DFCC බැංකුවේ ඉතිහාසය;
A Pioneer, Pathfinder and Trailblazer
වර්තමානයේ සියලු මූල්‍ය සේවා ලබාදෙන වාණිජ බැංකුවක් ලෙස ව්‍යාප්ත වී තිබුණත් 1955 දී පාර්ලිමේන්තු පනතක් යටතේ DFCC බැංකුව ආරම්භ කළේ ශ්‍රී ලංකාවේ පුරෝගාමී සංවර්ධන බැංකුවක් ලෙසය. 1952 ලෝක බැංකු නියෝජිතයන්ගේ ශ්‍රී ලංකා ආගමනයෙන් පසු සාකච්ඡා වූ යෝජනාවකට අනුව රටේ සංවර්ධන කාර්යයන්ට මූල්‍ය දායකත්වය ලබාදීම සඳහා බැංකුවක අවශ්‍යතාවය පැනනැගුණි. ලෝක බැංකු ආගමනය අතරතුර ඉදිරිපත් කළ යෝජනාවලියකින් DFCC බැංකුවේ සමාරම්භය සනිටුහන්විය. ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා රජයේ ඒකාබද්ධවීම හරහා අසමසම ආකෘතියක් යටතේ DFCC බැංකුවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය නිර්මාණය වී තිබේ. එසමඟම ආසියාවේ ස්ථාපිත කළ ප්‍රථම සංවර්ධන බැංකුව ලෙස DFCC බැංකුව අභිමානයෙන් වැජඹෙයි.
රජය මෙම ආයතනයෙහි සෘජු කොටස්කරුවෙකු ලෙස දායකත්වය නොදක්වන අතර පොලී රහිතව දිගු කාලීණ ණය දෙකක් ආයතනයට වෙනුවෙන් ලබාදීමට කටයුතු කළේය. ආයතනයට ලැබුණු මෙම ණය ප්‍රමාණය ගෙවා ඇති මූලික ප්රාග්ධනය මෙන් දෙගුණයකි.
පාර්ලිමේන්තු පනත මඟින් පෞද්ගලික කොටස්කරුවන්ට අධ්යක්ෂ මණ්ඩලය විවෘත කළ අතර රජයට කිසිදු ප්‍රාග්ධන කොටසක හිමිකාරීත්වයක් නැති බැවින් කොටස්කරුවන්ගේ අභිමතය පරිදි එයටම එහි අධ්යක්ෂවරුන් තෝරාගැනීමේ අවකාශය ලබාදුණි.
ඊට වසරකට පසුව 1956 දී කොළඹ කොටස් වෙළඳපළ ස්ථාපනයවීමට පූර්වයේ පැවති කොළඹ තැරැව්කරුවන්ගේ සංගමයෙහි ප්‍රථම ලැයිස්තු ගත බැංකුව බවට DFCC බැංකුව පත්විය. (වෙනත් බැංකුවක් ලැයිස්තු ගත වූයේ ඊට අවුරුදු 14කට පසු 1970 දීය.) එතැන් පටන් DFCC බැංකුව එම ආයතනයෙහි ලැයිස්තුගත බැංකුවක් වූ අතර DFCC බැංකුවේ කොටස් එක් එක් පුද්ගලයන් සහ විවිධ ආයෝජකයන් අතට පත්වෙමින් ඉතා ආකර්ෂණීය ප්‍රාග්ධන වර්ධනයක් පෙන්නුම් කළේය.
DFCC බැංකු පනත සමඟ (අහෝසි කිරීම සහ අනුෂංගීය විධිවිධාන) 007 අංක 07 දරණ ආයතනික පනත ප්‍රකාරව 2014 අංක 39 දරණ පනත මඟින් DFCC බැංකුව DFCC Bank PLC ලෙස 2015 ජනවාරි සම 06 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි වෙනස් කිරීම සිදුවිය. එතැන්සිට 2015 ඔක්තොබර් 01 වැනිදා වනතෙක් DFCC Bank PLC හා එහි සම්පූර්ණ හිමිකාරීත්වය ඇති Vardhana Bank PLC ආයතනය විධිවිධාන කොන්දේසි ප්‍රකාරව ආයතනික වශයෙන් ඒකාබද්ධ විය. ඔක්තෝම්බර් 01වැනිදායින් පසු ඒකාබද්ධ වූ ආයතනය DFCC Bank PLC නම් දරමින් දිගටම ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා මහබැංකුවේ බැංකු පරිපාලන මණ්ඩලය මඟින් DFCC බැංකුවට පූර්ණ වාණිජ බැංකුවක් ලෙස ක්‍රියාත්මක වීම වෙනුවෙන් එදිනම බලපත්‍ර ලබාදීම සිදුවිය. වර්තමානයේ DFCC බැංකුව පූර්ණ වාණිජ බැංකුවක් ලෙස සිය සේවා සැමට ව්‍යාප්ත කර ඇත.
