
Media Centre
Economic, social and environment development is deeply embedded in our values and informs how we conduct business, develop products and services and deliver on our goals and commitments.
DFCC Junior වෙතින් දරුවන් වෙනුවෙන් නිර්මාණාත්මක ඉතුරුම් කැට තරගයක්
June 1, 2023

දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරවන අතරම ඔවුන්ගේ නිර්මාණශීලීත්වය අවදි කිරීමේ අරමුණින් DFCC බැංකුව විසින් පසුගියදා නිර්මාණාත්මක ඉතුරුම් කැට තරගයක් දරුවන් වෙනුවෙන් සංවිධානය කරන ලදි. ඡායාරූපයෙහි දැක්වෙන්නේ එම තරගයට ඉදිරිපත් කරන ලද නිර්මාණාත්මක ඉතුරුම් කැට අතරින් කිහිපයකි. DFCC Junior යනු DFCC බැංකුවේ ප්‍රධානතම ළමා ඉතුරුම් ගිණුම වන අතර, එම ගිණුම හරහා දරුවන්ට ආකර්ෂණීය ත්‍යාග පිරිනැමීමටත්, දරුවන් වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කිරීමටත් DFCC බැංකුව නිරන්තරයෙන් කටයුතු කරයි. මේ ආකාරයට විවිධ පියවර ඔස්සේ දරුවන් ඉතිරි කිරීමට යොමුකරවමින්, ශ්‍රී ලංකාවේ අනාගත පරපුර මූල්‍යමය වශයෙන් වගකීම්සහගත පුරවැසියන් බවට පත්කිරීම DFCC බැංකුවේ අරමුණ වේ.