විවෘත කළ හැකි ගිණුම් වර්ග
විවෘත කළ හැකි ගිණුම් වර්ග
- ඕනෑම ශ්‍රී ලංකා රුපියල් ගිණුමක්
- සිය ගෙවීම් විදේශ මුදලින් ලබනු පිණිස ඇති ‘පුද්ගලික විදේශ මුදල් ගිණුමක්’ (PFCA) හෝ ‘ව්‍යාපාරික විදේශ මුදල් ගිණුමක්’ (BFCA)
සිය සුදුසුකම් අනුව, බැංකුව විසින් නිකුත් කරනු ලබන මාර්ගෝපදේශ පිළිපැදීමට යටත්ව බැංකුවේ ඇති වෙනත් ඕනෑම වර්ගයක ගිණුමක් විවෘත කිරීමට Freelancer ගනුදෙනුකරුට හැකිය.
DFCC Freelancer ගිණුම්වල මූලික ප‍්‍රතිලාභ
DFCC Freelancer ගිණුම්වල මූලික ප‍්‍රතිලාභ
- PFCA හෝ BFCA ගිණුම් මත ආකර්ෂණීය පොළී අනුපාතිකයන්
- DFCC Pinnacle, Prestige, Salary Partner හෝ Salary Plus සඳහා ඔබගේ ආදායම මත පදනම් වන ප‍්‍රතිලාභ
- ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථාවර තැන්පතු සඳහා ආකර්ෂණීය පොළී අනුපාතිකයන්
- විදේශීය මුදල් ගනුදෙනු මත 2% ක මුදල් ආපසු ලැබීම් හා පොළී රහිත පහසු ගෙවීමේ සැලසුම් යන ප‍්‍රතිලාභ සහිතව ගනුදෙනුකරුට ගැලපෙන පරිදි සකස් කෙරෙන බඳවා ගැනීමේ ගාස්තුවෙන් නිදහස් සුවිශේෂි Mastercard ක්‍රෙඩිට් කාඩ්පත
- කාන්තා freelancers සඳහා DFCC ආලෝකා ප‍්‍රතිලාභ
- විශේෂ රක්ෂණ සැලසුම්
යෝජිත ප‍්‍රතිලාභ හා වරප‍්‍රසාද
DFCC Freelancer කාණ්ඩය යටතේ මාසික ආදායම මත පදනම්ව විවෘත කළ හැකි ගිණුම් සඳහා බැංකුවෙහි ඇති පහත දැක්වෙන යෝජනාක‍්‍රමවලට සුදුසුකම් ලබනු ඇත:
යෝජනාව | මුදල ශ‍්‍රී ලංකා රුපියල් | ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර්වලින් |
---|---|---|
Pinnacle | Rs. 450,000 | පරිවර්තනය කරනු ලබන දිනයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක අගය අනුව ගණනය කෙරෙනු ඇත. |
Prestige | Rs. 150,000 | |
Salary Partner | Rs. 50,000 | |
Salary Plus | Rs. 25,000 |
DFCC freelancer කෙනකු වන්නේ කෙසේද?
DFCC freelancer කෙනකු වන්නේ කෙසේද?
- ගිණුමක් විවෘත කිරීම සඳහා DFCC ශාඛාවක් වෙත පිවිසෙන්න.
- DFCC Digital Onboarding හරහා ඔන්ලයින් විවෘත කරන්න.
* අවධානය පිණිසයි:- ඔබට DFCC Digital Onboarding හරහා ඕනෑම ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කිරීමට හැකි අතර ඔබ Freelancer ලෙස වර්ගීකරණය කරනු ලබන්නේ ඔබගේ රැකියාව ලෙස එහි Freelancer යනුවෙන් සඳහන් කළ හොත් පමණකි.
DFCC freelancer සඳහා ලබා දෙන සුවිශේෂි Mastercard කාඩ්පතහි මූලික ප‍්‍රතිලාභ
DFCC freelancer සඳහා ලබා දෙන සුවිශේෂි Mastercard කාඩ්පතහි මූලික ප‍්‍රතිලාභ
මෙම ක්‍රෙඩිට් කාඩ්පත සඳහා සුදුසුකම් ලබන්නේ Fiver, Upwork සහ Freelancer.com යන ඔන්ලයින් මාධ්‍යයන්හි වැඩ කරන අය පමණක් බව කරුණාවෙන් සලකන්න. සාමාන්‍ය සම්මත දත්තවලට අතිරේකව, ගනුදෙනුකරු පහත සඳහන් විස්තර හා ලියකියවිලි ද ඇගයීම සඳහා සැපයිය යුතුය.
