අන්තර්ජාල බැංකුකරණය (Online Banking) හරහා රාජ්‍ය ආයතන වෙත ගෙවීම් කිරීම – DFCC Bank PLC

අන්තර්ජාල බැංකුකරණය (Online Banking)
හරහා රාජ්‍ය ආයතන වෙත ගෙවීම් කිරීම

ඔබට දැන් DFCC අන්තර්ජාල බැංකුකරණය (Online Banking) හරහා ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට, විශේෂිත රජයේ ආයතන වෙත පහසුවෙන් මුදල් ගෙවීම් කළ හැකිය.

අන්තර්ජාල බැංකුකරණය (Online Banking) හරහා රාජ්‍ය ආයතන වෙත ගෙවීම් කිරීම

අන්තර්ජාල බැංකුකරණය (Online Banking) හරහා සිදු කළ හැකි ගෙවීම්


දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) වෙත ගෙවීම්


අන්තර්ජාල බැංකුකරණය (Online Banking) හරහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවිය හැකි බදු වර්ග:-


  • CGT – ප‍්‍රාග්ධන ලාභ බද්ද
  • CIT – ආයතනික ආදායම් බද්ද
  • බෙදිය හැකි ලාභය
  • ලාභාංශ
  • ESC – ආර්ථික සේවා ගාස්තුව
  • IIT – තනි පුද්ගල ආදායම් බද්ද
  • NBT – ජාතිය ගොඩනැගීමේ බද්ද
  • PAYE – උපයන විට ගෙවීමේ බද්ද
  • PIT – පුද්ගලික ආදායම් බද්ද
  • පේ‍්‍රෂණ
  • මුද්දර ගාස්තු
  • VAT – එකතු කළ අගය මත බද්ද
  • VAT-FS – මූල්‍ය සේවා සඳහා එකතු කළ අගය මත බද්ද
  • WHT Interests in Deposit – තැන්පතුවල පොළී මත රඳවා ගැනීමේ බද්ද
  • WHT Specified & other – විශේෂිත හා වෙනත් රඳවා ගැනීමේ බද්ද

ශ‍්‍රී ලංකා රේගුව වෙත ගෙවීම්


සේවක අර්ථසාධක අරමුදල වෙත ගෙවීම්


ශ‍්‍රී ලංකා රේගුව වෙත හා සේවක අර්ථසාධක අරමුදල (EPF) වෙත ගෙවීම් ආරම්භ කිරීමට පෙර පහත සඳහන් අත්‍යවශ්‍ය ක්ෂේත‍්‍ර වෙත ඔබගේ අවධානය යොමු කරන මෙන් අපි කරුණාවෙන් ඉල්ලා සිටිමු. කවර මුදල් ගෙවීමේ ගනුදෙනුවක් වුවද සිදු කිරීමට පෙර නිවැරදි හා සම්පූර්ණ තොරතුරු ඇති බවට සහතික වීම ඉතාමත් වැදගත් ය.


සේවක අර්ථසාධක අරමුදල: – PZNCD (කලාප කේතය), PEMNO (සේවායෝජක අංකය), PCNPR (දායකත්ව කාලපරිච්ෙඡ්දය), PSQNO (ඉදිරිපත් කිරීමේ අංකය)


ශ්‍රී ලංකා රේගුව: – Cusdec යොමු අංකය, කාර්යාල කේතය, වර්ෂය, අනු අංකය, ලියාපදිංචි අංකය, සමාගමේ කේතය


අන්තර්ජාල බැංකුකරණය (Online Banking) හරහා රාජ්‍ය ආයතන වෙත ගෙවීම් කරන ආකාරය


  • අපගේ අන්තර්ජාල බැංකුකරණ (Online Banking) ප‍්‍රවේශය වෙත පිවිසෙන්න.
  • ‘ගෙවීම් අයිකන් එක’ (Payments Icon) මත ක්ලික් කරන්න.
  • ‘රජයේ ගෙවීම්’ (Government Payments) අංශය තෝරාගන්න.
  • ගෙවීම්/ හර කරන ගිණුම (From/Debit Account) තෝරාගෙන, ශ‍්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හෝ සේවක අර්ථසාධක අරමුදල අතරින් අදාල ගෙවීම් වර්ගය තෝරාගන්න.
  • කෙටි පණිවුඩයක් (SMS) හෝ විද්‍යුත් තැපෑල (E-mail) හරහා ලැබෙන ‘එක් වරක් පමණක් භාවිතා කළ හැකි මුර පදය’ (OTP) ඇතුළත් කරන්න.
  • ‘එක් වරක් පමණක් භාවිත කළ හැකි මුර පදය’ (OTP) තහවුරු වූ විට, ඔබ තෝරා ගත් ගෙවීම් වර්ගය අනුව අදාළ රජයේ නිල වෙබ් ගෙවීම් පිටුව වෙත ඔබව යොමු කෙරෙනු ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවීම් කරන ආකාරය


