DFCC බැංකුවේ රැකියා අවස්ථා
බඳවාගැනීම් සම්බන්ධයෙන් අප අනුගමනය කරන ක්‍රියාපටිපාටීන්
DFCC බැංකුව සේවක බඳවාගැනීම් වලදී විවිධත්වය සඳහා ප්‍රමුඛත්වය සහ සමාන අවස්ථා ලබාදෙන මූල්‍ය ආයතනයකි.
විවිධත්වය යනු රැකියා ස්ථානයේ අත්දැකීම් පෝෂණය කරන සාධකයක් බව අපි විශ්වාස කරන්නෙමු. එම නිසා කිසිදු භේදයකින් තොරව, නිසි සුදුසුකම් සපුරාලාන සියලුම දෙනාට අපගේ තනතුරු වලට අයදුම් කිරීමට අවස්ථාව හිමි වේ.
රැකියා අවස්ථා
පුහුණු වන බැංකු සේවා සහකරු තනතුර සඳහා පාසල් අධ්‍යාපනය අවසන් කළ පුද්ගලයන් බඳවා ගැනීම
පහත සඳහන් මූලික සුදුසුකම් සපුරා ඇත්නම් DFCC බැංකුවේ පුහුණු වන බැංකු සේවා සහකරු තනතුර සඳහා අයදුම් කළ හැකි අතර, ඒ සඳහා https://dfccjobportal.peopleshr.com වෙත පිවිසී අදාළ අයදුම්පත පුරවා ඉදිරිපත් කළ යුතු ය. පවතින රැකියා අවස්ථා අනුව තෝරාගැනීමේ ක්‍රියාවලිය සඳහා දැනුම්දෙනු ලැබේ.
මූලික සුදුසුකම්:
- වයස අවුරුදු 23 ට අඩු වීම
- අන්තර්පුද්ගල සම්බන්ධතා සහ මනා සන්නිවේදන හැකියාවෙන් යුතු වීම
- පාරිභෝගික සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් උනන්දුවක් දැක්වීම
- ගණිතය සහ ඉංග්‍රීසි භාෂාව යන විෂයන්ට සම්මාන සාමාර්ථ සහිතව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් වී තිබීම සහ අ.පො.ස. උසස් පෙළ විභාගයේදී විෂයන් තුනම සමත් වී තිබීම (සාමාන්‍ය ඉංග්‍රීසි හැර).
තෝරාගනු ලබන පුද්ගලයන්ට ආකර්ෂණීය වැටුප්, වෙනත් ප්රතිලාභ සමග බැංකු සහ මූල්‍ය ක්ෂේත්රය සම්බන්ධයෙන් පුළුල් පුහුණුවක් ලබාදෙනු ඇත.
පාසල් අධ්‍යාපනය අවසන් කළ පුද්ගලයන් සඳහා සීමාවාසික පුහුණුව (මාස 6)
බැංකු ක්ෂේත්රය තුළ පවතින රැකියා අවස්ථා සඳහා විශේෂ උනන්දුවක් ඇති සහ වෘත්තීමය පළපුරුද්දක් ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන් වෙනුවෙන් විශේෂ සීමාවාසික පුහුණු අවස්ථාවන් පිරිනැමීමට DFCC බැංකුව පියවර ගෙන ඇත. මේ යටතේ ඒ සඳහා මූලිකවම අවශ්‍ය දැනුම සහ රාජකාරි මට්ටමින් ප්‍රායෝගික පුහුණුවක් සමග ආකර්ෂණීය මාසික දීමනාවක්ද හිමි වේ.
අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සාර්ථකව අවසන් කළ පුද්ගලයන්ට මෙම සීමාවාසික පුහුණු අවස්ථා සඳහා අයදුම් කළ හැක.
ඒ සඳහා https://dfccjobportal.peopleshr.com වෙත පිවිසී අදාළ අයදුම්පත පුරවා ඉදිරිපත් කළ යුතු අතර, පවතින සීමිත අවස්ථා අනුව සුදුසු පුද්ගලයන්ට සීමාවාසික පුහුණු අවස්ථා හිමිවනු ඇත.
පුහුණු වන කනිෂ්ඨ විධායක ශ්‍රේණියේ තනතුරු සඳහා උපාධිධාරීන්ට අවස්ථාව
නවක උපාධිධාරීන්ට පුහුණු වන කනිෂ්ඨ විධායක නිලධාරීන් ලෙස DFCC බැංකුව සමග එක්විය හැකි වේ. ඒ සඳහා https://dfccjobportal.peopleshr.com වෙත පිවිසී අදාළ අයදුම්පත පුරවා ඉදිරිපත් කළ යුතු අතර, පවතින රැකියා අවස්ථා අනුව තෝරාගැනීමේ ක්‍රියාවලිය සඳහා කැඳවනු ඇත.
මූලික සුදුසුකම්:
- පිළිගත් උපාධියක් (පන්ති සාමාර්ථයක් සහිත නම් වඩාත් සුදුසු වේ) හෝ බැංකුවට පිළිගත හැකි පූර්ණ වෘත්තීමය සුදුසුකම් සපුරා තිබීම
- බැංකු/මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය පිළිබඳ දැනුම සහ අත්දැකීම්
- විශිෂ්ට සන්නිවේදන හා අන්තර්පුද්ගල සම්බන්ධතා හැකියාවෙන් යුක්ත වීම
- කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කරන්නෙකු වීම
- සුවිශේෂී පාරිභෝගික සේවාවක් සැපයීම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නෙකු වීම
තෝරාගනු ලබන අයවලුන්ට ආකර්ෂණීය වැටුප්, වෙනත් ප්රතිලාභ සමග බැංකුකරණ සහ මූල්‍ය ක්ෂේත්රය පිළිබඳ පුළුල් පුහුණුවක් DFCC බැංකුව වෙතින් හිමිවනු ඇත.
නවක උපාධිධාරීන්ට/ උපාධි අපේක්ෂකයන්ට සීමාවාසික පුහුණු අවස්ථා (මාස 6 සඳහා)
මූල්‍ය සහ බැංකුකරණ ක්ෂේත්රයට පිවිසීමට අපේක්ෂා කරන නවක උපාධිධාරීන්ට/ උපාධි අපේක්ෂකයින්ට ණය ලබාදීම් ඇගයීම්/ පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය/ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දැනුමක් හා පළපුරුද්දක් ලබාගැනීමට අවස්ථාව ලබාදීම මෙහි අරමුණයි.
මේ සම්බන්ධයෙන් ඔබ උනන්දුවක් දක්වන්නේ නම් https://dfccjobportal.peopleshr.com වෙත පිවිසී අදාළ අයදුම්පත පුරවා ඉදිරිපත් කරන්න. පවතින සීමිත අවස්ථාවන් අනුව සීමාවාසික පුහුණු අවස්ථා පිරිනැමේ.