- ඉල්ලුම්කරු කටයුතු කරන ඔන්ලයින් මාධ්‍යය
- ඔන්ලයින් මාධ්‍යයේ සඳහන් වන ඉල්ලුම්කරුගේ නම
- ඔන්ලයින් මාධ්‍යයේ ඉල්ලුම්කරුට ලැබී ඇති ශ්‍රේණිය
- ඔන්ලයින් මාධ්‍යය තුළ කටයුතු කර ඇති කාලය
- පසුගිය මාස 6 තුළ ඔන්ලයින් මාධ්‍යය හරහා කරනලද වැඩ ඇණවුම් විස්තර
- Payoneer wallet වෙතින් මාස 6 තුළ ඉපැයීම් විස්තර
- මාස 6 තුළ ඉපැයීම් ප්‍රේෂණ දක්වන බැංකු ප‍්‍රකාශන
විශේෂාංග | විස්තර |
---|---|
සේවාවන් | World Mastercard Freelancer ක්‍රෙඩිට් කාඩ්පත |
බඳවා ගැනීමේ / වාර්ෂික ගාස්තුව | බඳවා ගැනීමේ ගාස්තුව – නොමිලේ වාර්ෂික ගාස්තුව – රුපියල් 4,500/- කි. |
පොළී අනුපාතිකය | වර්ෂයකට 28% කි. |
මුදල් අත්තිකාරම් හා ණය සීමාවන් | ණය සීමාවෙන් 75% කි. ගාස්තු අනුපාතික අනුව මුදල් අත්තිකාරම් ගාස්තු අය කෙරෙනු ඇත. |
මුදල් ආපසු ලැබීම් | ශ්‍රී ලංකා රුපියල් ගනුදෙනු මත 1% කි. විදේශ මුදල් ගනුදෙනු මත 2% කි. |
පහසු ගෙවීමේ සැලසුම් | පොළී රහිතව මාස 6 ක් දක්වා පහසු ගෙවීමේ සැලසුම්. ගනුදෙනුවක අවමය රුපියල් 25,000/- ක් හා උපරිමය රුපියල් 1,000,000/- ක් විය යුතුය. සියලුම පහසු ගෙවීමේ සැලසුම් සඳහා රුපියල් 1,500/- ක සැකසුම් ගාස්තුවක් අය කෙරෙනු ඇත. |
ආපසු අයකර ගැනීමේ ක‍්‍රමය | 5% ක අනිවාර්ය අයකිරීමක් සදහා වූ ස්ථාවර නියෝගයක් ලබා දිය යුතුය. |
අයකිරීම්/ප‍්‍රතිලාභ | පොදු ක්‍රෙඩිට් කාඩ්පත් අය ක‍්‍රමය හා World Mastercard ප‍්‍රතිලාභ අදාළ වනු ඇත. |
DFCC Freelancer සඳහා රක්ෂණ විසඳුම්
DFCC Freelancer සඳහා රක්ෂණ විසඳුම්
- වයස් සීමාව: අවුරුදු 18 සිට 70 දක්වා
- රක්ෂණ ඔප්පු කාලසීමාව: ඔප්පුව ආරම්භ වන දිනයේ පටන් අවුරුදු එකකි
- භූගෝලීය සීමාව: ශ්‍රී ලංකාව ඇතුළත පමණකි
- පොරොත්තු කාලය: අසනීප/රෝගී තත්වයන් මත දින 90 ක්
- ආවරණය කෙරෙන බරපතල රෝග සංඛ්‍යාව: 20 කි
ප‍්‍රතිලාභය | A සැලසුම | B සැලසුම | C සැලසුම | D සැලසුම | E සැලසුම |
---|---|---|---|---|---|
ශ්‍රී ලංකාව ඇතුළත රෝහල්ගත වීමේ ප‍්‍රතිලාභය – වාර්ෂික / අදාළ සීමාවන් (බරපතල අසනීප සඳහා පමණි.) | 100,000 | 200,000 | 300,000 | 400,000 | 500,000 |
01 කොටස | |||||
එක් සිදුවීමක් සඳහා ඇතුළත් කිරීමේ ගාස්තුද ඇතුළත්ව මුළු රෝහල් කාමර අයකිරීම් (බරපතල අසනීප සඳහා පමණි.) | 30,000 | 60,000 | 90,000 | 120,000 | 150,000 |
02 කොටස | |||||
එක් සිදුවීමක් සඳහා විශේෂිත සේවාවන් | 20,000 | 40,000 | 60,000 | 80,000 | 100,000 |
03 කොටස | |||||
එක් සිදුවීමක් සඳහා ශල්‍යවේදී හා වෛද්‍යාචාර්ය ගාස්තු, ශල්‍යකර්ම වියදම්, ඖෂධ වියදම් හා හදිසි ප‍්‍රවාහනය ඇතුළු වෙනත් සියලු වියදම් | 50,000 | 100,000 | 150,000 | 200,000 | 250,000 |
බදු ඇතුළත් වාරිකය (රුපියල්) | 1,000 | 1,500 | 2,000 | 2,750 | 3,250 |
DFCC Freelancer සම්බන්ධයෙන් නිතර ඇසෙන ප‍්‍රශ්න
DFCC Freelancer සම්බන්ධයෙන් නිතර ඇසෙන ප‍්‍රශ්න
- DFCC Freelancer යනු කුමක්ද?
