වෙළඳ සේවා

වෙළඳ සේවා

ආනයන අපනයන ක්ෂේත්‍රයට අදාළ විශාල මූල්‍ය නිපැයුම් සහ සේවා රැසක් අපි ලබාදෙයි.

දළ දැක්ම

දළ දැක්ම

ආනයන අපනයන ක්ෂේත්‍රයට අදාළ විශාල මූල්‍ය නිපැයුම් සහ සේවා රැසක් අපි ලබාදෙයි. රටපුරා විහිදී ඇති අපේ බැංකු ජාලය හරහා ඉතාම කෙටි කාලයකින් ඔබේ අවශ්‍යතාව සපුරාදීමට සමත් සේවයට කැපවුණු විශේෂයෙන් පුහුණුකළ සේවක මණ්ඩලයක් අප සතුව ඇත. ලොවපුරා බැංකුවලට අනුබද්ධ ක්ෂේත්‍රයන්ගේ නමක් දිනාගත් මූල්‍ය ආයතන 400කට වැඩි ප්‍රමාණයක් අපත් සමඟ එකට එක්වී කටයුතු කරන අතර ඔබේ උවමනාවන්ට අනුව අවශ්‍ය ජාත්‍යන්තර මූල්‍ය කටයුතු පහසුවෙන් සිදුකරදීමට අපට සුවිශේෂී හැකියාවක් ඇත.

ආනයන

  • ණයවර ලිපි නිකුත් කිරීම (වාණිජ සහ වාණිජ නොවන අවශ්‍යතාවයන්ට)

ණයවර ලිපි ගොනුවක් (L/C ලෙස භාවිතා වේ) අයදුම් කරන්නාගේ ඉල්ලීම පරිදි ඔහු වෙනුවෙන් ප්‍රතිලාභ ලබන්නා වෙත භාණ්ඩ හෝ ‍සේවා සඳහා ගෙවීම් සිදුකිරීමට බැංකුව විසින් (බැංකුව නිකුත් කරයි) නිකුත් කරනු ලබයි. ප්‍රතිලාභ ලබන්නාට නිකුත්කරන ලිපිගොනුව ණය ලබාගැනීම පිළිබඳ අදාළ කොන්දේසි සහ නියමයන්ට අනුකූලව නිකුත් කෙරෙයි.

විශේෂ මාදිලියේ ආනයන ණයවර ලිපි

ආවර්ථිත ණය ලිපිගොනු,
මුල්ම ණය ලබාගැනීමේ කොන්දේසි සහ නියමයන්ට අනූව ඊළඟ ණය ලබාගන්නා අගය මත ආවර්ථනය වන ණය ලිපිගොනු මේ නමින් හැඳින්වේ. ඊළඟ ගනුදෙනුවේ සිද්ධිය‍ට අදාළව ණය ආවර්ථනය වීම බලපැවැත්වේ.

පැවරිය හැකි ණය ලිපිගොනු,
මෙහිදී ප්‍රතිලාභ ලබන්නාට දෙවැනි ප්‍රතිලාභ ලබන්නෙකුට හෝ දෙවැනි ප්‍රතිලාභ ලබන්නන් රැසකට (අදාළ විශේෂ කොන්දේසි සහ නියමයන්ට අදාළව) ණය පැවරීමේ හැකියාව හිමිවේ. මෙම ණය පැවරුම් ලිපිගොනුවක් ලබන ප්‍රතිලාභියා ණය සමගාමී/පහසුකම් බැංකුව සමඟ පැවැත්වා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති අතර අයදුම්කරන්නා සහ සපයන්නනා අතර වෙළඳ හුවමාරුව සිදුකිරීම පමණකින් පවා ප්‍රතිලාභ ලබන්නාට ණය ප්‍රතිලාභ හිමිකරගත හැක.

