DFCC ජූනියර් ළමා ඉතුරුම් ගිණුම මගින් දැයේ දරුවන්ට සුවිශේෂි ප්රතිලාභ රැසක්.
October 3, 2023
DFCC බැංකුව මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ මතු අනාගත පරපුරේ සිහින හා අපේක්ෂාවන් සවි බල ගැන්වීමට කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා කුඩා කල සිට ම ඔවුන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කළ යුතු බවත් අවධාරණය කරයි.
දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීමේ ඇති වැදගත්කම
මූල්‍ය සාක්ෂරතාව යනු දරුවන් වෙනුවෙන් ලබා දිය හැකි වැදගත් ම දායාදයකි. ඉතිරි කිරීම සහ මූල්‍ය වගකීම පිළිබඳ දරුවන් වෙත මනා අවබෝධයක් ලබා දීම ඉතා වැදගත් වන අතර, DFCC බැංකුව එය ඉතා හොඳින් වටහාගෙන ඇති බැංකු ආයතනයක් ලෙස හඳුන්වා දිය හැකිය. එම නිසා ම DFCC බැංකුව මෑතකදී සිය ජූනියර් ළමා ඉතුරුම් ගිණුම් සඳහා නව ප්රතිලාභ සහ විශේෂාංග රැසක් හඳුන්වා දී ඇත.
වැඩි ප්රතිලාභ
DFCC ජූනියර් ළමා ඉතුරුම් ගිණුම සමඟින්, ඉතිරි කරන දරුවන්ට සුවිශේෂී ත්‍යාග මෙන් ම විවිධ ප්රතිලාභ ක්‍රම ලබා දීමට කටයුතු කරයි.
- තෑගි වවුචර දිවයිනේ ප්රමුඛ පෙළේ වෙළෙඳ ආයතන මගින් භාණ්ඩ මිල දී ගැනීම සඳහා වවුචර් පත් ලබා දීම මෙහි දී සිදු කෙරෙයි.
- විද්‍යුත්-තෑගි වවුචර : DFCC ජූනියර් ළමා ඉතුරුම් ගිණුම වෙතින් ලබා දෙන විද්‍යුත් – තෑගි වවුචර් පත් මගින් දිවයින පුරා තෝරා ගත් වෙළෙඳසැල් 110 කට අධික සංඛ්‍යාවකින් භාණ්ඩ මිල දී ගැනීමේ සහ වට්ටම් පහසුකම් ලබා දීමට පහසුකම් සලසා ඇත.
ත්‍යාග මුදල බැර කිරීමේ පහසුකම් : මෙම ක්‍රමවේදය හරහා, ත්‍යාග මුදල සෘජුව ම දරුවාගේ ගිණුමට බැර කෙරෙන අතර, එය දරුවාගේ අනාගත ඉලක්ක සපුරා ගැනීම සඳහා ප්‍රයෝජනවත් වේ.
DFCC ජූනියර් ත්‍යාග යෝජනා ක්‍රමය: දරුවාගේ ජීවිතයේ සුවිශේෂී කඩ ඉම්වල දී ම විවිධ ත්‍යාග ලබා දෙන අතර, 5 වසර ශිෂ්‍යත්වය, අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගය මෙන් ම 18 වැනි උපන් දිනය සඳහා රුපියල් 100,000 දක්වා විවිධ මුදල් ත්‍යාග පිරිනැමේ
ජූනියර් ළමා ඉතුරුම් ගිණුම් වර්ග
DFCC බැංකුව, ජූනියර් ළමා ඉතුරුම් ගිණුම් වර්ග දෙකක් හඳුන්වා දී ඇත.
- DFCC ජූනියර් ළමා ඉතුරුම් ගිණුම: දරුවන්ගේ මූල්‍ය ස්ථාවරත්වය අරමුණු කරමින් ඔවුන්ට ඉතිරිකිරීම් හුරුකිරීම සඳහා මෙය කදිම ඉතුරුම් ගිණුමකි.
