බදු ගෙවීම් සඳහා CEFT ගනුදෙනු ක‍්‍රමය භාවිතා කිරීම – DFCC Bank PLC
digital channel

CEFT ගනුදෙනු ක‍්‍රමය භාවිතා කිරීම

බදු ගෙවීම් සඳහා CEFT ගනුදෙනු ක‍්‍රමය භාවිතා කිරීම

බදු ගෙවීම් සඳහා CEFT ගනුදෙනු ක‍්‍රමය භාවිතා කිරීම

රටේ දැනට පවතින තත්ත්වය නිසා, බදු ගෙවන පුද්ගලයන්ට CEFT ක‍්‍රමවේදය හරහා තම ගෙවීම් සිදුකළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ පවත්වාගෙන යන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ගිණුමට බැරවන පරිදි මෙම ගෙවීම් සිදුකළ හැකි වේ.

DFCC බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ පහසුකම් සහ DFCC iConnect පහසුකම් සහිත සියලූම ගනුදෙනුකරුවන්ට, පහත සඳහන් ආකාරයට CEFT ගනුදෙනුවක් මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවීම් සිදුකළ හැක.



DFCC බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ පහසුකම් සහිත ගනුදෙනුකරුවන්

  • DFCC අන්තර්ජාල බැංකුකරණ සේවාව සමගින් හිමිවන ආරක්ෂිත විද්‍යුත් තැපැල් පහසුකම ඔස්සේ අදාළ උපදෙස් බැංකුව වෙත ලබාදිය හැක.

  • විද්‍යුත් ලිපියේ කරුණු සඳහන් කරන කොටස (mail body) තුළ පහත තොරතුරු අනිවාර්යයෙන් සඳහන් කළ යුතු ය.
    o TIN අංකය
    o බදු වර්ගයේ කේතය
    o බදු මුදල

  • සාමාන්‍ය බැංකුකරණ කටයුතු සිදුකරනු ලබන කාල සීමාවන් අතරතුර ලැබෙන සියලුම ඉල්ලීම් වලට අදාළ මුදල් එදිනම බැර කරනු ලබන අතර, ඉන් පසුව ලැබෙන ඉල්ලීම් ඊළඟ රාජකාරි දිනයේ පෙරවරු 9.00ට පෙර සලකා බැලේ.


DFCC iConnect මුදල් කළමනාකරණ පහසුකම හිමි ගනුදෙනුකරුවන්

  • පහත සඳහන් තොරතුරු iconnectsupport@dfccbank.com විද්‍යුත් ලිපිනයට දැන්විය යුතු ය.
    o TIN අංකය
    o බදු වර්ගයේ කේතය
    o බදු මුදල

  • සාමාන්‍ය බැංකුකරණ කටයුතු සිදුකරනු ලබන කාල සීමාවන් අතරතුර ලැබෙන සියලුම ඉල්ලීම් වලට අදාළ මුදල් එදිනම බැර කරනු ලබන අතර, ඉන් පසුව ලැබෙන ඉල්ලීම් ඊළඟ රාජකාරි දිනයේ පෙරවරු 9.00ට පෙර සලකා බැලේ.


ශාඛා වලදී ගෙවීම් කිරීම සඳහා ඉල්ලීම

  • ඉහත සේවාවන් ලබාගෙන නොමැති ගනුදෙනුකරුවන් පහත සඳහන් තොරතුරු ළඟම පිහිටි DFCC ශාඛාවට ලිඛිතව දැන්විය යුතු ය.
    o TIN අංකය
    o බදු වර්ගයේ කේතය
    o බදු මුදල

  • සාමාන්‍ය බැංකුකරණ කටයුතු සිදුකරනු ලබන කාල සීමාවන් අතරතුර ලැබෙන සියලුම ඉල්ලීම් වලට අදාළ මුදල් එදිනම බැර කරනු ලබන අතර, ඉන් පසුව ලැබෙන ඉල්ලීම් ඊළඟ රාජකාරි දිනයේ පෙරවරු 9.00ට පෙර සලකා බැලේ.


වැඩි විස්තර සඳහා 011 2350000 අංකයෙන් පැය 24 පුරා ක‍්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

Skip to content
page-default-temp.php