DFCC බැංකුවට නවෝත්පාදනය, අන්තර්කරණය සහ පාරිභෝගික පහසුව වෙනුවෙන් තවත් සම්මාන රැසක්
August 16, 2023
DFCC බැංකුව නවෝත්පාදනය, අන්තර්කරණය සහ පාරිභෝගික සේවාව වෙනුවෙන් තවත් සම්මාන රැසකින් පිදුම් ලැබීමට සමත් විය. FITIS Digital Excellence Awards, (‘DFCC Virtual Wallet’ වෙනුවෙන්), Effie Awards (‘DFCC ආලෝකා’ හඳුන්වා දීම සඳහා සිදු කළ ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන්) සහ LankaPay Technnovation Awards (මූල්‍ය අන්තර්කරණය සහ ගනුදෙනුකරුවන්ගේ පහසුව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන්) යන සම්මාන උළෙලවලදී DFCC බැංකුවට මේ ආකාරයට සම්මාන හිමි විය
“ගනුදෙනුකරුවන්ට නව්‍ය හා ඵලදායී බැංකුකරණ විසඳුම් හඳුන්වා දීමට අප ගන්නා උත්සාහය මෙලෙස සම්මාන උළෙලවල් කිහිපයකදීම ඇගයීමට ලක්වීම අපට මහත් සතුටක්. අපගේ කාර්ය මණ්ඩලයේ කැපවීම මෙන්ම අපගේ ගනුදෙනුකරුවන් කවදත් අප කෙරෙහි රැඳවූ විශ්වාසය නිසා මේ ජයග්‍රහණ අත්කර ගැනීමට අපට හැකි වුණා. එමෙන්ම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ වැඩි පිරිසක් වෙත බැංකු සේවාවන් සමීප කරවීමට අප දරන උත්සාහය සාර්ථක වී ඇති බවට මෙම සම්මාන සාක්ෂි දරනවා. මෙම ජයග්‍රහණ තුළින් පන්නරය ලබමින් අපගේ ගනුදෙනුකරුවන්ට දිගින් දිගටම ජාත්‍යන්තර තලයේ විසඳුම් හා සේවාවන් තිළිණ කිරීම අපගේ අරමුණයි.” DFCC බැංකුවේ උප සභාපති (ඩිජිටල් ක්‍රමෝපාය) දිනේෂ් ජෙබමනි මහතා පැවසී ය.
FITIS Digital Excellence Awards
DFCC බැංකුවේ දෙමුහුම් ජංගම යෙදවුම (Hybrid mobile banking app) වන DFCC Virtual Wallet වෙත FITIS Digital Excellence Awards හිදී ‘සම්බන්ධිත නිෂ්පාදන හා සේවා’ (Connected Product and Service) කාණ්ඩය යටතේ කුසලතා සම්මානයක් හිමි විය. 2015 වසරේදී හඳුන්වා දුන් DFCC Virtual Wallet, බැංකු ක්ෂේත්රය තුළ පෙරළියක් සිදුකිරීමට සමත් වී තිබේ. මේ වනවිට ගනුදෙනුකරුවන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා එයට නව අංග රැසක්ද එක්කර ඇත.
CEFTS හරහා වෙනත් බැංකුවල ගිණුම්වලට මුදල් මාරු කිරීම සහ වෙනත් බැංකුවල ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා මුදල් ගෙවීම මෙන්ම, DFCC ක්‍රෙඩිට් කාඩ්පත්වල ණය සීමාවන්, ශේෂය, ගෙවීම් කළ යුතු දිනය, ගෙවිය යුතු අවම මුදල, Cashback දීමනාවල තත්ත්වය හා ගිණුම් ප්‍රකාශයන් ආදිය පරීක්ෂා කිරීම ඇතුළු සේවාවන් රාශියක් DFCC Virtual Wallet තුළින් ලබාගත හැකි වේ. එමෙන්ම DFCC ඉතුරුම් හා ජංගම ගිණුම්වල ශේෂය, පසුගිය ගනුදෙනු 10 ට අදාළ තොරතුරු, ස්ථාවර තැන්පතුවල ශේෂය, කාලසීමාවන්, පොලී අනුපාත, කල්පිරීමේ දින, ණය ශේෂයන්, ගෙවිය යුතු මුදල් ප්‍රමාණයන් සහ මීළඟ ගෙවීම සිදුකළ යුතු දිනය ඇතුළු තොරතුරු රාශියක්ද මෙමගින් පරීක්ෂා කළ හැක. මේ සියල්ලට අමතරව ඕනෑම DFCC ගිණුමකට මුදල් මාරු කිරීම, මුදල් ලැබෙන මූලාශ්රයන් කළමනාකරණය කිරීම, මුදල් යැවීම හා ගෙන්වා ගැනීම, ප්‍රියතම ගනුදෙනු ලකුණු කිරීම සහ බිල්පත් නිකුත් කරන ආයතන සහ වෙනත් ආයතන 50 කට අධික සංඛ්‍යාවකට ගෙවීම් කිරීම වැනි සේවාවන් රාශියක්ද මෙමගින් ලබාගත හැකි වේ.
