DFCC බැංකුව සංවිධානය කළ “Read the Way” තිරසර සංවර්ධන වැඩසටහන සාර්ථක ලෙස නිමාව දකී
August 31, 2023
DFCC බැංකුව මෙරට දරු පරපුරේ යහපත වෙනුවෙන් ක්‍රියාවට නැංවූ DFCC ‘Read the Way’ වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. මෙරට විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන දරුදැරියන්ගේ ජීවිත වඩාත් යහපත් කරමින්, ඔවුන් ඉගෙනුමට සහ පොතපත කියවීමට නැඹුරු කරවීම මෙම වැඩසටහනේ අරමුණ විය.
DFCC බැංකුවට අමතරව තවත් හවුල්කරුවන් රාශියක් DFCC ‘Read the Way’ වැඩසටහන සමග අත්වැල් බැඳගත් අතර, ඔවුන් සියලුම දෙනාගේ සාමූහික ප්රයත්නයන් ඔස්සේ මෙරට දිස්ත්‍රික්ක 19 ක, පාසල් 50 ක දරු දැරියන් 14,000 කට අධික පිරිසකට සෙත සැලසීමට හැකියාව ලැබිණි. මෙම උදාර මෙහෙවර, විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ආර්ථික දුෂ්කරතාවන්ගෙන් පීඩා විඳින දරුදැරියන් සහ පවුල් රැසකට ඉමහත් සහනයක් විය. දරුවන් තුළ කියවීමේ පුරුද්ද ඇතිකරවීම තුළින්, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතර 4 වන ඉලක්කය වන ‘පරිපූර්ණ හා සාධාරණ ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම සහ සැමට ජීවිත කාලය පුරා ඉගෙනීමේ අවස්ථාව ඇති කිරීම’ යන ඉලක්කය සාක්ෂාත් කරගැනීමට හැකි වන බව DFCC බැංකුව විශ්වාස කරන අතර, ඉදිරියටත් දරුවන්ට දීප්තිමත් අනාගතයක් උදාකර දීම සඳහා මෙවැනි වැඩසටහන් ක්‍රියාවට නැංවීමට DFCC බැංකුව බලාපොරොත්තු වෙයි.
DFCC බැංකුවේ නිලධාරීන් DFCC ‘Read the Way’ වැඩසටහන යටතේ පාසල් රැසක දරුදැරියන්ට පොත්පත් බෙදාදුන් අයුරු
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 68 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයක් වී තිබේ.
Green Climate Fund (GCF) සහතිකකරණය හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම (සහ මේ දක්වා එකම) බැංකුව වන්නේ DFCC බැංකුවයි. මෙය DFCC බැංකුව තිරසාරත්වය උදෙසා දක්වන කැපවීම සනාථ කරන සාධකයක් වන අතර, මෙමගින් එම බැංකුවට මෙරට තුළ දේශගුණ විපර්යාසවල බලපෑම අවම කරන සහ එම බලපෑම්වලට අනුගත වීමට උපකාරී වන ව්‍යාපෘතිවලට අත්වැලක් වීම සඳහා සහනදායී මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකියාව ලැබී තිබේ.
Euromoney වෙතින් හිමි වූ ‘2021 සහ 2022 වසරවල ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණයේ වෙළඳපොළ ප්‍රමුඛයා’ සම්මානය ඇතුළුව DFCC බැංකුව මේ දක්වා සම්මාන හා ඇගයුම් රැසකින් පිදුම් ලබා ඇති අතර, Business Today සඟරාව මගින් එම බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන DFCC බැංකුව, Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A- (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.