DFCC සැලරි ප්ලස්

DFCC සැලරි ප්ලස්

ජීවිතයේ සාර්ථකත්වය සොයමින් ඔබ වෘත්තීය ජීවිතයට ඇතුළු වන මොහොතේදී, නැණවත් පියවරක් ඉදිරියට තබමින් 'DFCC සැලරි ප්ලස් ' ගිණුමක් ආරම්භ කරන්න. එය ඵලදායී මූල්‍ය සේවාවන් රැසක් ඔබ වෙත සමීප කරනු ඇත.

ප්‍රතිලාභ

ප්‍රතිලාභ

  • ඉතිරි කිරීමේ ගිණුම:
    • මෙම ක්‍රමවේදය යටතේ ඕනෑම ආකාරයක ඉතුරුම් ගිණුමක් ආරම්භ කළ හැකි ය.
    • ගිණුම ආරම්භ කළ දිනයේ සිට දින 30 ක් ඇතුළත වැටුප ගිණුමට බැර වන්නේ නම්, කිසිදු මූලික තැන්පතුවකින් තොරව ගිණුම ආරම්භ කළ හැකි වේ.
  • ජංගම ගිණුම:
    • ගිණුම ආරම්භ කිරීමට මූලික තැන්පතුවක් අවශ්‍ය නැත.
    • අවම ශේෂය පවත්වා ගැනීමේ ගාස්තු අය නොකෙරේ.
    • ශේෂය ඉතුරුම් ගිණුමකට මාරු කිරීමේ හැකියාව ඇත (Account sweep-in facility).
  • ඩෙබිට් කාඩ්පත් සඳහා මූලික ගාස්තුව අය නොකෙරේ.

සුදුසුකම්

ඉහත සඳහන් ප්‍රතිලාභ හිමිවීමට නම්, අවම වශයෙන් රු. 25,000/- ක වැටුපක් DFCC ගිණුමට බැර විය යුතු ය

අවශ්‍ය ලිපිලේඛන

  • ජාතික හැඳුනුම්පතේ පිටපතක්
  • සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
  • දැනට පදිංචි ලිපිනය ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනයෙන් වෙනස් වන්නේ නම්, ලිපිනය තහවුරු කිරීමේ සාක්ෂියක් (උදා: දුරකථන බිල්පතක්, ජල හෝ විදුලි බිල්පතක්)

නියමයන් හා කොන්දේසි

අයදුම් කළ යුතු ආකාරය

ඩිජිටල් බැංකුකරණ සේවාවන්

  • SMS Alerts පහසුකම නොමිලේ
  • අන්තර්ජාල බැංකුකරණ පහසුකම නොමිලේ
  • විද්‍යුත් ගිණුම් ප්‍රකාශ නොමිලේ
  • ජංගම බැංකුකරණ පහසුකම සමග DFCC Virtual Wallet සේවාව නොමිලේ