Effie Merit Award
කාන්තාවන් වෙනුවෙන්ම වෙන් වූ ‘DFCC ආලෝකා’ විසඳුම හඳුන්වා දීමට සමාගමීව සිදුකළ ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් DFCC බැංකුවට Effie Awards හිදී කුසලතා සම්මානයක් හිමි විය. සාර්ථක හා ඵලදායී අලෙවිකරණ ක්රමෝපායන් භාවිතා කිරීම වෙනුවෙන් මෙම කුසලතා සම්මානය පිරිනමන ලදි. ‘DFCC ආලෝකා’ හඳුන්වා දීමට පෙර, හඳුන්වා දීම සහ හඳුන්වා දීමෙන් අනතුරුව වශයෙන් අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන අතිශයින් සාර්ථක විය
“ගනුදෙනුකරුවන්ට විශිෂ්ට, ඵලදායී හා නව්‍ය විසඳුම් හඳුන්වා දීමට අප දරන උත්සාහය මෙවැනි ගෞරවණීය සම්මාන උළෙලකදී ඇගයීමට ලක් වීම අපට මහත් සතුටක්. බැංකු ක්ෂේත්රය තුළ අන්තර්කරණය හා සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීමට අප දරන උත්සාහයට මෙම සම්මානය සාක්ෂි දරනවා. ඉදිරියටත් මේ ගුණාංග වෙනුවෙන් කැපවීම අපගේ අරමුණයි.” DFCC බැංකුවේ උප සභාපතිනි සහ අලෙවිකරණ හා තිරසාර සංවර්ධන අංශ ප්‍රධානී නිල්මිණි ගුණරත්න මහත්මිය පැවසුවා ය.
LankaPay Technnovation Awards 2023
මූල්‍ය අන්තර්කරණය සහ ගනුදෙනුකරුවන්ගේ පහසුව ප්‍රවර්ධනය කිරීම උදෙසා දරන ලද විශිෂ්ට උත්සාහයන් වෙනුවෙන් LankaPay Technnovation Awards 2023 හිදී DFCC බැංකුවට C කාණ්ඩයේ “මූල්‍ය අන්තර්කරණය සම්බන්ධයෙන් වසරේ විශිෂ්ටතම බැංකුව” සහ “පාරිභෝගික පහසුව සම්බන්ධ විශිෂ්ටත්වය” යන උප කාණ්ඩ යටතේ කුසලතා සම්මාන හිමි විය. ශ්‍රී ලංකාව තුළ මූල්‍ය අන්තර්කරණයට උපකාරී වන නව්‍ය හා පාරිභෝගික-කේන්ද්‍රීය විසඳුම් හඳුන්වා දීම සඳහා DFCC බැංකුව දරන උත්සාහයේ සාර්ථකත්වය මෙම සම්මාන මගින් යළිත් තහවුරු වී තිබේ.
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 68 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයක් වී තිබේ.
Green Climate Fund (GCF) සහතිකකරණය හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම (සහ මේ දක්වා එකම) බැංකුව වන්නේ DFCC බැංකුවයි. මෙය DFCC බැංකුව තිරසාරත්වය උදෙසා දක්වන කැපවීම සනාථ කරන සාධකයක් වන අතර, මෙමගින් එම බැංකුවට මෙරට තුළ දේශගුණ විපර්යාසවල බලපෑම අවම කරන සහ එම බලපෑම්වලට අනුගත වීමට උපකාරී වන ව්‍යාපෘතිවලට අත්වැලක් වීම සඳහා සහනදායී මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකියාව ලැබී තිබේ.
Euromoney වෙතින් හිමි වූ ‘2021 සහ 2022 වසරවල ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණයේ වෙළඳපොළ ප්‍රමුඛයා’ සම්මානය ඇතුළුව DFCC බැංකුව මේ දක්වා සම්මාන හා ඇගයුම් රැසකින් පිදුම් ලබා ඇති අතර, Business Today සඟරාව මගින් එම බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන DFCC බැංකුව, Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A- (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