DFCC ආලෝකා

DFCC ආලෝකා

DFCC ආලෝකා යනු ශ‍්‍රී ලංකාව පුරා සිටින කාන්තාවන්ට සිය වෘත්තීය පරමාර්ථ, ව්‍යාපාරික අරමුණු හා පුද්ගලික සිහින සාක්ෂාත් කර ගනු පිණිස ඔවුන් සවිබල ගැන්වීමට නිර්මාණය කර ඇති මූල්‍ය විසඳුමකි.

ආලෝකා ගිණුම කා වෙනුවෙන්ද?

  • සුදුසුකම්
    ශ‍්‍රී ලංකාවේ වෙසෙන වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම කාන්තාවක් DFCC ආලෝකා සමග සම්බන්ධ වීමට සුදුසුකම් ලබයි.

  • ඉල්ලුම් කළ හැකි අය කවුද?
    ඔබ ශිෂ්‍යාවක්, ගෘහණියක්, රැකියාවක නියුක්ත හෝ ව්‍යාපාරික/ ව්‍යවසායක කාන්තාවක් වුවද, ඔබට ආලෝකා ප‍්‍රජාවෙහි කොටස්කාරියක් බවට පත්ව වරප‍්‍රසාද හා ප‍්‍රතිලාභ රාශියක් අත්විඳිය හැකිය.

Open an Account


ප‍්‍රතිලාභ / වරප‍්‍රසාද සහ සුවිශේෂී දීමනා  
  • ඉහළ පොළී සහිත ඉතිරි කිරීමේ ගිණුම – ඔබ ආලෝකා ඉතිරි කිරීමේ ගිණුම තුළ පවත්වා ගෙන යන ඉතිරි කිරීමේ ගිණුම් ශේෂය වැඩි කරන විට, ඔබට ඉහළ ලාභ අනුපාතිකයක් ඉපැයීමට හැකිය.
  •  
    තැන්පතු සීමාව (ශ‍්‍රී ලංකා රුපියල්) පොළී අනුපාතිකය (වාර්ෂික)
    1,000.00 ට අඩු 0%
    1,000.00 සිට 99,999.99 2.50% (වා.ස.පො. 2.53%)
    100,000.00 සිට 999,999.99 3.00% ( වා.ස.පො. 3.04%)
    1,000,000.00 සහ ඉන් ඉහළ 4.25% ( වා.ස.පො. 4.33%)

  • අපි ඔබගේ දිවියේ වැදගත් සන්ධිස්ථානයන්හි කොටස්කරුවෙකු වීමටත්, සුවිශේෂි අවස්ථාවන් එක්ව බෙදාහදා ගැනීමටත් නිරතුරුවම කටයුතු කරන්නෙමු. DFCC ආලෝකා ඉතිරි කිරීමේ ගිණුම සමග ඉතිරි කරමින් ඔබගේ දිවියේ වැදගත් අවස්ථාවන් එළඹීමට පෙර මාස 6 ක කාලයක් DFCC ආලෝකා ගිණුම තුළ අදාළ ශේෂයන් පවත්වා ගැනීම මගින් පහත DFCC ත්‍යාග සහතික පත් සඳහා හිමිකම් ලැබිය හැකිය.

  • සන්ධිස්ථානය මාස 6 ක කාලයක් ගිණුමෙහි පවත්වා ගෙන යා යුතු ශේෂය (ශ‍්‍රී ලංකා රුපියල්) DFCC ත්‍යාග සහතික පත (ශ‍්‍රී ලංකා රුපියල්)
    Aloka ගිණුම් දරන්නියගේ දරු උපත 10,000 2,500
    Aloka ගිණුම් දරන්නියගේ 21 වන උපන් දිනය 25,000 2,500
    Aloka ගිණුම් දරන්නියගේ උපාධිය * 50,000 5,000
    Aloka ගිණුම් දරන්නියගේ විවාහ මංගල්‍යය 150,000 10,000
    Aloka ගිණුම් දරන්නියගේ 25 වන විවාහ සංවත්සරය 250,000 25,000

  • සම්බන්ධ වීමේ ගාස්තුව හා පළමු වර්ෂයේ වාර්ෂික ගාස්තුව නොමැතිව ආලෝකා සන්නාමය දරන ඩෙබිට් කාඞ්පතක්. මෙම කාඞ්පත DFCC බැංකුව විසින් ආලෝකා ගනුදෙනුකරුවන් සඳහා සංවිධානය කරනු ලබන සියලු වැඩසටහන්වලට සහභාගි වීමේ අවස්ථාව ලබාදෙනු/ ඉඩසලසනු ඇත.

