DFCC බැංකුව, ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සඳහා විශේෂ ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දෙයි
September 7, 2023
DFCC බැංකුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය වෙනුවෙන් සුවිශේෂී ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දී තිබේ. මෙමගින් එම ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන්ට සාම්ප්‍රදායික ක්‍රෙඩිට් කාඩ්පතක සීමාවෙන් ඔබ්බට ගිය ප්රතිලාභ රාශියක් හිමි වනු ඇත. මෙය රටේ පිළිගත් ආයතන හා සංවිධාන සඳහා සුවිශේෂී වූ මූල්‍ය විසඳුම් හඳුන්වා දීමට DFCC බැංකුව දරන උත්සාහයේ තවත් පියවරකි.
මෙම ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට තෝරාගත් අලෙවිසැල්වලදී වසර පුරාම වට්ටම් හිමි වන අතර, ඔවුන් වැය කරන සෑම රු. 100/- කටම 1% ක Cashback දීමනාවක් ඔවුන්ගේ DFCC ගිණුම්වලට බැර වේ. එමෙන්ම ඉහළ වටිනාකමකින් යුත් භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීම පහසු කිරීම සඳහා මාස 60 ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රමද ඔවුන් වෙනුවෙන් හඳුන්වා දී ඇත. මීට අමතරව, කාඩ්පත් හිමියන් සිය ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් වැයකරන මුදල්වලින් සහ එම කාඩ්පත් සඳහා අය කෙරෙන වාර්ෂික ගාස්තුවලින් කොටසක් ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය වෙත හිමි වීම, එම සංගමයට ලැබෙන මහඟු අත්වැලක්ද වනු ඇත.
“ගනුදෙනුකරුවන්ගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන මූල්‍ය විසඳුම් නිර්මාණය කිරීමට අප කැප වී සිටිනවා. ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය සමග අප ඇතිකරගත් හවුල්කාරීත්වය එම උත්සාහයේ තවත් පියවරක් ලෙස හැඳින්විය හැකියි. මේ ආකාරයට ඉතාමත් කාර්යක්ෂම ලෙස ගනුදෙනු කරන අතරම ප්රතිලාභ රාශියක් හිමිකරගත හැකි ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දීමට හැකි වීම අපට මහත් සතුටක්.” DFCC බැංකුවේ උප සභාපති සහ කාඩ්පත් ප්‍රධානී ඩෙන්වර් ලුවිස් මහතා පැවසී ය.
DFCC බැංකුව මේ වනවිට තම ගනුදෙනුකරුවන්ගේ විවිධාකාර වූ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි Mastercard සහ Visa ක්‍රෙඩිට් කාඩ්පත් වර්ග රැසක් හඳුන්වා දී තිබේ. මෙම සෑම කාඩ්පතක්ම සැලසුම් කර ඇති එහි ඉලක්කගත ගනුදෙනුකරුවන්ගේ සුවිශේෂී වූ අවශ්‍යතාවන් මැනැවින් සපුරාලන ආකාරයට ය. DFCC ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සිදුකරන සෑම ගනුදෙනුවක් සඳහාම ඔවුන්ට Cashback දීමනාවක් හිමි වන අතර, කාඩ්පත් වර්ගය අනුව තවත් සුවිශේෂී ප්රතිලාභ හා දීමනා රාශියක් හිමි වේ. එමෙන්ම අවම සේවා ගාස්තුවක් යටතේ වෙනත් ක්‍රෙඩිට් කාඩ්පත්වල ශේෂයන් DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් වෙත මාරු කිරීමේ පහසුකම් සලසා දී ඇති අතර, කාඩ්පත් සඳහා ඉක්මනින් හා පහසුවෙන් ණය පහසුකම් ලබාගැනීමද සිදුකළ හැක
DFCC බැංකුව සහ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය අතර ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, දෙපාර්ශ්වය අතර බැඳීම තවදුරටත් ශක්තිමත් කරමින් අන්‍යෝන්‍ය ප්රතිලාභ රාශියක් හිමි කර දෙන පියවරක් වනු නො-අනුමාන ය
ඡායාරූපය (වමේ සිට):DFCC බැංකුවේ ශාන් පෙරේරා, එම බැංකුවේ සහකාර උප සභාපති සහ පිළියන්දල ශාඛාවේ කළමනාකරු නිර්මල ප්‍රසන්න, උප සභාපතිනි සහ අලෙවිකරණ හා තිරසාර සංවර්ධන අංශ ප්‍රධානී නිල්මිණි ගුණරත්න, උප සභාපති සහ ප්‍රාදේශීය කළමනාකරු කැලුම් පෙරේරා, උප සභාපති – පොදු නීති කටයුතු සමන්ත්රි කාරියවසම්, ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ, ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ විදුහල්පති ගරු සංජීව මෙන්ඩිස් පියතුමන්, එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති රොෂාන් ඕපාත, උප සභාපති නවෝද අර්සකුලරත්න, ජ්‍යෙෂ්ඨ සාමාජික ප්‍රේමලාල් අපොන්සු, උප සභාපති ප්‍රසංග ද සිල්වා, කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය සමන් ඇන්තනි, සභාපති (කණ්ඩායම් සම්බන්ධීකාරක කමිටුව) උරේෂ් සන්දනායක, ආදි ශිෂ්‍ය සංගමයේ මහ ලේකම් රුක්ෂාන් කුරේ සහ භාණ්ඩාගාරික නිශාන්ත වෙම්බැක් යන මහත්ම මහත්මීන්
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 68 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයක් වී තිබේ.
Green Climate Fund (GCF) සහතිකකරණය හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම (සහ මේ දක්වා එකම) බැංකුව වන්නේ DFCC බැංකුවයි. මෙය DFCC බැංකුව තිරසාරත්වය උදෙසා දක්වන කැපවීම සනාථ කරන සාධකයක් වන අතර, මෙමගින් එම බැංකුවට මෙරට තුළ දේශගුණ විපර්යාසවල බලපෑම අවම කරන සහ එම බලපෑම්වලට අනුගත වීමට උපකාරී වන ව්‍යාපෘතිවලට අත්වැලක් වීම සඳහා සහනදායී මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකියාව ලැබී තිබේ.
Euromoney වෙතින් හිමි වූ ‘2021 සහ 2022 වසරවල ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණයේ වෙළඳපොළ ප්‍රමුඛයා’ සම්මානය ඇතුළුව DFCC බැංකුව මේ දක්වා සම්මාන හා ඇගයුම් රැසකින් පිදුම් ලබා ඇති අතර, Business Today සඟරාව මගින් එම බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන DFCC බැංකුව, Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A- (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