  • ‘එක් වරක් පමණක් භාවිත කළ හැකි මුර පදය’ (OTP) තහවුරු කළ විට, ඔබගේ බදු ගෙවීම සිදු කරගැනීම සඳහා ඔබව අදාළ ගෙවීම් පිටුව (Comment Portal) වෙත යලි යොමු කෙරෙනු ඇත.
  • ඔබගේ ‘බදු ගෙවීමේ හැඳුනුම් අංකය’ (TIN) ඇතුළත් කළ පසුව, බදු වර්ගය කුමක්දැයි තෝරාගන්න.
  • තක්සේරු වර්ගය තෝරාගන්න.
  • බදු ගෙවිය යුතු කාලපරිච්ෙඡ්දය / අදාළ වර්ෂය තෝරාගන්න
  • ඉදිරියට යාම සඳහා (Submit) මත ක්ලික් කරන්න.

  • කරුණාකර මේ පිළිබඳවද සැලකිලිමත් වන්න. – * නිවැරදි විස්තර තෝරාගැනීමට වගබලා ගන්න. ඔබට තවදුරටත් ඉදිරියට යාමට නොහැකි බව දැනේ නම්,ඔබට දුරකථන අංක 1944 ඔස්සේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අමතා උපදෙස් ලබා ගත හැකි ය. ඔබ අන්තර්ජාල සේවාවන් (Online Services) සඳහා ලියාපදිංචි වී සිටිනවා නම්, ඔබගේ ‘බදු ගෙවීමේ හැඳුනුම් අංකය’ (TIN) ගෙවිය යුතු බදු වර්ගයට සම්බන්ධ කෙරෙනු ඇත.

  • ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව –

    -ඔබව තවත් පිටුවක් වෙත යොමු කෙරෙනු ඇත. ඔබ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ (IRD) අන්තර්ජාල සේවාවන් (Online Services) සඳහා ලියාපදිංචිව සිටිනවා නම්, ඔබ කරන බදු ගෙවීම තහවුරු කරමින් ඔබට කෙටි පණිවුඩයක් (SMS) හා විද්‍යුත් තැපැල් පණිවුඩයක් (E-mail) ලැබෙනු ඇත. ගෙවීම සාර්ථක වූ විට, ඔබ කෙටි පණිවුඩ සේවාව (SMS Services) සඳහා ලියාපදිංචි වී ඇති ජංගම දුරකථන අංකය ඔස්සේ එම ගෙවීම පිළිබඳව දන්වමින්, බැංකුව ඔබ වෙත පණිවුඩයක් එවනු ඇත. ඔබට තවදුරටත් විස්තර දැනගැනීමට අවශ්‍ය නම්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ක්‍ෂණික ඇමතුම් අංකය වන 1944 ඇමතීමට ද හැකිය.

  • ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව අන්තර්ජාල බැංකුකරණ (Online Banking) ටැබ් එක ක්ලික් කරමින් ඉදිරියට යන්න. ‘ගනුදෙනුව ඇරඹීම සාර්ථකයි’ බව සඳහන් කරමින් ඔබට පණිවුඩයක් ලැබෙනු ඇත. ගෙවීම් තත්ත්වය (Payment Status) පරික්ෂා කිරීම සඳහා පෙර ගනුදෙනු (Transaction History) ක්ලික් කරන්න.
  • ලදුපත බාගත (Download) කරගන්නා ආකාරය: පෙර ගනුදෙනු (Transaction History) කොටස ක්ලික් කිරීමෙන් පසුව, ලදුපත බාගත කිරීම සඳහා අදාළ ගනුදෙනුව මත ක්ලික් කරන්න. ”ලදුපත බාගත කරගන්න” (Download Receipt) යන කොටස ක්ලික් කළ විට, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ LPOPP පිටුව වෙත ඔබව යලි යොමු කිරීමෙන් පසුව ”ඔබගේ ලදුපත බාගත කරගන්න”.

සේවක අර්ථසාධක අරමුදල (EPF) වෙත ගෙවීම් කරන ආකාරය.


