DFCC Power ලීසිං

DFCC Power ලීසිං

ඔබගේ සිහින වාහනය පහසුවෙන් සහ කඩිනමින් මිලදී ගැනීමට සහය දෙන DFCC Power ලීසිං.

හැඳින්වීම

හැඳින්වීම

DFCC Power ලීසිං යනු මුළු ණය මුදලෙන් 40% ක් දක්වා අවසාන වාරිකය ලෙස ගෙවීමට හැකි විශේෂ ලීසිං විසඳුමකි. තවද ගෙවීමට ඇති ඉතිරි ශේෂය ගෙවීම සඳහා අමතර කාලයක්ද ලබා ගත හැක.

ඉතිරි ශේෂය සඳහා උපරිම කාල සීමාවන්

කාල සීමාව ප‍්‍රතිශතය
අවුරුදු 3 ක් දක්වා වෙළඳපල වටිනාකමෙන් 40% ක්
අවුරුදු 4 ක් වෙළඳපල වටිනාකමෙන් 35% ක්
අවුරුදු 5 ක් වෙළඳපල වටිනාකමෙන් 30% ක්

 

ජපන්, යුරෝපීය සහ කොරියානු නිෂ්පාදිත කාර්, SUV රථ, වෑන් සහ ද්විත්ව කැබ් රථ වැනි පුද්ගලික වාහන සඳහා මෙම ලීසිං පහසුකම් අයදුම් කළ හැකි අතර ලීසිං පහසුකම් ලබා දෙන අවස්ථාවේ නිෂ්පාදිත වර්ෂය වසර 7ක් ඇතුළත විය යුතුය.

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද වාහනයේ උපරිම වටිනාකම (LTV) සීමාවන්ට යටත්ව උපරිම ලීසිං පහසුකම් මුදල රඳා පවති.

සුදුසුකම් ලබන ක්ෂේත‍්‍ර

පුද්ගලික, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ලියාපදිංචි සමාගම්

ආපසු ගෙවීමේ කාලය

වසර 5 ක මූලික ආපසු ගෙවීමේ කාලය සමඟින් වාහනයේ නිෂ්පාදිත වර්ෂය සලකා බලමින් අවසාන වාරිකය ගෙවීම සඳහා තවත් වසර 3 ක කාලයක් ලබා ගත හැක.

ඉල්ලුම් කළ හැකි ආකාරය

  • අයදුම් පත‍්‍රය බාගත කර, සම්පූර්ණ කර ඕනෑම DFCC බැංකු ශාඛාවකට ඉදිරිපත් කරන්න
  • පහත දක්වා ඇති විමසීම් පෝරමය පුරවන්න, අපි ඔබව සම්බන්ධ කර ගන්නෙමු
  • ළඟම ඇති DFCC බැංකු ශාඛාවක් වෙත පිවිසෙන්න

ඩිජිටල් බැංකුකරණ සේවාවන්

තාක්ෂණික සහාය

අමතන්න

දවසේ පැය 24 මුළුල්ලේම ක‍්‍රියාත්මකව ඇති අපගේ ඇමතුම් මධ්‍යස්ථානය 011-2350000 ඔස්සේ අමතන්න.