ප්‍රථම සංවර්ධන බැංකුව ලෙස ඔවුන් මෙහෙයුම් ආරම්භ කළ මුල් යුගයේ දී ශ්‍රී ලංකාවේ නව මාවත් ගොඩනැඟූ ව්‍යවසායකයන්ට මූල්‍ය මඟපෙන්වන්නාවූ DFCC බැංකුව අවදානම් සහිත මුල් කාලයේ ඔවුන් ගොඩනඟන්නට උත්සාහ කරන ව්‍යවසාය සඳහා සාධනීය උපදෙස් ලබාදීමට කැපවිය. ලොව නමක් දිනාගත් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින් ගණනාවකගේම මුල් අඩිතාලම දමන්නා ලෙස DFCC බැංකුව නිහතමානී සතුටක් ලබයි.
වර්තමානයේදී අප බැංකුවේ මෙහෙයුම් දායකත්වය ආසන්න වශයෙන් සලකා බැලීමේදී 45%ක්ම සංවර්ධන ණය ලබාදීම් වේ. රටේ වර්ධනයට සුවිශේෂී දායකත්වයක් ලබාදීම නොකඩවා සිදුකරන ගමන්ම වාණිජ බැංකුවක් ලෙස මූල්‍ය සේවා පුළුල් කිරීම DFCC අපේ අරමුණයි.
හරිත සංවර්ධන ණය යෝජනා සඳහා ණය ලබාගැනීමේ දී කාඅතරත් සැමදා ප්‍රචලිතව සිටින්නේ DFCC බැංකුවයි. කසලින් ශක්ති ජනනය, ජල විදුලිය, සුළං සහ සූර්ය බලශක්ති ව්‍යාපෘති සහ අනෙකුත් විශාල ව්‍යවසායකත්ව ව්‍යාපෘති සඳහා මූල්‍ය දායකත්වය ලබාදීම අපගෙන් සිදුවේ. බැංකුවේ සිටින ව්‍යාපෘති ණය ලබාදීමේ විශේෂඥ කණ්ඩායම දශක 6ක සංවර්ධන ක්ෂේත්රයේ විශිෂ්ටත්වය සමඟ වෙළඳපොලේ කිසිවෙකුටත් සමකිරීමට නොහැකි සේවාවක් ලබාදීමට කැපවෙයි. විශිෂ්ට ව්‍යවසායකත්ව අදහස් සාර්ථකව ඵලදරා ගැනීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය ලබාගැනීම පිළිබඳ සලකා බැලීමේදී සැමගේ මතකයට මුලින්ම එන බැංකුව ලෙස DFCC බැංකුව බව හඳුන්වා දිය හැක.
නොනවතින පරිණාමය සහ නව්‍යතාවය පිළිබඳ සැමදා විශ්වාස කරන DFCC බැංකුව වෙළඳපොළේ සිදුවන වෙනස්කම් සලකා බලා අවශ්‍ය මූල්‍ය විසඳුම් නිතර හඳුන්වාදීමට කැපවිය. පසුගිය දශක 6ක කාලයක සිට අද දක්වා සලකා බැලීමේදී ව්‍යවසාය සංවර්ධන මූල්‍ය සේවා සපයන බැංකුවක් ලෙස සිට ජනතාවට ඉතා පුළුල් මූල්‍ය සේවා ලබාදෙන වාණිජ බැංකුවක් ලෙස ව්‍යාප්ත වූ DFCC බැංකුව කාලානුරූපව දූරදර්ශී උපායමාර්ගික අත්පත්කරගැනීම්, සහයෝගීතා සහ හවුල්කාරීත්වයන් ගොඩනඟාගෙන ඇත. තවද, “ඉතාම සුළු සංඛ්‍යාවක් වන ජීව ගුණය රැඳි සංවර්ධන මූල්‍ය ආයතනයක් පමණක් නොව බහු මූල්‍ය නිෂ්පාදන නිර්මාණකරුවෙක් ලෙස තමන්වම පරිවර්තනය කරගනිමින් සාර්ථකත්වයට පත්වූ සහ ඉතා සීඝ්රයෙන් වෙනස්වන දේශීය සහ විදේශීය මූල්‍ය තරඟකාරීත්වය අතර ධෛර්ය සම්පන්න මූල්‍ය ආයතනයක්” ලෙස ලෝක බැංකුව අපව හඳුනාගෙන තිබේ.
වර්තමානයේදී සංවර්ධන සහ වාණිජ බැංකු ක්ෂේත්රයේ අනභිබවනීය සේවා සපයන DFCC බැංකුව පුළුල් පරාසයක පැතිරුණු බැංකු විසඳුම් රැසක් ලබාදෙයි. ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වනු බැංකු නිමැවුම් ශ්රහඳුන්වාදීමේ පුරෝගාමියා ලෙස DFCC බැංකුව ඉදිරියෙන් සිටී. කිසිදා සම කිරීමට නොහැකි අගයක් සහ සුවපහසු වාසි පාරිභෝගිකයින්ට අත්පත්කරදීමට මේ ඩිජිටල් නිපැයුම් සමත්වේ.