  • ගෙවීම් වර්ගය ලෙස සේවක අර්ථසාධක අරමුදල (EPF) තෝරා ගෙන, එක් වරක් පමණක් භාවිත කළ හැකි මුර පදය (OTP) ඇතුළත් කළ විට, ඔබව අදාළ ගෙවීම් පිටුව වෙත යොමු කෙරෙනු ඇත.
  • අවශ්‍ය කරන තොරතුරු සම්පූර්ණ කොට, ‘ඉදිරියට යන්න’ (Submit) මත ක්ලික් කරන්න.
  • විස්තර යලි පරීක්ෂා කිරීමෙන් පසුව, ගෙවීම වෙත යොමු වන්න.
  • අදාළ පිටුව මත සාර්ථක ගනුදෙනුවක් සිදුවීමෙන් පසුව ඔබට මෙම පණිවුඩය ලැබෙනු ඇත ‘ගනුදෙනුව සඳහා අවසර ලබා දීමට නියමිතව ඇත. කරුණාකර බැංකුව අමතන්න’.
  • කරුණාකර ගෙවීම තහවුරු කිරීමට හා ලදුපත බාගත කිරීමට, ‘පෙර ගනුදෙනු’ (Transaction History) ක්ලික් කරන්න. පසුව ලදුපත ලබාගැනීම සඳහා ‘ගනුදෙනුව’ තෝරාගෙන ”ඔබගේ ලදුපත බාගත කරන්න” යන්න ක්ලික් කරන්න.


ඔබ ශ‍්‍රී ලංකා රේගුව වෙත වෙත ගෙවීම් කරනා ආකාරය.


  • ගෙවීම් වර්ගය ලෙස ශ‍්‍රී ලංකා රේගුව (SL Customs) තෝරා ගෙන, එක් වරක් පමණක් භාවිත කළ හැකි මුර පදය (OTP) ඇතුළත් කළ විට, ඔබව අදාළ ගෙවීම් පිටුව වෙත යොමු කෙරෙනු ඇත.
  • අවශ්‍ය තොරතුරු (Cusdecයොමු අංකය, කාර්යාල කේතය, වර්ෂය, අනු අංකය, ලියාපදිංචි අංකය, සමාගම් කේතය) සහ ගෙවිය යුතු මුදල ඇතුළත් කරන්න.
  • විස්තර යලි පරීක්ෂා කිරීමෙන් පසුව, ගෙවීම වෙත යොමු වන්න.
  • අදාළ පිටුව මත සාර්ථක ගනුදෙනුවක් සිදුවීමෙන් පසුව ඔබට මෙම පණිවුඩය ලැබෙනු ඇත ‘ගනුදෙනුව සඳහා අවසර ලබා දීමට නියමිතව ඇත. කරුණාකර බැංකුව අමතන්න’.
  • කරුණාකර ගෙවීම තහවුරු කිරීමට හා ලදුපත බාගත කිරීමට, ‘පෙර ගනුදෙනු’ (Transaction History) ක්ලික් කරන්න. පසුව ලදුපත ලබාගැනීම සඳහා ගනුදෙනුව තෝරාගෙන ”ඔබගේ ලදුපත බාගත කරන්න” යන්න ක්ලික් කරන්න.


LPOPP සම්බන්ධයෙන් නිතර අසනු ලබන ප‍්‍රශ්න


  1. 1. මෙම වර්ගයේ ගනුදෙනු කිරීමේදී ගෙවිය යුතු යම් අය කිරීම් හෝ ගාස්තු තිබේද?
    ඔව්, එක් ගනුදෙනුවක් සඳහා රුපියල් 50/- ක ගාස්තුවක් අයකෙරෙනු ඇත.

  2. මම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවීම් කටයුතු සිදුකිරීමේදී යම් ගැටළුවකට හෝ බාධාවකට මුහුණ පාන්නේ නම් කුමක් කළ යුතුද?
    බදු හෝ ගෙවීම් පිළිබඳව යම් පැහැදිලි කර ගැනීමක් ඔබට අවශ්‍ය නම්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ක්‍ෂණික ඇමතුම් අංකය වන 1944 ඇමතිය හැකි ය.

  3. ගෙවීම් සඳහා මා ලදුපත බාගත (Download) කර ගන්නේ කෙසේද?
    ඔබට ලදුපත බාගත කර ගැනීම සඳහා කරුණාකර ‘පෙර ගනුදෙනු’ (Transaction History) වෙත ගොස් අදාළ ගනුදෙනුව මත ක්ලික් කිරීමෙන් පසුව, ‘ලදුපත බාගත කිරීම’ (Download Receipt) මත ක්ලික් කළ විට, ඔබගේ ලදුපත බාගත කර ගැනීම සඳහා ඔබව යොමු කෙරෙනු ඇත

Skip to content
page-default-temp.php