ඔන්ලයින් බැංකුකරණය

ඔන්ලයින් බැංකුකරණය

DFCC ඔන්ලයින් බැංකුකරණය ඔබට සතියේ සෑම දිනකම දවසේ පැය 24 පුරාම ඔබේ නිවසේ හෝ කාර්යාලයේ සුවපහසුවෙන් සිටින අතරම බැංකු කාර්යයන් රාශියක් සිදුකිරීමේ හැකියාව ලබා දෙයි. අදම DFCC ඔන්ලයින් බැංකුකරණය සමඟ සම්බන්ධ වන්න!

විශ්ලේෂණය

විශ්ලේෂණය

නව DFCC ඔන්ලයින් බැංකුකරණ සේවාව ඔබට ඔබගේ ගිණුම් ඔබට රිසි තැනක සිට, සතියේ සෑම දිනකම දවසේ පැය 24 පුරාම ඔබගේ ගිණුම් කළමනාකරණය කිරීමට ඉඩ සලසමින්, විවිධ බැංකු සේවාවන් ඔබේ ඇඟිලි තුඩු මතින් ඔබගේ මූල්‍ය කටයුතු පරිපාලනය කිරීමේ පහසුව ඔබට ලබා දෙයි. ඉලක්ක ගත ආයෝජන සමඟ කරන ඉතිරි කිරීම්, ස්ථාවර තැන්පතු හා ඉතිරි කිරීමේ ගිණුම් විවෘත කිරීම, ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනු කිරීමේ හැකියාව නවතා දැමීම, අවශ්‍ය DFCC දැනුම් දීමේ සේවාවන් සැකසුම් කිරීම සහ ඔබ වඩාත් කැමති ඔබගේම පරිශීලක හැඳුනුම තෝරා ගැනීම වැනි සේවාවන් රාශියක් සමඟින් ඔබගේ බැංකු කටයුතු ඔන්ලයින් සිදු කිරීමට ඔබට ඉඩ සලසනු ඇත.

ප්‍රතිලාභ සහ අනෙකුත් සුවිශේෂාංග

  • ඔබගේ 360° බැංකුකරණ සබඳතාව පිරික්සා බැලීම හා නිරීක්ෂණය කිරීම
    • ඔබගේ ගිණුම් විස්තර හා ගිණුම් ශේෂය පිරික්සීම, බැංකු ප්‍රකාශන බාගත කරගැනීම සහ ඔබගේ ඇති මුළු තැන්පතු ප්‍රමාණය බාගත කරගෙන මුද්‍රණය කරගන්න
    • ලබා ගෙන ඇති ණය පිළිබඳ විස්තර, ක්‍රෙඩිට් කාඩ්පත් විස්තර හා කල්බදු විස්තර ලබාගන්න
    • එක ක්ලික් කිරීමකින් ඔබ DFCC බැංකුව සමඟින් පවත්වා ගෙන යන සියළු බැංකුකරණ කටයුතු වෙත පිවිසෙන්න
  • බාධාවකින් තොරව අරමුදල් මාරු කිරීම් සහ ගෙවීම්
    • ඔබගේම ගිණුම් අතර හෝ තුන්වන පාර්ශ්ව DFCC බැංකු ගිණුම් වෙත තථ්‍ය කාලයේම (සිදුකරන විටම ක්‍රියාත්මක වන ලෙස) අරමුදල් පවරන්න
    • පොදු විද්‍යුත් අරමුදල් පැවරුම (CEFTs) හා ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය (SLIPS) හරහා වෙනත් බැංකුවල ගිණුම් වෙත මුදල් පහසුවෙන් පැවරුම් සිදු කරන්න
    • ඔන්ලයින් බැංකුකරණය හරහා ඔබගේ නියමිත කල්බදු හා ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් සිදු කරන්න
    • අනාගත භාවිතය සඳහා ඔබ නම් කර ඇති ප්‍රතිලාභීන් කළමනාකරණය කිරීම හා පවත්වාගෙන යාම සිදු කරන්න
  • බිල්පත් ගෙවීම
  • ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක ඔබේ උපයෝගිතා බිල්පත් ගෙවන්න.

    • ඩයලොග් (පෙරගෙවුම්, පසුගෙවුම්, බ්‍රෝඩ්බෑන්ඩ්, ගෘහස්ථ බ්‍රෝඩ්බෑන්ඩ්, ඩයලොග් රූපවාහිනි, ස්ථාවර දුරකථන, වයිමැක්ස්)
    • මොබිටෙල් (පෙරගෙවුම්, පසුගෙවුම්)
    • ශ්‍රී ලංකා ටෙලිකොම්
    • ලංකා විදුලි සමාගම
    • ලංකා විදුලිබල මණ්ඩලය
    • ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය
    • යූනියන් ඇෂුවරන්ස් (ජීවිත රක්ෂණය)
    • AIA රක්ෂණය
    • Ceylinco Life රක්ෂණය
    • ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්
    • ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ එකතු කිරීමේ ගෙවීම්
  • පහසුවෙන්ම ඔන්ලයින් ක්‍රමයට ගිණුම් විවෘත කිරීම
    • ඔන්ලයින් බැංකුකරණය හරහා ඉතිරි කිරීම් හා ස්ථාවර තැන්පතු ගිණුම් විවෘත කරන්න
  • ආයෝජන ගිණුම් විවෘත කිරීම
    • ඉලක්ක ගත ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කොට, ඔබගේ ආයෝජන අරමුණු සාක්ෂාත් කර ගනු පිණිස ඔබගේ ඉතිරි කිරීම් ස්වයංක්‍රීයව තැන්පත් කරන්න
    • ඔබගේ ආයෝජන ගිණුම් පහසුවෙන් පිරික්සන්න. ඉලක්ක ගත දිනයන් නියම කරගන්න. ඔබගේ ඉලක්ක දිනයන් හා කල්පිරීමේ දින පිළිබඳ පහසුවෙන් දැනගන්න
  • රාජ්‍ය ආයතන වෙත ගෙවීම් කිරීම:
    • දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) වෙත ගෙවීම්
    • ශ‍්‍රී ලංකා රේගුව වෙත ගෙවීම්
    • සේවක අර්ථසාධක අරමුදල වෙත ගෙවීම්

