
DFCC සමූහය
DFCC සමූහය නිර්මාණ කිරීම සඳහා සම්බන්ධවී ඇති ආයතන හඳුනාගන්න.
2006 වසරේ දී බැංකුවේම උපඅංශයක් ලෙස ස්ථාපිත කළ අතර එයින් බැංකු, ප්‍රග්ධන වෙළඳපොළ, රක්ෂණ සහ ආසියාව පුරා සිදුකරන ගනුදෙනු සඳහා අවශ්‍ය නව්‍ය තාක්ෂණික විශේෂාංග සහ සේවා නිර්මාණය කිරීම සිදුකරයි. ව්‍යාපාරික විශේෂඥයන්, විසඳුම් නිර්මාපකයන්, මෙහෙයුම් කළමනාකරණ කණ්ඩායමක් සහ අන්තර්ජාල domain පිළිබඳ පුළුල් විශේෂඥතාවයක් මඟින් තාක්ෂණික සේවා ලබාදීමක් මෙහි දී සිදුකරයි. බැංකුවේ ඇති සාඩම්බර උරුමය මතින් අපේ සේවාවල ස්ථාවරත්වය, ආරක්ෂාව සහ උසස් තත්ත්වය සහතික වී තිබේ.

ලබාදෙන සේවා:
විශේෂඥ උපදෙස්
- තාක්ෂණික උපදේශනය
- ක්‍රමවේද උපදේශනය
- BPO & ඇමතුම් මධ්‍යස්ථාන ස්ථාපනය සහ මෙහෙයුම් ක්‍රියාවලිය නිර්මාණ උපදේශනය
සේවා කළමනාකරණය
- ව්‍යාපාර ක්‍රමවේද ගෙන්වාගැනීම
- දත්ත මධ්‍යස්ථාන කළමනාකරණ විසඳුම් ලබාදීම
- ASP &Hosted සහ අගය එකතුකළ සේවා
- ආපදා ප්‍රතිසාධන විසඳුම්
- ඇමතුම් මධ්‍යස්ථාන නිර්මාණය
ව්‍යාපාරික විසඳුම්
- ජීවචක්ර යෙදවුම් කළමනාකරණය
- යෙදවුම් නිර්මාණය
- යෙදවුම් ක්‍රියාවට නැගීම
- සහය සහ නඩත්තුව
ලිපිනය
540, නාවල පාර,රාජගිරිය,
ශ්‍රී ලංකා.
දුරකථනය : +94(011)2880770
විද්‍යුත් ලිපිනය :marketing@synapsys.lk
වෙබ් අඩවිය : www.synapsys.lk
LINDEL ලෙස ප්‍රචලිතව ඇති Lanka Industrial Estates පුද්ගලික ආයතනය උපායමාර්ගික වශයෙන් වැදගත් සපුගස්කන්ද ප්‍රදේශයේ අක්කර 125ක භූමි භාගයක ස්ථාපිත කරතිබේ. කොළඹ වරායට (18කි.මී) සහ ජාත්‍යන්තර ගුවන් තොටුපළට ආසන්නව පිහිටා ඇති මෙම කර්මාන්ත කලාපය ශ්‍රී ලංකාවේ වඩාත් ඉහළ පහසුකම්වලින් යුත් කර්මාන්ත පවත්වාගැනීමට ඉඩ ලබාදෙන සුදුසු භූමියකි. දැනට ක්‍රියාත්මකවන 19ක් වූ නිෂ්පාදන පහසුකම්වලින් 5ක්ම Fortune 500 Companies පවත්වාගෙන යන අතර කාර්මාන්ත භූමියෙන් 80%ක කර්මාන්ත ක්‍රියාත්මක කිරීම සඳහා දැනටමත් කුලියට ලබාදී ඇත.

ලිපිනය
Lanka Industrial Estates Ltd,පට්ටිවිල පාර, සපුගස්කන්ද, මාකොළ,
ශ්‍රී ලංකා.
දුරකථන : +94 (011) 2 400318, +94 (011) 2 400319,
+94 (011) 2 400320, +94 (011) 2400532
ෆැක්ස් : +94 (011) 2 570321, +94 (011) 5 738446
විද්‍යුත් ලිපිනය: lindel@itmin.net
2004 වසරේ දී DFCC බැංකුවේ පූර්ණ අයිතිය ඇතිව ආරම්භ කළ DFCC Consulting (DCL) ආයතනය මූලික වශයෙන් පුනර්ජනනීය විදුලි උත්පාදන ක්ෂේත්රයට උපදේශණ සේවා සපයයි. මෙම ආයතනයේ කාර්යභාරය නිපුණත්වය මූල්‍ය ඇගයීම් කාර්යයන් සිදුකිරීම, අරමුදල් මූලාශ සහ පාලනය මෙන්ම ආයෝජකයන්ට හෝ අදාළ වැඩබිම් සංවර්ධනය කරන අයට අරමුදල් සැපයීම වේ.

සේවා ලබාදීම්
- නව ව්‍යාපෘති සඳහා සක්‍යතා වාර්තා සහතික කිරීම/මුල්‍ය නිපුණත්වය ලබාදීම
- පවතින ව්‍යාපෘති සඳහා මුල්‍ය නිපුණත්වය ලබාදීම
- නව සහ පවතින ව්‍යාපෘති සඳහා මුල්‍ය සක්‍යතාවය ලබාදීම
- හර ප්‍රග්ධන නැග්ම කළමනාකරණය
- නිපුණතාවයෙන් යුත් කාර්යයක් කිරීමට ව්‍යපෘති වාර්තා සකස් කිරීම සහ සොයාබැලීම
- අවශ්‍යතවය පරිදි හැඩගැන්වූ මුල්‍ය උපදේශන සේවා ලබාදීම
ලිපිනය
DFCC Consulting පුද්ගලික සමාගම,73/5,
ගාලු පාර,
කොළඹ 03,
ශ්‍රී ලංකා.
දුරකථන අංකය : +94(11)2442442
ෆැක්ස් : +94(11)2337278
විද්‍යුත් ලිපිනය: info@dfccbank.com
ජාතික වත්කම් කළමනාකරණ සීමාසහිත සමාගම (NAMAL) 1991 වසරේ ශ්‍රී ලංකාවේ දී ස්ථාපිත කළ වසර 24ක් පුරා අත්දැකීම් සම්භාරයක් මෙන්ම මූල්‍ය වත්කම් ආයෝජනය සහ ස්ථාවර වත්කම් වෙළඳපොලේ සාර්ථක තොරතුරු වාර්තා ගොනුවක් පවත්වාගන්නා මූල්‍ය ක්ෂේත්රයේ පුරෝගාමියෙකි. ශ්‍රී ලංකාවේ අවසර ලැබීම සඳහා ඉදිරිපත් කළ මුල්ම මුල්‍ය ඒකක භාරය (National Equity Fund) සහ අවසරලත් මුල්ම මුල්‍ය ඒකක භාරය (NAMAL Acuity Value Fund) හඳුන්වාදීමේ මූලිකත්වය ගෙන කටයුතු කළේය.
NAMAL ආයතනය විසින් ඒකක භාර 8ක් කළමනාකරණය සහ පෞද්ගලික වත්කම් කළමනාකරණ සේවා සිදුකරයි.

ලිපිනය
අංක 7, ග්ලේන් ඇබර් පෙදෙස, කොළඹ 03, ශ්‍රී ලංකා.දුරකථන අංක : +94 (011) 2 445911
විද්‍යුත් ලිපිනය : info@namal.lk
වෙබ් අඩිවිය: www.namal.lk