DFCC Virtual Wallet; බැංකු ක්ෂේත්රයේ වඩාත්ම නව්‍ය ඩිජිටල් නිමැවුම ලෙස බොහෝ අයගේ කතාබහට ලක්විය. බැංකුකරණ ක්ෂේත්රයේ වඩාත්ම විප්ලවීය ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වුනු නිෂ්පාදයවන DFCC Virtual Wallet මඟින් පුද්ගලයන්ට හා ආයතන වලට කාසි නෝට්ටු රහිතව මුදල් හුවමාරු කළහැකි විප්ලවීය ඩිජිටල් අවකාශයක් නිර්මාණය කළේය. Lanka Money Transfer; DFCC බැංකුවේ හෝ ඕනෑම LMT මූල්‍ය සහකරුවෙකු වන ආයතනයක් සමඟ ගිණුම් පවත්වාගෙන යයි නම් මෙම මුදල් ලබාගැනීමේ ක්‍රමවේදය හරහා ක්ෂණිකව මුදල් ලබාගැනීමේ අවස්ථාව හිමිවේ. මෑතක දී PayWave සහ EMV තාක්ෂණයෙන් බලගැන්වූ ක්‍රෙඩිට් කාඩ්පත් හඳුන්වාදීමට DFCC බැංකුව සමත්වූ අතර ශ්‍රී ලංකාවට එම පහසුකම ප්‍රථමයෙන්ම හඳුන්වාදුන්නේ ද අපය. එසේම ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් ඔබ කරන ඕනෑම ගනුදෙනුවක දී 1%ක මුදල් ආපසු ලැබෙන වටිනා දීමනාවක් පළමුවෙන්ම හඳුන්වා සැමට දුන්නේ DFCC බැංකුවයි.
දිවයින පුරා බැංකු ශාඛා විවෘත කරමින් 100කට අධික සිය ශාඛා ජාලය සහ අනෙකුත් චැනල් මෙන්ම සේවා ස්ථාන හරහා සුවිශේෂී මූල්‍ය සේවා සැමට ලබාගැනීමේ පහසුව රටපුරා ව්‍යාප්ත කිරීමට DFCC බැංකුව කටයුතු කරයි. වැඩිදුරටත් LankaPay බලගැන්වූ පොදු ATM ජාලය නිසා ගිණුම් හිමියන්ට රටපුරා විහිදී ඇති 4000කට වැඩි ATM ප්‍රමාණයකින් කිසිදු මුදලක් අයකිරීමකින් තොරව මුදල් ලබාගැනීම, ගිණුම් පරීක්ෂා කිරීම මඟින් බැංකුව හා සම්බන්ධ විය හැක.
බැංකුකරණය අමතරව පාරිභෝගිකයන්ට පුළුල් මූල්‍ය විසඳුම් රැසක් ලබාදීමට DFCC බැංකු සමූහය කටයුතු කරයි. ආයෝජන බැංකුකරණය, වත්කම් කළමනාකරණය, තොරතුරු තාක්ෂණය, කර්මාන්ත පුරයන් කළමනාකරණය, අපේ අනුබද්ධිත ආයතන හරහා උපදේශන සේවා ලබාදීම- DFCC උපදේශන, ලංකා කර්මාන්ත පුර, සම්පර්කන සහ බද්ධ ව්‍යාපාර- Acuity Partners, මෙම ආයතනයම සිය මව් ආයතනය මෙන් මූල්‍ය සේවා උපදේශන සපයන විශිෂ්ටයෙකි. මෙමඟින් ආයතනික මූල්‍ය, කොටස් වෙළඳපොල තැරැව්කරුවන්, ස්ථාවර ආදායම් වෙළඳාම, ව්‍යපාර ප්‍රාග්ධන සහ වත්කම් කළමනාකරණය ආදී පහසුකම් සලසයි.
දශක 6ක් මුළුල්ලේ මූල්‍ය සේවා විශිෂ්ටයෙකු ගොඩනැගුණු DFCC බැංකුව රටේ මිනිසුන්ගේ වෙනස්වන අවශ්‍යතාවන්ට නිවැරදි මූල්‍ය විසඳුම් ලබාදීම වෙනුවෙන් තමන්වම නැවත නැවත ප්‍රතිනිර්මාණය කරමින් සාර්ථකව ඉදිරියට පැමිණියේය. 2020 දැක්ම වෙනුවෙන් අපේ අභිප්‍රාය සහ වසර ගණනාවක් මුළුල්ලේ අප අත්කරගත් විශේෂඥතාව සමඟ නව ඩිජිටල් යුගයේ සුවපහසුව සැමට අත්කරදීම උදෙසා බැංකුවට සහ ශ්‍රී ලාංකික මූල්‍ය ක්ෂේත්රයට නව අවකාශයන් ගොඩනැංවීමට අපේක්ෂා කරයි.