පෞද්ගලිකත්වය පිළිබඳ ප්‍රතිපත්තිය

අපගේ පෞද්ගලිකත්වය පිළිබඳ ප්‍රතිපත්තිය

ඔබේ දත්ත සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ වැදගත්කම DFCC බැංකුව සම්පූර්ණයෙන්ම අවබෝධ කරගෙන ඇති අතර අපගේ පෞද්ගලිකත්වය පිළිබඳ ප්‍රතිපත්තිය මෙතැනින් සොයා ගන්න.

හැඳින්වීම

බැංකුවෙන් ලබාගත් සේවාවන් නොසලකා ගනුදෙනුකරුවන්ගේ තොරතුරු වල සුරක්‍ෂිතභාවය සහ රහස්‍යභාවය සහතික කිරීමට DFCC බැංකු පීඑල්සී කැපවී සිටී. ඔබගේ දත්ත ආරක්ෂා කිරීමේ වැදගත්කම අපි සම්පූර්ණයෙන්ම වටහාගෙන ඇති අතර ඔබේ දත්ත රඳවා තබා ගැනීම සහ භාවිතය පාලනය කරන නියමයන් සහ කොන්දේසි ඔබ වටහාගෙන ඇති බවට සහතික කර ගැනීමට අපි කැමැත්තෙමු.

තොරතුරු රැස් කිරීම සහ භාවිතය

ඔබේ පාරිභෝගිකයා හඳුනා ගැනීමේ ප්‍රතිපත්තියට අනුකූලව, ඔබේ නම,විද්‍යුත් තැපැල් ලිපිනය, තැපැල් ලිපිනය,ජංගම දුරකථන අංකය,බැංකු ගිණුම් අංකය, උපන් දිනය, ගනුදෙනු විස්තරය සහ ගනුදෙනු ඉතිහාසය ඇතුළු තොරතුරු වලට පමණක් සීමා නොවී බැංකුව විසින් යම් පෞද්ගලික තොරතුරු ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. . මෙම තොරතුරු එක්රැස් කරනු ලබන්නේ ඔබේ ගනුදෙනු සහ බැංකු සම්බන්ධතාවය තහවුරු කිරීම සඳහා වන අතර ඔබව හඳුනාගෙන පහසුවෙන් ඔබව සම්බන්ධ කර ගැනීමට භාවිතා කරනු ඇත.

ලොග් දත්ත සහ පුද්ගලිකව හඳුනාගත නොහැකි තොරතුරු

බොහෝ වෙබ් අඩවි වල මෙන්ම, ඔබ ඩීඑෆ්සීසී බැංකු පීඑල්සී සතු සහ ක්‍රියාත්මක වන වෙබ් අඩවියක් හරහා පිවිසෙන සෑම විටම ඔබගේ බ්‍රව්සරය හෝ උපාංගය විසින් එවන ලද ඇතැම් තොරතුරු ඔබගේ අයිපී ලිපිනය, බ්‍රව්සර් වර්ගය, සංචාරය කළ පිටු , දිනය සහ වේලාව ඇතුළු තොරතුරු අප විසින් රඳවා ගනු ඇත. විද්‍යුත් බැංකුකරණය පාලනය කරන නීති සහ ක්‍රියා පටිපාටිවලට අනුකූලව අපගේ වෙබ් අඩවි සහ යෙදුම් ඔබට වඩාත් ප්‍රයෝජනවත් කිරීමේ අරමුණින් මෙම තොරතුරු ග්‍රහණය කරගනු ඇත.

සන්නිවේදන

ප්‍රවර්ධන අරමුණු සඳහා, ඇඟවීම් සහ දැන්වීම් ලබා දීම සඳහා අපට ලබා දී ඇති සම්බන්ධතා තොරතුරු අප විසින් භාවිතා කළ හැක.

සුරක්ෂිතභාවය

ඔබ අපගේ අන්තර්ජාල බැංකු පිවිසුමට හෝ වර්චුල් වොලට් පද්ධතියට හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික තළයක් වෙත පිවිසෙන සෑම අවස්ථාවකම උපරිම ආරක්ෂාව සඳහා ඔබගේ පිවිසුම් සහතිකය සංකේතාත්මක ස්වරූපයෙන් ඔබගේ උපාංගයෙන් අපගේ සේවාදායකයන්ට සම්ප්‍රේෂණය කරනු ලැබේ. ආරක්ෂිත සොකට් ලේයර් (එස්එස්එල්) සංකේතනය සාමාන්‍යයෙන් මෙම අරමුණු සඳහා භාවිතා කරනු ලැබේ, නමුත් මෙම තොරතුරු වල  ආරක්ෂාව 100% බැංකුවට සහතික කළ නොහැකි බව මතක තබා ගත යුතුය.

තවද, ඔබගේ පිවිසුම් සහතිකය සුරක්ෂිතව රඳවා ගැනීමේ වගකීම ඔබ සතුව ඇත. ස්වයංක්‍රීය ඉවත්වීම, අඛණ්ඩ මුරපද වෙනස් කිරීමේ අවශ්‍යතා සහ අවම මුරපද ශක්තිය වැනි ආරක්ෂිත පියවරයන් බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර මේවා සියලු පරිශීලකයින් විසින් පිළිපැදිය යුතුය.කිසිදු ඉල්ලීමක් නොකළ සන්නිවේදනයක (අකුරු, දුරකථන ඇමතුම් හෝ විද්‍යුත් තැපැල් පණිවිඩ හා ඉල්ලුම් නොකළ ලිපි හුවමාරුව ඇතුළුව) බැංකුව කිසි විටෙකත් පරිශීලකයන්ගේ මුරපද ඉල්ලා සිටින්නේ නැත. ඔබගේ පිවිසුම් සහතිකය අඩපණ වී ඇතැයි ඔබ විශ්වාස කරන්නේ නම්, කරුණාකර වහාම +94 112 350000 අමතන්න.

මෙම රහස්‍යතා ප්‍රතිපත්තියේ වෙනස්කම් සඳහා

DFCC බැංකුවේ මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය ඔබගේ ආරක්ෂාව අපට වඩාත්ම වැදගත් සාධකය වීමත් සමඟ වෙනස් වේ. නවතම රහස්‍යතා ප්‍රතිපත්තිය පිළිබඳව ඔබව හුරු කර ගැනීම සඳහා නිතිපතා DFCC බැංකුවේ ආයතනික වෙබ් අඩවියට පිවිසෙන්න.

අප සම්බන්ධකර ගන්න

ඩීඑෆ්සීසී බැංකු පීඑල්සී
73/5, ගාළු පාර,
කොළඹ 3.
ශ්‍රී ලංකාව.

සම්බන්ධතා අංක

දුරකථන: (94) -011-2442442, (94) -011-2371371, (94) -011-2350000ෆැක්ස්: (94) -011-2440376