- DFCC Freelancer යනු වෘත්තියමය ලෙස දේශීය මුදල්වලින් උපයමින් දේශීය සේවාලාභීන් සඳහා සේවාවන් සැපයීමේ නිරතව සිටින තැනැත්තන්ගේ සහ එතෙර සිටින සේවාලාභීන්ට සේවය සලසමින් විදේශීය මුදල් උපයමින් සේවා සපයමින් සිටින තැනැත්තන්ගේ (උදා. Fiverr, Uber, Upwork) අවශ්‍යතාවන් ඔන්ලයින් පදනම භාවිතා කරමින් ඉටු කරන (ගෙවීමේ පදනම මත වෙනත් ආයතන හා පුද්ගලයින් සදහා විශේෂිත ගැටළු විසඳීමට හා විශේෂඥ සේවාවන් සැපයීමට) අය ඉලක්ක කරන යෝජනාවකි.
- මම DFCC Freelancer යටතේ ගිණුමක් විවෘත කරන්නේ කෙසේද?
- ඔබට ශාඛාවකට පිවිසීමෙන් හෝ DFCC Digital Onboarding ඔස්සේ ඔන්ලයින් ඉල්ලුම් කිරීම කළ හැකිය. DFCC Digital Onboarding platform
- DFCC Freelancer කාණ්ඩය යටතේ ගිණුමක් තිබීමෙහි ප‍්‍රතිලාභ මොනවාද?
- PFCA සහ BFCA ගිණුම් මත ඉහළ පොළී අනුපාතිකයන්
- ඔබගේ ආදායම මත පදනම්ව, විශේෂ DFCC Pinnacle, Prestige, Salary Partner හෝ Salary Plus ප‍්‍රතිලාභ
- ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථාවර තැන්පතු මත ඉහළ පොළී අනුපාතිකයන්
- විදේශීය මුදල් ගනුදෙනු මත 2% ක මුදල් ආපසු ලැබීම් හා පොළී රහිතව පහසු ගෙවීමේ සැලසුම් යන ප‍්‍රතිලාභ සහිතව ගනුදෙනුකරුට ගැලපෙන පරිදි සකස් කෙරෙන බඳවා ගැනීමේ ගාස්තුවෙන් නිදහස් Mastercard ක්‍රෙඩිට් කාඩ්පත් ප‍්‍රතිලාභ
- කාන්තා freelancer සඳහා DFCC ආලෝකා ප‍්‍රතිලාභ
- විශේෂ රක්ෂණ යෝජනාක‍්‍රම
- Freelancer කාණ්ඩය යටතේ මගේ ගිණුම හරහා ජාත්‍යන්තර සේවාලාභීන් වෙතින් මට ගෙවීම් ලැබිය හැකිද?
- ඔව්, ඔබට ඔබගේ ජාත්‍යන්තර සේවාලාභීන් වෙතින් ගෙවීම් ලැබීමට පුළුවනි.
උදා: ඔබ USD, GBP, හෝ EURO යන මුදල් ඒකකවලින් විදේශීය මුදල් ගිණුමක් විවෘත කරන්නේ නම්, ඔබට එම මුදල් වර්ගවලින් කෙරෙන ගෙවීම් භාරගත හැකිය.
- ඔව්, ඔබට ඔබගේ ජාත්‍යන්තර සේවාලාභීන් වෙතින් ගෙවීම් ලැබීමට පුළුවනි.
- මට මගේ ගිණුම සම්බන්ධයෙන් ප‍්‍රශ්න හෝ ගැටළු තිබේ නම්, මට කවර උපකාර විකල්පයන් තිබේද?
- ඔබගේ ගිණුම ආශ‍්‍රිත තොරතුරු බලා ගැනීමට ඔබට DFCC Virtual Wallet හෝ Online Banking සඳහා ලියාපදිංචි විය හැකිය. එසේත් නැති නම් 011 2350000 ඔස්සේ පැය 24 පුරා ක‍්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානය සම්බන්ධ කර ගෙන අපගේ වෙබ් අඩවිය හරහා කරුණු පිරික්සීමේ පෝරමයක් ඉදිරිපත් කළ හැකිය.