නිවාස ණය

නිවාස ණය

ඔබේ ජීවිතයේ නව නිවසක සිහිනයේ හිස්තැන DFCC බැංකුවේ නිවාස ණය සමඟ පුරවාගන්න. නිවසක් ඉදිකරන්න, මිලදී ගන්න හෝ මහල් නිවාසය හෝ ඔබේ නව නිවස අලුත්වැඩියා කරගන්න අපෙන් ඔබට සහයක්. අපි හැමෝගෙම බැංකුව DFCC බැංකුව ඔබේ සිහින නිවස සැබෑවක් බවට පත්කරගන්න කැපවීමෙන් කටයුතු කරයි.

සුදුසුකම්

සුදුසුකම්

නිවාස ණයක් ගැනීම සඳහා සෑම පුද්ගලයෙකුම රුපියල් 30000ක අවම මාසික ආදායමක් ලැබිය යුතු හෝ අනෙකුත් සියලු ජීවන වියදම් දරමින් මාසිකව ඇති නිවාස ණය වාරිකය ගෙවීමට හැකියාවක් තිබීම යුතුය. තොරතුරු පෝරමය පුරවන්න.

පහත අරමුණු සඳහා නිවාස ණය ලබාගත හැක

  • ඔබේ  නව නිවස සාදාගැනීම‍ට, මිලදී ගැනීමට හෝ අලුත්වැඩියා කරගැනීමට
  • ඉඩමක් මිලදී ගැනීමට
  • මහල් නිවසක් මිලදී ගැනීමට
  • පවතින නිවස පුළුල් කිරීමට හෝ සම්පූර්ණ කිරීමට
  • පවතින නිවස වැඩිදියුණු කිරීමට(සූර්ය බලශක්ති පැනල ස්ථාපිත කිරීම ආදී)

ඉදිරිපත් කළ යුතු ලියකියවිල

  •  අයදුම්පත
  • අලෙවිකරුවා විසින් නියම කළ විකුණුම් මිල(ඉඩමක් හෝ නිවසක් මිලදී ගන්නේ නම් පමණි)
  • සේවකයෙකු නම්,
    •   ස්ථීර කිරීමේ ලිපිනය, තනතුර, වේතනය, දීමනා, සේවා කාලය
    • ආයතනයෙන් වේතන ලැබෙන ගිණුම DFCC බැංකුවේ ගිණුමක් බවට හැරවීම මඟින් DFCC බැංකුවේ ගිණුම් හිමියෙකු වීම
    • පසුගිය මාස 6ක වේතනපත්
  • වෙනත් ආදායම් තිබේ නම්,
    • මාස 6ක බැංකු ප්‍රකාශන
    • තිබේ නම් පමණක්,
      • ව්‍යාපාර ලියාපදිංචි සහතිකය
      •  පසුගිය වසර 3ක කාලය ආදායම් බදු‍ ගෙවීම් පිළිබඳ ලිපිගොනු
      • පසුගිය වසර 3ට මුල්‍ය ප්‍රකාශනයක්
  • නීතිමය ලියකියවිලි,
    • අදාළ ඔප්පුවේ ඡායා පිටපත්
    • දේශීය අධිකාරිය විසින් අනුපත කළ ඔප්පුවේ මිණුම්දෝරු සැළසුම
    • පසුගිය වසර 30ක කාලයකට ඉඩමේ සහතික කළ පත්තිරු
    • දේශීය අධිකාරීත්වයේ සහතික(පසුගිය මාස 6කට මෙපිට නිකුත් කළ),
      • වීදී රේඛා/ගොඩනැගිලි රේඛා
      • පවරා නොගැනීම්
      • අයිතිය සහතික කිරීම
      • බදු ලදුපත්/ තක්සේරු සටහන්
  • නිවසක් ‍මිලදී ගැනීමකි දී හෝ නිවසක් ඉදිකිරීමක දී
    • අනුමත ඉදිකිරීම් සැලසුම(අනුමැතිය අවශ්‍ය නැත්නම්, එය සහතික කර දේශීය අධිකාරීය විසින් නිකුත් කළ ලිපිය)
    • අනුකූලතා සහතිකය (COC) – වලංගුවන්නේ නිවසක් මිලදී ගැනීමේ දී පමණකි.
    • බැංකුවට පිළිගත හැකි ප්‍රමාණ පත්‍ර (වලංගුවන්නේ නිවසක් ඉදිකිරීමේ දී පමණි)
  • රක්ෂණ
    • බැංකුව විසින් ලබාදෙන සම්පූර්ණ ණය ප්‍රමාණය ආවරණය කිරීම‍ට ක්‍රමයෙන් ක්ෂයවන කාලීන සහතික ආවරණයක් (DTA) 
    • බැංකුව විසින් පනවන ගිනි, SRCC සහ විනාශවීම් ආවරණයක්

කොන්දේසි : අවශ්‍ය නම් බැංකුව විසින් අමතර තොරතුරු/ලියකියවිලි ඉල්ලා සිටී.