    වැඩි විස්තර සඳහා මෙතැන ක්ලික් කරන්න.

  • ක්‍රෙඩිට් කාඩ්පත් සේවා
    • ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත හරහා කළ හැකි ගනුදෙනු හදිසි අවශ්‍යතාවයකදී නවතා දැමීම
    • ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා එතෙරදී භාවිත කරනු පිණිස ඔබගේ ගමන් බිමන් දැනුම්දීම් යාවත්කාලීන කරන්න
    • ඔබට ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත භාවිත කිරීමට අවශ්‍ය නොමැති රටවල් සදහන් කරන්න
    • ඔබගේ බිල්පත් ගනුදෙනු පරීක්ෂා කරන්න. (සම්පූර්ණ කරන ලද ඒවා, බිල්ගත නොවු ඒවා)
    • කාඩ්පත් ප්‍රකාශන (අවසන් මාස 6 හි කාඩ්පත් ප්‍රකාශන බාගත කරන්න)
    • ගනුදෙනු ආරාවුල් නිරාකරණය සහ පහසු ගෙවීමේ සැලසුම්වලට මාරු කිරීම් කරගන්න
    • ඔබගේ පහසු ගෙවීමේ සැලසුම් පරීක්ෂා කරන්න
    • ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් සිදු කරන්න
  • ස්වයං සේවාවන්
    • අනාගත දිනයන් සඳහා වූ ගනුදෙනු නියමිත කිරීම හෝ අරමුදල් පැවරීම හා බිල්පත් ගෙවීම සඳහා ස්ථාවර නියෝග උපදෙස් නියම කරන්න
    • ගෙවීම් තහවුරුව සඳහා අදාල ගනුදෙනු ලදුපත් බාගත කරගන්න
    • චෙක්පොත් සඳහා ඉල්ලීම් කරන්න. නිකුත් කරන ලද චෙක්පත් මත ගෙවීම් නොකිරීම් නියෝග නිකුත් කරන්න
    • ඔබට වඩාත් රිසි දැනුම් දීම් පණිවුඩ ලැබීම සඳහා කටයුතු සකසන්න
    • පද්ධතියම සම්බන්ධ පණිවුඩ පහසුකම හරහා බැංකුව සමග සුරක්ෂිත ලෙස සන්නිවේදනයේ යෙදෙන්න

මෙම පහසුකම ලබා ගන්නේ කෙසේද?

ඔබට දැනටමත් DFCC බැංකුවේ ගනුදෙනුකරුවෙක් නම්, මෙම සේවාව සඳහා ලියාපදිංචි වනු පිණිස කළ යුත්තේ 0112350000 දුරකථන අංකය ඔස්සේ අපගේ ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ වීම පමණි.

ඔබ බැංකුවට නව ගනුදෙනුකරුවෙක් නම්, ගිණුම සඳහා ඉල්ලුම්කරන විට ඔබට සරලව ඔන්ලයින් බැංකුකරණ සේවා පහසුකම සඳහා ඔබේ කැමැත්ත ලබා දිය හැකිය.

නිතර අසනු ලබන ප්‍රශ්න

  • ලියාපදිංචි ගාස්තුවක් හෝ වාර්ෂික සේවා ගාස්තුවක් තිබේද?
    • ඔව්, වාර්ෂික ගාස්තුවක් අදාළ වනු ඇත. කරුණාකර ගාස්තු වෙත යොමු වන්න
  • මම පළමු වරට පරිශීලක හැඳුනුම සහ මුරපදය ලබා ගන්නේ කෙසේද?
    • ඔබට ඔබගේ ලියාපදිංචි විද්‍යුත් තැපැල් ලිපිනයට හා ජංගම දුරකථන අංකයට තාවකාලික පරිශීලක හැඳුනුම සහ මුරපදය ලැබෙනු ඇත.
    • තාවකාලික පරිශීලක හැඳුනුම සහ මුරපදය ලැබුණු විට ඔබට ඔන්ලයින් බැංකුකරණය සේවා පහසුකම වෙත පිවිසී, ඔබ වඩා කැමති පරිශීලක නාමයක් සහ පිවිසුම් මුරපදයක් නිර්මාණය කර ගත හැකිය.

තවත්, නිතර අසනු ලබන ප්‍රශ්න සඳහා මෙතැන ක්ලික් කරන්න.

නියමයන් හා කොන්දේසි