  • 3000 ට අධික DFCC සහ Lanka Pay ATM යන්ත‍්‍ර (ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර) වෙතින් මුදල් ගැනීමේ හැකියාව..

  • සම්බන්ධ වීමේ ගාස්තුව හා පළමු වර්ෂයේ වාර්ෂික ගාස්තුව නොමැතිව ආලෝකා සන්නාමය දරන ක්‍රෙඩිට් කාඩ්පතක්. රු. 25,000/- සිට රු. 1,000,000/- දක්වා ඕනෑම ගනුදෙනුවක් සඳහා පොළී රහිතව මාස 6 ක් දක්වා වූ පහසු ගෙවීමේ සැලසුම්. (මෙම පහසු ගෙවීමේ සැලසුම් සඳහා ඉන්ධන, මුදල් අත්තිකාරම්, කැසිනෝ හා සූදු ගනුදෙනු වලංගු නොවේ). සැකසුම් ගාස්තුවක් අය කෙරෙන අතර, කරුණාකර ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වන ගාස්තු හා අයක‍්‍රම කෙරෙහි අවධානය යොමු කරන්න. වර්ෂය පුරා ඇඳුම් පැළඳුම්, සුපිරි වෙළඳසැල්වල සාප්පු සවාරි, භෝජන, විනෝදාශ්වාද, විවේක කටයුතු හා ගමන් බිමන් සම්බන්ධයෙන් දීමනා හා විශේෂ මිල ගණන්.

  • DFCC ආලෝකා වෙතින් සතියේ අඟහරුවාදා දින කාන්තාවන් සඳහාම කැප වුණු බැංකු දිනයක් ලෙස වෙන් කර ඇත. DFCC ආලෝකා ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පතක් සඳහා ඉල්ලුම් කර වර්ෂය පුරා සුපිරි වෙළඳසැල්වල සාප්පු සවාරි, ඇඳුම් පැළඳුම්, භෝජන හා අන්තර්ජාල ගනුදෙනු සඳහා දීමනා සමගින් ප‍්‍රතිලාභ රාශියක් අත් විඳින්න.

  • යම් සිදුවීමකට හෝ අවස්ථාවකට අදාළව මාස 6 කට පෙර ගිණුම තුළ පවත්වා ගෙන ගොස් ඇති ශේෂය මෙන් 10 ගුණයක් දක්වා වූ ජීවිත රක්ෂණ ආවරණයක ප‍්‍රතිලාභය ඔබට ලැබෙනු ඇත.

  • ගිණුමේ ශේෂ සීමාව රක්ෂණ ප‍්‍රතිලාභ මුදල
    10,000 සිට 19,999 100,000
    20,000 සිට 29,999 200,000
    30,000 සිට 39,999 300,000
    40,000 සිට 49,999 400,000
    50,000 සිට 59,999 500,000
    60,000 සිට 69,999 600,000
    70,000 සිට 79,999 700,000
    80,000 සිට 89,999 800,000
    90,000 සිට 99,999 900,000
    100,000 හා ඊට වැඩි 1,000,000