විශේෂ ලක්ෂණ

  • ඔබේ අතේ ඇති මුදලට සරිලන නම්‍යශීලී පොලී අනුපාතයන් හෝ නම්‍යශීලී තෝරාගැනීම් රැසක් අප ලබාදෙයි.
  • නිවාස ණය පෙර සහතික කිරීමේ ක්‍රියාවලිය සමඟ පෙර සහතික කළ නිවාස ණය වැඩකරන දවස් දෙකක් ඇතුළත ලබාදීම, මුදල් ලැබෙන බව සහතික නිසා ඔබට ඔබේ ආයෝජනය ගැන නිදහසේ සිත යොමුකිරී‍මේ අවස්ථාව උදාවෙයි. අවශ්‍ය වන්නේ ඔබේ ආදායම් තොරතුරු පමණි, අපේ සියලු තෝරාගැනීමේ කාර්යයන් සිදුවූ පසු දේපළ ඇපයට තබාගෙන ඔබට අවශ්‍ය මුදල් මුදාහැරීම සිදුවෙයි.
  • මේ වෙනුවෙන්ම පුහුණුවුණු අපේ සේවක මඬුල්ල ඔබට නිවැරදි ‍තෝරාගැනීම කිරීම සඳහා මඟ පෙන්වනු ඇත සහ ණය ගැනීමේ මුළු ක්‍රියාවලිය පුරාම ඔබට සහය වනු ඇත. ඔබේ වටිනා කාලය ඉතිරිකර ගැනීමේ අරමුණින් ණය ගැනීම පිළිබඳ කරන මුල් සාකච්ඡාවේ දී ඔබ ඉදිරිපත් කළ යුතු සියලු ලියකියවිලි පිළිබඳව ඔබට දැනුවත් කරනු ඇත.
  • බැංකුකරණය ඔබේ දොරකඩටම ගෙන්වා ගැනීමට පහත දක්වා ඇති ඕනෑම දුරකථන අංකයක් අමතා අපේ සේවක මහතෙකු ‍හෝ මහත්මියක් සම්බන්ධ කරගන්න සහ ඔබට පහසු වේලාවක දී අපේ බැංකුවේ නියෝජිතයෙකු ඔබේ නිවසට හෝ කාර්යාලයට පැමිණ ණය ගැනීම පිළිබඳ දැනුවත් වීමට සහයවනු ඇත.

අයදුම් කරන්නේ කෙසේ ද

ණය වටිනාකම

  • උපරිම ණය වටිනාකම තීරණය කරන්නේ නැවත ණය ගෙවීමේ හැකියාව සළකා බලමින් ‍සහ බැංකුවේ තක්සේරුව මත ‍අදාළ දේපළේ පසු විකුණුම් වටිනාක සැළකීමෙනි. නිවසක් ගොඩනැංවීමේ දී ප්‍රමාණ පත්‍රයේ වටිනාකමේන් උපරිම වශයෙන් 75%ක් ලබාදීමට බැංකුවට හැකිය.

නැවත ණය ගෙවීම

ඔබ විශ්‍රාම ගන්නා කාලය සළකා බලා උපරිමය වසර 20ක් දක්වා නිවාස ණයක් ලබාගැනීමේ හැකියාව ඇත(උපරිම වයස අවුරුදු 60). එලෙසම අපි ආකාර දෙකක ගෙවීම් සැලසුම් ඉදිරිපත් කර ති‍බේ.

සමානකළ මාසික වාරිකයක් : ඔබේ ණය ප්‍රමාණය සහ එයට එකතුවන ‍පොලිය ස්ථාවරය

සමාන මාසික වාරික : එහිදී ණය සහ පොලිය එකතුකළ සමාන වාරිකයක් ලෙස ඉතිරි මුදල් අඩුවෙමින් යන ආකාරයට

ව්‍යුහගත ණය ආපසු ගෙවීම්:

  • මාසික වාරිකය ක්‍රමයෙන් වැඩිවන ක්‍රමය (Step up loan)
  • වසර 5 ක් දක්වා සහන කාලයක් සහිත ණය ක්‍රමය
  • මාසිකව පොලිය පමණක් ගෙවා, වසර අවසානයේ අදාළ ණය මුදල එකවර ගෙවීමේ ක්‍රමය
  • ණය කාලසීමාව අවසානයේ අවශේෂ වටිනාකම එකවර ගෙවීමේ ක්‍රමය

ඔබේ වාරික ගෙවීම ගණනය කිරීමට මෙතැන ක්ලික් කරන්න

මහල් නිවසක් මිලදී ගැනීමට නිවාස ණයක් ගැනීම

  • ආයෝජනයක් කිරීමට හෝ ඔබේ පදිංචිය සඳහා ඔබ මහල් නිවසක් මිලදී ගැනීමට අපේක්ෂා කරන්නේ නම් DFCC බැංකුව ඒ අවස්ථාව ඔබට ලබාදෙයි. ඔබට අවශ්‍ය දේපළ මිලදී ගැනීමේ දී ශ්‍රී ලංකාවේ සිටින ප්‍රධාන දේපළ සංවර්ධකයන් සමඟ එකාබද්ධ වී එම පහසුකම ඔබට සපුරාදීමට DFCC බැංකුව සූදානම් වේ.
  • මහල් නිවාස සංකීර්ණ ලැයිස්තුව නැරඹීමට මෙතැව ක්ලික් කරන්න
  • ඔ‍බ කරන ආයෝජනයෙන් උපරිම ප්‍රතිලාභ අත්කරදීම සඳහා තෝරාගත් මහල් නිවාස සංකීර්ණ සඳහා විශේෂ නිවාස ණය යෝජනාක්‍රම සකස් කරතිබේ.
  • වැඩි විස්තර සඳහා කරුණාකර අපගේ පැය 24 ඇමතුම් මධ්‍යස්ථානය හෝ ඔබේ ළඟම ඇති ශාඛාව අමතන්න.

පොලී අනුපාතයන්

  • ස්ථාවර පොලී අනුපත සටහන දැක ගැනීමට මෙතැන ක්ලික් කරන්න. පොලී අනුපාත පිළිබඳව වැඩිදුර සාකච්ඡා කරගැනීමට අපව අමතන්න.

FAQs

මෙවලම් සහ සහය

  • අපේ Blogs කියවීමට
  • ණය වාරික ගණනය කිරීමට අපේ ගණක යන්ත්‍රය පරික්ෂා කරන්න
  • ශාඛා/ATMs/CDM බලාගැනීමට