- DFCC ජූනියර් ප්ලස් ඉතිරි කිරීමේ ගිණුම:ඉතුරුම් සඳහා ඉහළ ම පොලී අනුපාතයක් අපේක්ෂා කරන දරුවන්ගේ දෙමව්පියන් සහ භාරකරුවන් සඳහා සුදුසු ම ඉතිරි කිරීමේ ගිණුමකි. මෙහි දී රුපියල් මිලියන 1 සහ ඊට වැඩි ශේෂයන් සඳහා ආකර්ෂණීය 10% ක පොලී අනුපාතයක් ලබා දෙයි.
අනාගත පරපුර බල ගැන්වීම වෙනුවෙන් DFCC බැංකුවේ කැපවීම.
DFCC බැංකුව ශ්‍රී ලංකාවේ අනාගත පරපුර සවි බල ගැන්වීම වෙනුවෙන් නිරන්තරයෙන් ඇපකැපවෙන අතර ඒ වෙනුවෙන් නිර්මාණාත්මක ක්‍රියාකාරකම් තරඟ, චිත්‍ර තරඟ, 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා විශේෂ සම්මන්ත්රණ වැඩසටහන් වැනි ළමා පරපුර අතර දැනුම සහ නිර්මාණශීලීත්වය වර්ධනය කිරීම වෙනුවෙන් වසර පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට DFCC බැංකුව කටයුතු කරයි.
එමෙන් ම DFCC බැංකුව, Magic Bit/STEM (Science, Technology, Engineering and Mathematics) අධ්‍යාපනය සපයන පාර්ශ්ව සමඟ එක් ව ජූනියර් ගිණුම් හිමියන් වෙත ක්‍රමලේඛනය, කේතකරණය සහ රොබෝ තාක්ෂණය පිළිබඳ දැනුම ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. DFCC බැංකුවේ තිරසාර උපාය මාර්ග සමඟ සමපාත වන මෙම වැඩසටහන් දරුවන්ගේ අධ්‍යාපනික අරමුණු සාක්ෂාත් කර ගැනීමට ද උපකාරී වන අතර, එමගින් මූල්‍ය සාක්ෂරතාව සහ අනාගතය සඳහා අවශ්‍යවන තාක්ෂණ දැනුමක් සහිත අනාගත පරපුරක් නිර්මාණය වේ.
DFCC බැංකුවේ පාරිභෝගික බැංකුකරණ සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ආසිරි ඉද්දමල්ගොඩ මහතා අදහස් දක්වමින්, “සෞභාග්‍යමත් අනාගතයක් උදා කර ගැනීම සඳහා කුඩා කල සිට ම ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය බව අපි අවබෝධ කර ගෙන සිටිනවා. අපගේ වැඩිදියුණු කරන ලද DFCC ජූනියර් ළමා ඉතුරුම් ගිණුම සහ එහි ආකර්ෂණීය ප්රතිලාභ හරහා, දරුවන්ගේ මූල්‍ය හා අධ්‍යාපනික සාර්ථකත්වයට මග පෑදීම අපගේ අරමුණයි. මෙම ළමා ඉතුරුම් ගිණුම් හරහා අපි ලබා දෙන ත්‍යාග සහ සුවිශේෂී ප්රතිලාභ මඟින් අනාගත පරපුරේ සිතුම් පැතුම් පෝෂණය කිරීම වෙනුවෙන් අපගේ කැපවීම පෙන්නුම් කරනවා. ඊට සමගාමීව ඔවුන්ගේ දැනුම හා හැකියාවන් වර්ධනය කිරීම සඳහාත් අපි නිරන්තරයෙන් සහයෝගය ලබා දෙනවා.” ලංකාදීප අප සමඟ පවසන ලදී.