  • Doc 990 හරහා නොමිලේ ඩිජිටල් සෞඛ්‍ය විසඳුම්. Doc 990 යනු Dialog විසින් බලගන්වනු ලබන ඩිජිටල් සෞඛ්‍ය විසඳුමකි. සෞඛ්‍ය රැකවරණය හා නිවස පාදක කර ගත් විසඳුම් ඒකාබද්ධ කරන ලද රෝහල්, සුදුසුකම් ලත් වෛද්‍යවරුන්, ඔසු අලෙවි සැල් (ෆාමසි) හා පරීක්ෂණාගාර සමග ගනුදෙනුකරුවන් සම්බන්ධ කරනු පිණිස DFCC බැංකුව හා Doc 990 අතර සුවිශේෂී හවුල්කාරිත්වයක් ඇත. සෑම ගිණුම් දරන්නියකට හා ඇගේ පවුලේ සාමාජිකයින් උපරිම වශයෙන් 3 දෙනකුට මෙම ඩිජිටල් සෞඛ්‍යාරක්ෂණ පහසුකමෙහි ප‍්‍රතිලාභ අත්විඳිය හැකිය. නිවසේ සිටින්න, සුරක්ෂිතව සිටින්න.

  • ඔබට DFCC බැංකුව වෙතින් නොමිලේ ඩිජිටල් බැංකුකරණ සේවාවන් රාශියක් අත්විඳිය හැකිය. ඔබ සිටින තැන කුමක් වුවත්, ඔබගේ එදිනෙදා මූල්‍ය කටයුතු පහසුවෙන් කළමනාකරණය කිරීමට හා ඉහළ බැංකු සේවාවක් අත්විඳීමට අපි ඔබට සහයෝගය දෙමු.

    • නොමිලේ කෙටි පණිවුඩ සේවාව
    • නොමිලේ අන්තර්ජාල බැංකු පහසුකම්
    • නොමිලේ විද්‍යුත් බැංකු ප‍්‍රකාශන
    • නොමිලේ Virtual Wallet වෙත පිවිසීමේ හැකියාව

  • පුද්ගලික මූල්‍ය සේවාවන්

  • අපි ඔබට ඔබේ සිහින හඹා යාමට උපකාර කිරීමට බැඳී සිටිමු. DFCC ආලෝකා ගනුදෙනුකරුවකු වශයෙන් ඔබට පහත සඳහන් සේවාවන් ලබාගත හැක.

පුද්ගලික ණය
 

ප‍්‍රකාශිත පොළී අනුපාතිකයට අඩු සුවිශේෂි පොළී අනුපාතිකයක්, වැඩ කරන දින 3 ක් තුළ කඩිනම් ණය ක‍්‍රියාවලිය සහ ණය සැකසුම් ගාස්තුවෙන් 50% ක ආපසු ගෙවීමක් ලැබෙනු ඇත.


වැඩි විස්තර සඳහා මෙතැන ‘ක්ලික්’ කරන්න.

නිවාස ණය
 

ප‍්‍රකාශිත පොළී අනුපාතිකයට වඩා අඩු සුවිශේෂි පොළී අනුපාතිකයක් සහ නිවාස ණය සැකසුම් ගාස්තුවෙන් 50% ක ආපසු ගෙවීමක් ලැබෙනු ඇත.

  • DFCC Business Consultants (Pvt) Limited හරහා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ (MSME)/ කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායකයින් සඳහා ව්‍යාපාරික උපදේශනය.
  • DFCC රන් වරම – ඔබගේ සියලුම උකස් ගනුදෙනු මත විශේෂ පොළී අනුපාතිකයන්.
  • DFCC ආලෝකා ගිණුම් දරන්නන් සඳහා ඩර්ඩන්ස් රෝහල වෙතින් සුවිශේෂී වෛද්‍ය යෝජනාක‍්‍රම.
  • වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර මෙතැන ‘ක්ලික්’කරන්න.

අවශ්‍ය වන ලිපිලේඛන
 
  • ගිණුම විවෘත කිරීමේ පෝරමය
  • ජාතික හැඳුනුම්පත/ විද්‍යුත් හැඳුනුම්පත/ විදේශ ගමන් බලපත‍්‍රය/ රියැදුරු බලපත‍්‍රය.
  • ජාතික හැඳුනුම්පතේ ලිපිනය ගනුදෙනුකාරවරියගේ වත්මන් ලිපිනයෙන් වෙනස් වන්නේ නම්, ලිපිනය සනාථ කිරීමේ ලේඛණ.
Skip to content
page-dfcc-aloka.php