
DFCC හි ජීවිතය
DFCC බැංකුව තුළ වෘත්තිය ආරම්භ කිරීමේදී සංවර්ධනය වීමට අවස්ථා, විවිධ වරප්‍රසාද සහ වෘත්තීයත්වය අගයන සංස්කෘතියක්, කණ්ඩායම් හැඟීමක්, විවෘත භාවයක්, විවිධත්වයක්, පුද්ගල අගයන් ගරු කිරීමක් සහ ඇගයීමක් හිමිවේ.
DFCC හි ජීවිතය
විවිධත්වය සහ ඒකාත්මිකතාවය අගයන වෘත්තීය සංස්කෘතියක් නිර්මාණය කිරීමට සහ සහසම්බන්ධ කිරීමට DFCC බැංකුව දැඩිව වෙහෙසෙයි. සතුටින් පිරුණු වෘත්තීය ස්ථානයක් වඩාත් කාර්යක්ෂම වෘත්තීය ස්ථානයක් වන බව අප විශ්වාස කරයි. ඒ වෙනුවෙන් වැඩි කාලයක් කැපකරමින් සහ සුවිසල් වෘත්තීය අත්දැකීම් යොදාගනිමින් අපගේ සේවකයන්ට අවස්ථාවන් වැඩියෙන් තිබෙන සහසම්බන්ධ වෘත්තීය පරිසරයක් නිර්මාණය කිරීමට අප කැපවේ.
අපේ අගයන්
අපගේ සංස්කෘතිය ගොඩනැඟී ඇත්තේ මුල් බැසගිය වටිනාකම් පද්ධතියකින් වන අතර එම වටිනාකම් සිය වෘත්තීයභාවය තුළ පෙන්නුම් කිරීමට සහ තම පෞද්ගලික දිවියට ඇතුළත් කරගැනීමට සේවකයන් දිරිගන්වයි. අපගේ අගයන් අප හදවතට සමීප වන අතර ඒවා සියලු සේවකයන්ගේ අදහස් එක්කාසු කරමින් යහපත් වෘත්තීය සංස්කෘතියක් ගොඩනැඟීමට නිර්මාණය කරඇත. විවිධ ශ්‍රේණිවල විවිධ ජාතීන්ට, විවිධ සමාජ තලයන්ට අයත් සේවකයන්ගේ කැපවීමෙන් මෙම ව්‍යාපෘති නිර්මාණය කරතිබේ.
අපගේ අගයන් :
- නව්‍යතාව
- පාරිභෝගික කේන්ද්රකරගැනීම
- වෘත්තීයභාවය
- ආචාර්ය ධර්ම
- වගවීම
- කණ්ඩායම් හැඟීම
- සමාජ වගකීම්
සේවක සහායක මූලිකත්ව වැඩසටහන
සමහරවිට අපේ සේවකයන්ට වෙනස් වූ අදහස් සහ යෝජනා තිබෙන බවත් ඒවා වෙනුවෙන් නිවැරදි අත්වැලක් වියයුතු බව අප හඳුනාගෙන ඇත. සාමාන්‍ය දුක්ගැනවිලි විසඳීමේ ක්‍රියාවලියක් අපගේ සේවකයන් වෙනුවෙන් අප විසින් නිර්මාණය කර ඇති අතර සියලු තලයන් ආවරණය වන පරිදි දුක්ගැනවිලි කමිටුවක් විසින් මෙම “Reachout” නම් වැඩසටහන සංවිධානය කරයි. මෙය කාන්තා සේවකයන් වෙනුවෙන් නිර්මාණය කරඇති අතර ඔවුන් මුහුණ දෙන ගැටළු සහ වෘත්තීය මට්ටමෙන් හෝ පෞද්ගලික මට්ටමින් මුහුණ දීමට සිදුවන අකටයුතුකම්වලට එරෙහිව සහාය ලබාදීමට මෙම කමිටුව ඉදිරිපත් වේ.
ප්‍රධාන විධායක මට්ටමේ සිට ඕනෑම කෙනෙකු වෙතට ගොස් තම අදහස ප්‍රකාශ කිරීමට හැකි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමඟ විවෘත දොරටු ප්‍රතිපත්තියක් බැංකුව අනුගමනය කරයි. මීට අමතරව කලින් කලට සභාපතිතුමා, ප්‍රධාන විධායක නිලධාරීතුමා අදාළ අනෙකුත් කාර්යය මණ්ඩල ප්‍රධානීන් සමඟ “Open Days” දුක්ගැනවිලි සහ අදහස් සාකච්ඡා කිරීමේ වැඩසටහනක් අප සංවිධානය කරයි. එහිදී සේවකයන් සමඟ ඝෘජුව කතාකරමින් බැංකුවේ වර්ධනය සහ වෙනත් කාරණා පිළිබඳ විවෘත සාකච්ඡාවක් සිදුකරයි.
සෞඛ්‍ය සහ ශාරීරික මූලිකත්ව වැඩසටහන්
රටපුරා ව්‍යාප්ත වන බෝ නොවන රෝග වල වර්ධනය සමඟ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීමේ වැදගත්කම සහ තමන් සහ පවුලේ සමීපතමයන්ගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත්භාවය ඇතිකිරීමට අපගේ සේවකයන්ව උනන්දු කරයි. මේ සඳහා ඖෂධ ලබාදීමේ වැඩසටහනක්, ව්‍යායාම් වැඩසටහනක් සහ ක්‍රියාකාරකම් හරහා දැනුවත්භාවය ලබාදීමේ වැඩසටහනක් සංවිධානය කරමින් වසර පුරාම සේවකයන් සහ ඔවුන්ගේ පවුල්වල උදවිය සෞඛ්‍යසම්පන්නව තබාගැනීමට වෙහෙසෙවෙයි.