DFCC බැංකුව ඉසිපතන විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය හා එක් වී විශේෂ ප්රතිලාභ සහිත Affinity ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දෙයි
July 31, 2023
DFCC බැංකුව මෙරට ප්‍රමුඛතම පිරිමි පාසලක් වන ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය හා එක් වී විශේෂ ප්රතිලාභ සහිත Affinity ක්‍රෙඩිට් කාඩ්පතක් (DFCC Isipathana College OBA Affinity Credit Card) හඳුන්වා දී ඇත. මෙම හවුල්කාරීත්වය යටතේ, ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් විසින් සිදුකරනු ලබන වියදම්වලින් සහ කාඩ්පත් සඳහා අයකරනු ලබන වාර්ෂික ගාස්තුවෙන් කිසියම් ප්‍රතිශතයක් ඉසිපතන විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය වෙත බැර කෙරේ. මේ ඔස්සේ ඉසිපත විද්‍යාලයේ අධ්‍යාපන හා ක්‍රීඩා කටයුතු නංවාලීම සඳහා අඛණ්ඩව දායක වීමට අවශ්‍ය ශක්තිය එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය වෙත ලබාදීම DFCC බැංකුවේ අරමුණ වී ඇත. මෙම සුවිශේෂී කාඩ්පත භාවිතා කිරීමට අවස්ථාව ලැබීම, ඉසිපත විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ට ලැබෙන විශේෂ ගෞරවයක් වනු නො-අනුමාන ය
ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන්ට පමණක් ලබාගත හැකි මෙම කාඩ්පත මගින්, සියලුම ගනුදෙනු සඳහා 1% ක Cashback දීමනාවක්, වසර පුරා විශේෂ වට්ටම්, මාස 60 ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රම, ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුම්වල ශේෂය මාරු කිරීමේ පහසුකම් සහ විශේෂ ණය පහසුකම් ඇතුළු තවත් දීමනා හා පහසුකම් රාශියක් හිමි වේ.
විවිධ කාණ්ඩවලට අයත් ගනුදෙනුකරුවන්ට ගැළපෙන ප්රතිලාභ රාශියක් ලබාදෙන DFCC ක්‍රෙඩිට් කාඩ්පත්, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විශාල පිළිගැනීමක් හිමිකරගෙන ඇත.
DFCC Isipathana College OBA Affinity Credit Card නිල වශයෙන් හඳුන්වා දීමේ උත්සවය පසුගියදා DFCC බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණු අතර, එම අවස්ථාවට DFCC බැංකුව සහ ඉසිපතන විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරන ප්‍රධාන පෙළේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
වමේ සිට: – DFCC බැංකුවේ උප සභාපතිනි සහ අලෙවිකරණ හා තිරසාර සංවර්ධන අංශ ප්‍රධානී නිල්මිණි ගුණරත්න,කණ්ඩායම් ප්‍රධානී තිලාන් ගුණසේකර, උප සභාපති සහ කාඩ්පත් අංශ ප්‍රධානී ඩෙන්වර් ලුවිස්, ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ සහ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති ජගත් අල්විස්, ඉසිපතන විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ උප සභාපති (මූල්‍ය) රොෂාන් මද්දුමගේ, එම සංගමයේ සම ලේකම් දුශාන් වික්‍රමසිංහ සහ සම ලේකම් Gaznaffer ජලාල්ඩීන් යන මහත්ම මහත්මීන්
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 68 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයක් වී තිබේ.
Green Climate Fund (GCF) සහතිකකරණය හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම (සහ මේ දක්වා එකම) බැංකුව වන්නේ DFCC බැංකුවයි. මෙය DFCC බැංකුව තිරසාරත්වය උදෙසා දක්වන කැපවීම සනාථ කරන සාධකයක් වන අතර, මෙමගින් එම බැංකුවට මෙරට තුළ දේශගුණ විපර්යාසවල බලපෑම අවම කරන සහ එම බලපෑම්වලට අනුගත වීමට උපකාරී වන ව්‍යාපෘතිවලට අත්වැලක් වීම සඳහා සහනදායී මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකියාව ලැබී තිබේ.
Euromoney වෙතින් හිමි වූ ‘2021 සහ 2022 වසරවල ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණයේ වෙළඳපොළ ප්‍රමුඛයා’ සම්මානය ඇතුළුව DFCC බැංකුව මේ දක්වා සම්මාන හා ඇගයුම් රැසකින් පිදුම් ලබා ඇති අතර, Business Today සඟරාව මගින් එම බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන DFCC බැංකුව, Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A- (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.