DFCC බැංකුව ‘රන් වරම’ උකස් සේවාවන් සඳහා වෙළඳපල අවම පොලී අනුපාත ලබා දෙයි
August 3, 2023
DFCC බැංකුව ආර්ථික දුෂ්කරතා හමුවේ තම ගනුදෙනුකරුවන්ට අත්වැලක් වීමේ අරමුණින්, උකස් සේවාවන් සඳහා සම කළ නොහැකි අවම පොලී අනුපාත හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොලී අනුපාත සංශෝධනය කිරීමට සමගාමීව මේ ආකාරයට ‘DFCC රන්වරම’ සේවාවේ පොලී අනුපාතද කැපීපෙනෙන ලෙස අඩු කර ඇත. මේ ඔස්සේ වෙළඳපොළේ අඩුම පොලී අනුපාත යටතේ රන් ණය පහසුකම් ලබාගැනීමට හැකි වීම ගනුදෙනුකරුවන්ට ඉමහත් සහනයක් වනු නො-අනුමාන ය.
මෙම සංශෝධනයෙන් අනතුරුව කැරට් 24 රන් ආභරණ සඳහා මසකට 1.48% ක පොලී අනුපාතයක් යටතේ උකස් පහසුකම් ලබාගත හැකි අතර, කැරට් 24 රන් පවුමක් සඳහා රු. 110,000/- ක් දක්වා මුදලක් හිමි වේ. මෙය අධික ගාස්තු ගෙවීමකින් තොරව, වෙළඳපොළේ හොඳම පොලී අනුපාත යටතේ විධිමත් ලෙස රන් ණය පහසුකම් ලබාගැනීමට ලැබෙන අගනා අවස්ථාවකි. ආපසු ගෙවීමට වැඩිම කාලයක්, එනම් මාස 12 ක් දක්වා කාලයක් ලබාදෙන DFCC රන් වරම සේවාව, ගනුදෙනුකරුවන්ගේ රහස්‍යභාවය මෙන්ම ඔවුන්ගේ භාණ්ඩවල ආරක්ෂාව උපරිමයෙන් සුරකියි.
“ශ්‍රී ලංකා මහ බැංකුවේ පොලී අනුපාත සංශෝධනයන්ට සමගාමීව මෙලෙස පොලී අනුපාත පහළ දමමින් ගනුදෙනුකරුවන්ට සහනයක් සැලසීමට හැකි වීම අපට මහත් සතුටක්. මේ දිනවල ගනුදෙනුකරුවන්ට මුහුණ දීමට සිදු වී ඇති ආර්ථක දුෂ්කරතාවල ස්වභාවය අප හොඳින් දන්නවා. DFCC රන්වරම වැනි පහසු සහ විනිවිදභාවයෙන් යුත් සේවාවන් හඳුන්වා දීමට අප පියවර ගෙන ඇත්තේ ඒ නිසයි. වෙළඳපොළේ හොඳම පොලී අනුපාතවලට අමතරව අප විශිෂ්ටතම තලයේ පාරිභෝගික සේවාවකුත් අපගේ ගනුදෙනුකරුවන් වෙත පිරිනමනවා.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසී ය.
DFCC රන් වරම රන් ණය සේවාව ලබාගැනීම සඳහා ඔබට ළඟම පිහිටි DFCC බැංකු ශාඛාව වෙත පියනගන්න. www.dfcc.lk වෙබ් අඩවියෙන් සහ පැය 24 පුරා ක්‍රියාත්මක +94(11)2350000 ක්ෂණික ඇමතුම් අංකයෙන්ද වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ.
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 68 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයක් වී තිබේ.
Green Climate Fund (GCF) සහතිකකරණය හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම (සහ මේ දක්වා එකම) බැංකුව වන්නේ DFCC බැංකුවයි. මෙය DFCC බැංකුව තිරසාරත්වය උදෙසා දක්වන කැපවීම සනාථ කරන සාධකයක් වන අතර, මෙමගින් එම බැංකුවට මෙරට තුළ දේශගුණ විපර්යාසවල බලපෑම අවම කරන සහ එම බලපෑම්වලට අනුගත වීමට උපකාරී වන ව්‍යාපෘතිවලට අත්වැලක් වීම සඳහා සහනදායී මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකියාව ලැබී තිබේ.
Euromoney වෙතින් හිමි වූ ‘2021 සහ 2022 වසරවල ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණයේ වෙළඳපොළ ප්‍රමුඛයා’ සම්මානය ඇතුළුව DFCC බැංකුව මේ දක්වා සම්මාන හා ඇගයුම් රැසකින් පිදුම් ලබා ඇති අතර, Business Today සඟරාව මගින් එම බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන DFCC බැංකුව, Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A- (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.