DFCC Savings Goal සමග ඔබේ සිහින වඩාත් ඉක්මනින් හා පහසුවෙන් ළඟා කරගන්න
June 5, 2023
DFCC බැංකුව සිය ගනුදෙනුකරුවන්ගේ කෙටිකාලීන මූල්‍ය ඉලක්ක වඩාත් ඉක්මනින් හා පහසුවෙන් ළඟා කරගැනීමට අවස්ථාව ලබාදීම සඳහා DFCC Savings Goal නමින් සුවිශේෂී මූල්‍ය විසඳුමක් හඳුන්වා දී තිබේ. DFCC බැංකුවේ වෙබ් අඩවිය ඔස්සේ ඉතාමත් පහසුවෙන් DFCC Savings Goal මූල්‍ය සේවාව ආරම්භ කළ හැක. ක්ෂේත්රයේ හොඳම පොලී අනුපාතයක් ලෙස හැඳින්විය හැකි 7% ක වාර්ෂික පොලී අනුපාතයක් සහිත DFCC Savings Goal මූල්‍ය සේවාව තුළ කිසිදු ආකාරයකින් මුදල් අයකිරීමක්ද සිදු නොවන අතර, ගිණුම් හිමියාට කැමති පරිදි, ක්රමානුකූල ප්‍රවේශයක් ඔස්සේ, වඩාත් ඉක්මනින් මූල්‍ය ඉලක්ක ළඟා කරගැනීමට එය අවස්ථාව සලසා දෙයි. වඩාත් නම්‍යශීලී ලෙස තම අරමුදල් භාවිතා කිරීමට අවස්ථාව සලසා දෙන DFCC Savings Goal මූල්‍ය සේවාව ගනුදෙනුකරුවන් අතර බෙහෙවින් ජනප්‍රිය වනු නො-අනුමාන ය.
DFCC Savings Goal ගිණුමක් ආරම්භ කරන ගනුදෙනුකරුවෙකුට මාසයක් ඇතුළත කැමති දිනයක සිට, රු. 10,000/- සිට රු. 10,000,000/- දක්වා ඉලක්කයක් නියම කරගෙන ඒ අනුව ඉතිරි කිරීම් කළ හැකි වේ. එහිදී ඔවුන්ට කැමති පරිදි, දිනපතා, සතිපතා හෝ මාස්පතා නියමිත පරිදි තම ගිණුමට මුදල් බැර කළ හැකි අතර, ආරම්භක දිනයේ සිට දින 30 ත් අවුරුදු 2 ත් අතර කාලයක් තුළ කැමති දිනයක් එහි අවසන් දිනය ලෙස නියම කරගත හැක. මෙම කාලය තුළ ඔවුන්ගේ අවශ්‍යතාවන් හා ඉලක්ක වෙනස් වන්නේ නම්, ඔවුන්ට ගිණුමේ අවසන් දිනය තවදුරටත් දීර්ඝ කරගැනීමට අවස්ථාව සලසා දී තිබේ.
“සිහින සැබෑ කරගැනීම යනු මුදල් ඉතිරි කිරීමට එහා ගිය දෙයක් බව අප දන්නවා. සිහින කරා ගමන් කිරීමේදී අප අර්ථවත් සහ විධිමත් ලෙස එය කළ යුතුයි. මෙහිදී ඉතුරුම්වලට ඉහළ පොලී අනුපාතයක් හිමි වීමත් අතිශයින් වැදගත්. අප DFCC Savings Goal මූල්‍ය සේවාව හඳුන්වා දුන්නේ ඒ නිසයි. මෙය ගිණුම් හිමියන්ට කැමති පරිදි තම ඉතුරුම් ඉලක්ක ජයගැනීමට අවස්ථාව සලසා දෙන නම්‍යශීලී ගිණුමක්. ගිණුම් හිමියා අදාළ කාලසීමාව අතරතුර තම අරමුණ වෙනස් කළත් ඔවුන්ගෙන් දඩ මුදලක් අය කෙරෙන්නේත් නැහැ. එමෙන්ම මෙය අන්තර්ජාලය ඔස්සේ ඉතාමත් පහසුවෙන් විවෘත කිරීමට පුළුවන්. DFCC Savings Goal ආරම්භ කර එහි ප්රතිලාභ අත්විඳින මෙන් මා ශ්‍රී ලාංකිකයන් සියලුම දෙනාට ආරාධනා කර සිටිනවා.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසී ය.
DFCC Savings Goal මූල්‍ය සේවා ලාභීන්ට අවශ්‍ය ඕනෑම මොහොතක තම ගිණුමට මුදල් එක් කළ හැකි වීම තවත් වාසියකි. එමෙන්ම ඔවුන්ට අවශ්‍ය නම් ඕනෑම මොහොතක අමතර ගාස්තුවකින් තොරව මුදල් ආපසු ගැනීමද සිදුකළ හැකි වේ. තවද, ගිණුම් හිමියන්ට තම ඉලක්ක ළඟා කරගැනීම පහසු කිරීම සඳහා, ගිණුමෙන් මුදල් ලබාගෙන ඇති අවස්ථාවකදී වුවද, පසුව සිදුකරන මුදල් තැන්පතු ස්වයංක්‍රීයව අදාළ ඉලක්කවලට ගැළපෙන ආකාරයට සකස් වන පරිදි මෙම ගිණුම සැලසුම් කර ඇත. නියමිත පරිදි මුදල් තැන්පත් කිරීමට නොහැකි වන අවස්ථාවකදී වුවද අමතර ගාස්තුවක් අය නොකෙරෙන අතර, ගිණුම් හිමියා සතුව වෙනත් තැන්පතු ඇත්නම්, අදාළ ඉලක්කයට ගැළපෙන පරිදි ස්වයංක්‍රීයව එම මුදල් ස්ථානගත කිරීමට DFCC බැංකුවේ තොරතුරු පද්ධතිය කටයුතු කරයි. එපමණක් නොව, ගිණුම් හිමියාට අවශ්‍ය නම් ඕනෑම මොහොතක කිසිදු අමතර මුදලකින් තොරව DFCC Savings Goals මූල්‍ය සේවාව නතර කළ හැකි අතර, ඒ දක්වා එක්රැස් වී තිබූ පොලී මුදල සාමාන්‍ය ඉතුරුම් ගිණුමකදී මෙන් ගිණුම් හිමියා වෙත හිමි වේ.
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 68 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයකි. එම බැංකුවට 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Brands Magazine වෙතින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සේවා සන්නාමය’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන හිමි විය. එමෙන්ම Business Today සඟරාව මගින් DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන එම බැංකුව, Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A- (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.