ණය සඳහා පොරොත්තු ලිපි,
පුළුල් ප්‍රභේදයන්ට අයත් වාණිජ සහ මූල්‍ය මෙහෙයුම් සඳහා ප්‍රතිරක්ෂණ ලිපි ලෙස භාවිතා කිරීම සහ එකඟවූ කොන්දේසි සැපිරීමට අසමත් වූ අවස්ථාවක දී වගකීම් ලිපියක් ලෙස ක්‍රියාත්මක වේ.

  • ලෝකය පුරා විහිදුණු අපේ මූල්‍ය සේවා ජාලය හරහා තරගකාරී අනුපාතයකට ණයවර ලිපි සහතික සකස්කර දීම

සහතික කළ ණයවර ලිපි නියමයන් නිශ්චිතවම බැංකුවක් මගින් අනුමත කළ යුතුය. මීට අමතරව ප්‍රතිලාභ ලබන්නාට ලබාදුන් භාණ්ඩ සහ සේවා වෙනුවෙන් ලබාදී ඇති ණයවර ලිපිගොනුවට ගෙවීම් සිදුකිරීම සඳහා බැංකුවක් වෙත කරන ඉදිරිපත් කිරීමක දී ඒවා අදාළ ණය කොන්දේසි සහ නියමයන්ට අනුකූල වියයුතුය.

  • ආනයන බිල් එකතුවන් පාලනය

ලිපිගොනු එකතුවක් යනු “Collecting Bank” ක්‍රියාවලියට උපදෙස් ලබාදීමක්වන අතර එහිදී එදිරිව සිදුකළ ගෙවීම් හෝ හුවමාරු බිල් අනුමත කිරීම් ආදී අත්‍යාවශ්‍ය ලිපිගොනු ගැනුම්කරුවාට යැවෙයි.

  • නාවික සහතික නිකුත් කිරීම

 

ළඟාවීමේ බිලේ මුල්පිටපත් මොනයම් හෝ හේතුවක් මත ප්‍රමාදවන අවස්ථාවක දී භාණ්ඩ ළඟාවීමේ බිලේ මුල් පිටපත ඉදිරිපත් කිරීමකින් තොරව නැවෙන් භාණ්ඩ නිදහස් කරගැනීමේ පහසුව තකා මෙම නැව් සහතිකය නිකුත් කරයි.

  • අනාගතයේ විවෘතවන ලිපිගොනු සඳහා සහතික කිරීම

 

ගැනුම්කරුවාට හෝ ආනයනකරුවාට සැපයුම්කරුවාගෙන් ලිපිගොනු කෙලින්ම පැමිණීමට පෙර භාණ්ඩ අත්පත්කර ගැනීමට හෝ භාණ්ඩ ප්‍රේෂණය කිරීමේ හැකියාව හිමිවන අතර භාණ්ඩ ප්‍රේෂණය කළ ලිපිගොනු සමඟ මුල්පිටපත් බැංකුව ලබාගනී.

  • බිල් එකතුවකට ආධාරක ගෙවීම්

 

බැංකුව විසින් ගැනුම්කරුවා වෙනුවෙන්(භාණ්ඩ මිලදීගැනීම් සඳහා/සේවාලබාදීම්) වෙනස් කළ නොහැකි කොන්දේසි විරහිත විශේෂ කල්පිරීමේ දිනයකට ප්‍රථම ගෙවීමට භාරගත් අවස්ථාවක දී සිදුවන බිල්පත් ගෙවීම්. ණයවර ලිපියකට වඩා වියදම අතින් මෙය ලාභදායක වේ.

  • ආනයනික මූල්‍ය පාලනය කිරීම

 

ආනයනික කාරණාවකට අදාළ ගෙවීම් සඳහා ආනයනකරුවන්ට අවශ්‍යවන කෙටි කාලීන මුදල් උවමනා සපුරාලීම. ආනයන ණය, රේගු බදු ණය, ඉදිරි ගෙවීම් ණය සහ දේශීය මිලදී ගැනීම් සඳහා ණය ආදී ලෙස අත්තිකාරම් මුදල් නිදහස් කෙරේ.

