DFCC Prestige

DFCC Prestige

ඔබ මේ වන විටත් ජීවිතයේ උසස් ජයග්‍රහණ ලබාගත් අයෙක්. දැන් අවස්ථාව එළඹී ඇත්තේ තවත් ඉහළ ඉලක්ක හඹා යාමටයි. අපගේ උත්සාහය ඒ සෑම පියවරකදීම ඒ සඳහා ඔබට සහය වීමයි. ඔබේ මුල්‍ය කටයුතු නිසි පරිදි කළමනාකරණය කර ගනිමින් සාර්ථකව ඉදිරියට යාමට සහ මග පෙන්වීමට, පහසුකම් රැසක් DFCC Prestige මගින් ලබා දීමට අපි සූදානම්.

සුදුසුකම්

සුදුසුකම්

DFCC Prestige සාමාජිකයෙකු වීම සඳහා පහත සඳහන් සුදුසුකම් අතරින් එකක් සපුරාලිය යුතුයි.

  • රු. 150,000 සිට රු. 449,999 දක්වා ශුද්ධ මාසික වැටුප DFCC‍ ඉතුරුම් හෝ ජංගම ගිණුමකට බැර වීම.
  • ඉතුරුම් තැන්පතු රු. 2,500,000 ට වඩා වැඩි වීම.
  • රු. 3,500,000 ට වැඩි පුද්ගලික ණයක් ලබා තිබීම.
  • රු. 5,000,000 ට වැඩි නිවාස ණයක් ලබා තිබීම.

ප්‍රතිලාභ සහ වරප්‍රසාද

ඉතුරුම් ගිණුම් සඳහා ලැබෙන වාසි

  • DFCC Prestige ඉතුරුම් ගිණුම් යටතේ ගනුදෙනුකරුවෙකුට ඕනෑම වර්ගයක ඉතුරුම් ගිණුමක් ආරම්භ කළ හැකියි.
  • මූලික මුදලක් නොමැතිව ගිණුම් ආරම්භ කර, ගිණුම ඇරඹූ දින සිට දින 30ක් ඇතුළත පළමු වැටුප ගිණුමට බැර විය යුතුයි.

ජංගම ගිණුම් සඳහා ලැබෙන ප්‍රතිලාභ

  • ගිණුමක් ආරම්භ කිරීමට මූලික තැන්පතුවක් අවශ්‍ය නොවේ.
  • අවම ශේෂයක් පවත්වා නොගැනීමේ ගාස්තු අය නොවේ.
  • පිටු 25ක් සහිත පළමු චෙක් පොත නොමිලේ.
  • ගිණුම් අතර මුදල් හුවමාරු පහසුකම්.

ක්‍රේඩිට් කාඩ්පත්

  • නිකුත් කිරීමේ ගාස්තු සහ වාර්ෂික ගාස්තු රහිතව, ඔබ වෙනුවෙන්ම සැකසූ කාඩ්පතක්.
  • රු. 5,000ට වැඩි සියලූම වියදම් සඳහා 1% කෑෂ්බැක් දීමනාවක්
  • ඉන්ධන සඳහා 3% කෑෂ්බැක් දීමනාවක්.
  • සේවා සැපයුම්කරු වෙත සෘජුවම කරනු ලබන උපයෝගිතා බිල්පත් ගෙවීම් සඳහා 3% ක මුදල් ආපසු දීමනාවක්.
  • රු. 25,000 සිට රු. 1,000,000 දක්වා ඕනෑම ගනුදෙනුවක් සඳහා මාස 06ක වාරික සැලසුම් සඳහා 0% පොලිය.
  • ක්‍රේඩිට් කාඩ් පතෙන් ගෙවන විට, ගුවන් ටිකට්පත් වෙනුවෙන් ආපසු පැමිණීමද ඇතුළත්ව ගමන් වාර රක්ෂණ ආවරණයක්.
  • Lounge Key සේවාවෙන් ලොව ඕනෑම ගුවන් තොටුපලක විවේකාගාරයක් වෙත වසරකට එක් වරක් නොමිලේ පිවිසීමේ අවස්ථාව.

ඩෙබිට් කාඩ්පත්

  • නිකුත් කිරීමේ සහ වාර්ෂික ගාස්තු රහිතයි.
  • ගනුදෙනු කිරීමේ සීමාව වැඩි කර ඇත.
  • උපරිම මුදල් ප්‍රමාණයක් ආපසු ලබාගත හැක.

පුද්ගලික ණය

  • සහනදායී පොලී අනුපාතයන් යටතේ පුද්ගලික ණයක් ලබා ගැනීමේ හැකියාව.

ඩිජිටල් බැංකු සේවා

  • DFCC‍ බැංකුවේ DFCC Virtual Wallet සහ (Online) බැංකු සේවා නොමිලේ.
  • අපගේ නවතම ගනුදෙනු කිරීමේ යෙදුම DFCC PAY පහසුකම නොමිලේ.
  • SMS සේවාව නොමිලේ.
  • විද්‍යුත් ගිණුම් ප්‍රකාශන සේවාව නොමිලේ.
  • සේවා ගාස්තු රහිතව බිල්පත් ගෙවීමේ පහසුකම.

DFCC MYSPACE ස්වයංක්‍රීය බැංකු සේවා

  • දිවයින පුරා පිහිටි ඕනෑම DFCC හෝ LankaPay ATM යන්ත්‍රයකින් අමතර ගාස්තුවලින් තොරව මුදල් ගැනීමේ හැකියාව.

අමතර ප්‍රතිලාභ

  • පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථාන සේවාව +94 11 235 0022 ඔස්සේ.

අයදුම් කරන ආකාරය

නියමයන් සහ කොන්දේසි