීන්ට මෙමගින් හොඳම තීරණ ගැනීමට භාවිතා කළ හැකි වඩාත් ප්‍රයෝජනවත් හා කාලෝචිත දත්ත ලබා දේ.
DFCC iConnect හි සැපයුම්දාම මූල්‍ය වේදිකාවක් සහිත පූර්ණ ඒකාබද්ධ මූල්‍ය සැපයුම්දාම කළමනාකරණ (FSCM) පද්ධතියක් ද ඇතුළත් වේ. එහිදී ගණුදෙණුකරුවන්ට සහ සැපයුම්කරුවන්ට ඉන්වොයිස් පියවීම සඳහා සෘජු සැකසුම් (STP)යාන්ත්‍රණයන් සමඟ අවසානය දක්වා මූල්‍යමය විසඳුමක් ලැබේ.
වැඩි වැඩියෙන් ජංගම දුරකතන භාවිතා වන ලෝකයේ DFCC iConnect විශේෂිත iConnect යෙදුම හරහා පුළුල් හා විස්තීර්ණ ජංගම සහාය සහ විශේෂාංග ලබා දෙන අතර එමඟින් මූල්‍ය අධීක්ෂණය සහ ගනුදෙනු කරගෙන යාම සඳහා ඉඩ ලබා දේ. එමෙන්ම ඊටම ඇතුලත් ජෛවමිතික සත්‍යාපනයෙන් සහ නවතම කර්මාන්ත සම්මත ආරක්ෂණ අංගයන්ගෙන් මෙම වේදිකාව සම්පූර්ණයෙන්ම සුරක්ෂිත කර ඇත.
ඔබගේ කාර්ය ප්රවාහයන් විධිමත් කිරීමට උදව් කිරීම
මූල්‍යමය දෘෂ්ටි කෝණයකින් බලන කල ආයතනයකට පිරිවැය ඉතිරි කිරීමේ අවස්ථාවන් කාර්යක්ෂමව හඳුනා ගැනීම, කාරක ප්රාග්ධනය ප්රශස්ත කිරීම සහ තත්‍ය කාලීන ද්‍රවශීලතාවය බැලීමට වඩා වැදගත්වන දේවල් කිහිපයක් තිබේ. සංකේතාත්මක ගෙවීම් උපදෙස් ස්වයංක්‍රීයව ගෙන්වා ගැනීමට ඉඩ සලසන අංගසම්පූර්ණ හා ආරක්ෂිත සෘජු H2H නාලිකාවක් හරහා ඔබේ සංවිධානයේ ව්‍යවසාය සම්පත් සැලසුම් කිරීම (ERP) පූර්ණ ලෙස ඒකාබද්ධ කළ හැකි බැවින් ඒ සියල්ල සහ තවත් බොහෝ දේ කිරීමට DFCC iConnect ඔබට ඉඩ දෙයි. අතින් වැඩ කිරීම සහ ක්‍රියාවලි අනුපිටපත් කිරීම අහෝසි වීම මඟින් ඔබේ වැඩ ප්‍රවාහය විධිමත් කිරීමටත් සහ ඵලදායිතාවය ඉහල නැංවීමටත් මෙය උපකාරී වේ.
ගෙවීම් ක්‍රියාවලීන් විධිමත් කිරීම සහ කිසි විටෙකත් සීමාවන් නොමැති සේවාවක් ලබාදෙන බව සහතික කිරීම සඳහා පාරිභෝගිකයින්ට ඔවුන්ගේම චෙක්පත් තම ස්ථානයේදීම මුද්‍රණය කිරීමට ඉඩදීමට අපි නම්‍යශීලී වන්නෙමු. SLIPS / CEFTS / RTGS සහ TT වැනි අනෙකුත් සියලුම බැංකු ගෙවීම් සඳහා බැංකු ශාඛා වෙත යෑමේ අවශ්‍යතාවය ඉවත් කරමින් එම ගෙවීම් ඔබ සිටිනා තැන සිටම ඉලෙක්ට්‍රොනිකව ගෙවීමේ පහසුව සලසා ඇත.
කර්මාන්ත සම්මත ආරක්ෂාව
DFCC iConnect විසින් පහසුකම් සපයනු ලබන මෙහෙයුම් වල ඉතා වටිනා හා සංවේදී ස්වභාවය නිසාම ආරක්ෂාව සැමවිටම අපගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම සිටී. ගනුදෙනුකරුවන් සහ ඩීඑෆ්සීසී බැංකුව අතර ඇති සියලුම දත්ත සම්ප්‍රේෂණයන් ආරක්ෂා කරනු වස් නවතම කර්මාන්ත සම්මත ආරක්ෂාව සහ රහස් සංකේතාංකන ක්‍රියාවලියකින් මෙම පද්ධතිය සමන්විත වේ. අපගේ පද්ධති නවතම SFTP, SSL සංකේතනයන් සමඟ සුරක්ෂිත කර ඇති අතර ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන අමතර ආරක්ෂක ඉල්ලීම් සඳහාද පහසුකම් සපයා දේ.
ඔබ DFCC iConnect ලබා ගන්නේ කෙසේද?
+94 (0) 112310542 / + 94 (0) 112310543 දුරකතන අංකයන්ට සෘජුව ඇමතීමෙන් හෝ සතිය පුරා ක්‍රියාත්මක වන අපගේ විසිහතර පැය සම්බන්ධතා මධ්‍යස්ථානයට 0112350000 හරහා ඇමතීමෙන් වැඩි විස්තර දැනගත හැකි අතර අපගේ නියෝජිතයින් ඔබේ කාර්යාලය වෙත පැමිණ ඔබේ අවශ්‍යතා සඳහා සකස් කළ විසඳුම් යෝජනා කරනු ඇත.