DFCC බැංකුව පැය 24 පුරා ගනුදෙනුකරුවන්ට සහය වීමට WhatsApp හරහා DFCC Chatz සේවාව හඳුන්වා දෙයි
January 4, 2023
DFCC බැංකුව යනු පුළුල් පරාසයක පැතිරුණු මූල්‍ය ගනුදෙනු, ඉතුරුම් හා ආයෝජන සේවාවන් පිරිනමන, පූර්ණ වාණිජ බැංකුවකි. මෙම සේවාවන් සැපයීම සඳහා DFCC බැංකුව නවීන තාක්ෂණය සහ ඩිජිටල් බැංකුකරණ තාක්ෂණයන් භාවිතා කරයි. එහි තවත් ඉදිරි පියවරක් වශයෙන්, ගනුදෙනුකරුවන්ට අවශ්‍ය ඕනෑම මොහොතක සහයෝගය හා මගපෙන්වීම් ලබාදීම සඳහා, නවතම චැට් සේවාව වන DFCC Chatz සේවාව WhatsApp හරහාද ක්‍රියාත්මක කිරීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. ඉතාමත් පහසුවෙන්, ඉක්මනින් හා කාර්යක්ෂම ලෙස භාවිතා කළ හැකි මෙම චැට් සේවාව නිසා DFCC බැංකුවේ ගනුදෙනුකරුවන්ට ඕනෑම දිනයක, ඕනෑම වෙලාවක, ඕනෑම ස්ථානයක සිට තමන්ට අවශ්‍ය සහය ලබාගත හැකි වේ.
නවීනතම ඩිජිටල් චැට්බෝට් තාක්ෂණය මගින් බලගැන්වී ඇති DFCC Chatz සේවාවට, ගනුදෙනුකරුවන් නිතර තම මූල්‍ය කටයුතු පිළිබඳව අසන ප්‍රශ්නවලට ක්ෂණිකව පිළිතුරු ලබාදිය හැකි අතර, අවශ්‍ය අවස්ථාවලදී පාරිභෝගික සම්බන්ධතා නිලධාරීවරයෙකුගේ මැදිහත්වීමක් ඉල්ලා සිටිය හැක. මෙම සේවාව ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ යන භාෂා තුනෙන් දවසේ පැය 24 පුරා ලබාගත හැකි අතර, DFCC Chatz දුරකථන අංකය වන 077 023 5000 අංකය WhatsApp හි Save කර, “Hi” ටයිප් කර සහය ඉල්ලීමෙන් එම සේවාව සමග සංවාදයක් ආරම්භ කළ හැකි වේ.
DFCC Chatz සේවාව සහ එහි වැදගත්කම සම්බන්ධයෙන්, DFCC බැංකුවේ උප සභාපති සහ ඩිජිටල් ක්‍රමෝපාය අංශ ප්‍රධානී දිනේෂ් ජෙබමනි මහතා මෙසේ අදහස් දැක්වී ය. “WhatsApp යනු වර්තමාන ලෝකය තුළ අපට එකිනෙකා සමග සම්බන්ධතා පවත්වා ගැනීමට ඇති හොඳම ක්‍රමයක්. මේ බව වටහා ගනිමින්, කවදත් ගනුදෙනුකරුවන්ට මුල්තැන ලබාදෙන බැංකුවක් වශයෙන්, අප සමග වඩාත් පහසුවෙන් සම්බන්ධ වීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලබාදීමට අප තීරණය කළා. එම නිසා දැන් DFCC බැංකුව සමග සම්බන්ධ වීමට අවශ්‍ය වූ විට ඔබ කළ යුතු වන්නේ WhatsApp වෙත පිවිසී DFCC Chatz සේවාවට “Hi” කියා ටයිප් කිරීම පමණයි. මෙමගින් ඔබට ඇති බැංකු කටයුතු පිළිබඳ සාමාන්‍ය ගැටලු වලට ක්ෂණිකව සහය ලබාගැනීමට හැකි වෙනවා. කාර්ය මණ්ඩලයේ සහයෝගය අවශ්‍ය නම්, ගැටලුව පාරිභෝගික සේවා නියෝජිතයෙකු වෙත යොමු කිරීමටද DFCC Chatz සේවාවට පුළුවන්. පරිශීලිකයන් සමග සංවාදයේ යෙදිය හැකි ආකාරයට අන්තර්ක්‍රියාකාරී ලෙස, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයෙන් DFCC Chatz නිර්මාණය කර තිබෙනවා. අපගේ ඩිජිටල් සහය සේවාව වන එය WhatsApp සහ අපගේ නිල වෙබ් අඩවිය මෙන්ම අපගේ Facebook Messenger සහ Viber හරහාද භාවිතා කිරීමට පුළුවන්. මෙහි ඇති සරල සහ පහසුවෙන් භාවිතා කළ හැකි අතුරු මුහුණත නිසා ගනුදෙනුකරුවන්ට ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට සංවාදශීලී, මිත්‍රශීලී සහ ඉක්මන් සේවාවක් අත්විඳිය හැකියි. එමෙන්ම මෙය ශ්‍රී ලංකාවේ මුලින්ම හඳුන්වා දුන් ඩිජිටල් සහය සේවාවන්ගෙන් එකක් වීම තවත් විශේෂත්වයක්. පුරෝගාමී ඩිජිටල් නවෝත්පාදනයන් ඔස්සේ මෙරට බැංකු හා මූල්‍ය ක්ෂේත්රය සවිබල ගැන්වීමට DFCC බැංකුව දක්වන උනන්දුව, මෙවැනි සේවාවක් හඳුන්වා දීමට බලපෑ ප්‍රධානතම හේතුවක් ලෙස හැඳින්විය හැකියි.”
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 66 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයකි. එම බැංකුවට 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Brands Magazine වෙතින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සේවා සන්නාමය’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන හිමි විය. එමෙන්ම Business Today සඟරාව මගින් DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. තවද එම බැංකුව ICRA Lanka සමාගම වෙතින් [SL] AA- ස්ථාවර’ ශ්‍රේණිය සහ Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A+ (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.