අපනයන

  • ණයවර ලිපියකට පෙරගෙවුම්

ලොවපුරා ඇති ඕනෑම බැංකුවකින් නිකුත් කළ ණයවර ලිපියක් අපනයනකරුවා වෙනුවෙන් ලැබුනු බවට නිවේදන නිකුත් කිරීමේ පහසුකම

  • පැවරිය හැකි ණයවර ලිපි පරිපාලනය කිරීම

අපනයනකරුවා/විකුණුම්කරුවා වෙනුවෙන් ලැබුනු ණයවර ලිපි සිදුකරන ඉල්ලීම පරිදි පළමු ප්‍රතිලාභ ලබන්නා වෙනුවට දෙවන ප්‍රතිලාභ ලබන්නෙකු වෙත හෝ සේවා සපයන්නෙකු වෙත පැවරීම

  • ණයවර ලිපි සහතික කිරීම

ණය නිකුත්කර ඇති ලිපිගොනුවට එදිරිව ගෙවීම් සිදුකීරීමට භාරගත්බවට සහ ණයවර ලිපියට අපේ සහතිකය නිකුත් කිරීම

  • ණයවර ලිපිය යටතේ අපනයන ලිපි ගනුදෙනු සාකච්ඡා කරගැනීම

අපනයන ණයවර ලිපියක් යතේ අවශ්‍ය ලිපිගොනු සකස් කිරීමට පාරිභෝගිකයාව යොමු කිරීම සහ විසංගතයන් නැති කිරීමට අපනයන ණයවර ලිපිය නිවැරදිව පරීක්ෂා කිරීම සහ සේවාදායකයන් (අපනයනකරු/සැපයුම්කරු) විසින් සපයන භාණ්ඩ සහ සේවා සඳහා ගෙවීම් සිදුකිරීමට භාරගැනීම

  • අපනයන බිල්පත් එකතු පරිපාලනය

DP/DA කොන්දේසි ය‍ටතේ අපනයන බිල් පිරිසැකසුම් කිරීම, සිය ගැනුම්කරුවන්ට භාණ්ඩ සහ සේවා සපයාදීම සඳහා අපනයන කරුවන්ගේ ක්‍රියාවලිය බලාත්මක කිරීමට දායකවීම

  • අපනයන බිල්පත් මිලදීගැනීම/වට්ටම් ලබාදීම

ආනයන හා අපනයන ණයවර ලිපි යටතේ භාවිතාකළ බිල්පත් සඳහා වට්ටම් ලබාගැනීම සහ මුදල් ගලනය පවත්වා ගැනීමට බිල් ගෙවීම් මුදාහැරීම

  • නැව්ගත කිරීමක් සඳහා පූර්ව මූල්‍ය පහසුකම් ලබාදීම

අමුද්‍රව්‍ය මිලදී ගැනීමට සහ නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යාම ආදී අපනයනකරුගේ කෙටි කාලීන මුදල් අවශ්‍යතාවන් සපුරා ගැනීමට අවස්ථාව සලසාදීම

වෙනත් සේවා

  • අන්තර්ජාතික ඇප සහතික නිකුත්කිරීම සහ උපදෙස් දීම
  • ගැනුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට තත්ත්ව වාර්තා නිකුත් කිරීම

ඇමතුම් තොරතුරු

ප්‍රසන්න ප්‍රේමරත්න – වානිජ සේවා උපසභාපති – 94 112371424

උදේශාන් ඩී සිල්වා – වානිජ සේවා ජ්‍යෙෂ්ඨ කළමනාකරු – 94 112371463

සජිත් ජයකොඩි – වානිජ සේවා කළමනාකරු – 94 112371462

ටිකිරි තොටමුණේ – සම්බන්ධතා කළමනාකරු – 94 112371543