DFCC බැංකුව සමඟ දරුවාගේ අනාගත ඉතුරුම් සැලසුම් කරන්න
මෙවර ළමා දිනයේ දී, දරුවන්ගේ මූල්‍ය දැනුම සහ වගකීම් වර්ධනය කිරීම සඳහා සහයෝගය ලබා දෙන බවට ප්‍රතිඥා දෙමු. දරුවන් වෙනුවෙන් DFCC ජූනියර් ළමා ඉතුරුම් ගිණුමක් අරඹා ශේෂය වර්ධනය කර ගැනීම තුළින් වටිනා ත්‍යාග සහ ප්රතිලාභ අවස්ථා උදා කර ගත හැකිය.
DFCC ජූනියර් ළමා ඉතුරුම් ගිණුම සහ එහි ප්රතිලාභ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට හෝ ගිණුමක් විවෘත කිරීම සඳහා කරුණාකර Junior Account වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. නැතහොත් ඕනෑ ම DFCC බැංකු ශාඛාවකට පිවිසෙන්න. එසේත් නැතිනම් පැය 24 පුරා ක්‍රියාත්මක 011 2 350 000 ක්ෂණික ඇමතුම් අංකය අමතන්න.
DFCC බැංකුව පිළිබඳ කෙටි සටහනක්…
DFCC බැංකුව, වසර 68ක කීර්තිමත් ඉතිහාසයක් සහිත, පූර්ණ සේවා වාණිජ බැංකුවක් වන අතර, එමගින් විවිධාංගීකරණය වූ මූල්‍ය, වාණිජ හා සංවර්ධන බැංකු සේවා සපයයි. DFCC බැංකුව, 2020-2030 අතර කාල වකවානුව තුළ දී ප්‍රත්‍යස්ථ ව්‍යාපාර නිර්මාණය කිරීම, හරිත මූල්‍යකරණය සහ සමාජ වගකීම් සහිත ශක්තිමත් ව්‍යවසායකත්වයක් ස්ථාපනය කිරීම සඳහා සහාය වීම යන තිරසාර ඉලක්ක සාක්ෂාත් කර ගැනීම අරමුණු පෙරදැරි කර ගනිමින් ක්‍රියාත්මක වේ.
එක්සත් රාජධානියේ Global Brands සඟරාව විසින් 2021 වසරේ ශ්‍රී ලංකාවේ ‘වඩාත් විශ්වාසවන්ත පාරිභෝගික බැංකුකරණ සන්නාමය’ සහ ‘හොඳ ම පාරිභෝගික සේවා බැංකු සන්නාමය ‘ ලෙස DFCC බැංකුව නම් කෙරුණු අතර, Euromoney සඟරාව විසින් ‘2021 වසරේ මූල්‍ය කළමනාකරණ වෙළෙඳපොළ ප්‍රමුඛයා ‘ ලෙස DFCC බැංකුව නම් කෙරිණි. මීට අමතරව, DFCC බැංකුව Business Today සඟරාව මඟින් ‘ ශ්‍රී ලංකාවේ හොඳ ම ආයතන 40 ‘ අතරට ශ්‍රේණිගත කර ඇති අතර, එම බැංකුව ෆිච් රේටින්ග්ස් ලංකා විසින් සිදු කරනු ලබන ශ්‍රේණිගත කිරීමෙහි දී A- (lka) ශ්‍රේණිය ලබා ඇත.
හරිත දේශගුණික අරමුදල (GCF) වෙතින් ප්‍රතීතනය ලබා ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම මෙන් ම දැනට එක ම ආයතනය වීම තුළින් තිරසාරත්වය වෙනුවෙන් DFCC බැංකුවේ කැප වීම පෙන්නුම් කරන අතර, දේශගුණික විපර්යාස අවම කිරීමේ වැඩසටහන්වලට සහය වීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 250 ක මුදලක් එම අරමුදල මඟින් DFCC බැංකුව වෙත ලබා දී ඇත.