DFCC බැංකුව තම ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි
April 30, 2021
DFCC බැංකුව, තම ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් සහ, ශ්‍රී ලංකා රජයේ අනාගත ඩිජිටල් සැලසුම් වලට උරදීමේ පියවරක් වශයෙන්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට පසුගියදා කටයුතු කළේ ය.
මෙම අවබෝධතා ගිවිසුම අනුව DFCC බැංකුවට තම ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති, ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කරගැනීමේ මාර්ගගත පද්ධතිය භාවිතා කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙමගින් ගනුදෙනුකරුගේ අනුමැතිය ඇත්නම්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතිය භාවිතා කරමින් ඔහුගේ හෝ ඇයගේ තොරතුරු ක්ෂණිකව තහවුරු කරගැනීමට DFCC බැංකුවට හැකියාව ලැබේ.
ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීම යනු බැංකුකරණ ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංගයකි. මෙම ක්‍රියාවලිය ඩිජිටල්කරණය වීම මගින් DFCC බැංකුවට සිය ගනුදෙනුකරුවන් සම්බන්ධ නිවැරදි තොරතුරු ඉක්මනින් ලබාගැනීමට හැකිවී ඇත.
මෙම අවබෝධතා ගිවිසුම අනුව, ගනුදෙනුකරු සිය අනුමැතිය ලබාදුන් පසු, අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා ඔහුගේ හෝ ඇයගේ ජාතික හැඳුනුම්පත සම්බන්ධ දත්ත සහ ඡායාරූප ආදිය පරීක්ෂා කිරීමට DFCC බැංකුවට හැකියාව ලැබේ. මේ නිසා මින් ඉදිරියට ගනුදෙනුකරුවන්ට DFCC බැංකුවේ ගිණුම් විවෘත කිරීම හෝ වෙනත් සේවාවන් ලබාගැනීම සඳහා බැංකු ශාඛා වෙත පැමිණීම සහ මුද්‍රිත ආකෘති පත්‍ර පිරවීම අවශ්‍ය නොවේ. මෙමගින් පාරිභෝගික සේවාවන් මුළුමනින්ම ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ලබාදීමට හැකිවන අතර එය අදාළ සේවාවන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් අත්කර දීමටත් බෙහෙවින් උපකාරී වනු ඇත.
ශ්‍රී ලංකාවේ වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණයන් භාවිතා කරන බැංකුවක් ලෙස DFCC බැංකුව ඉදිරියෙන්ම සිටින අතර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙරට බැංකු ක්ෂේත්රය වෙත හඳුන්වා දෙන ලද මෙම නව මාර්ගෝපදේශ ඉක්මනින්ම ක්‍රියාවට නැංවීමට DFCC බැංකුවට හැකිවීම ඊට මනා සාක්ෂියකි. මේ ආකාරයට නවීනතම ඩිජිටල් තාක්ෂණය භාවිතයට ගැනීමට DFCC බැංකුව නිරන්තරයෙන් පියවර ගැනීම මගින් එහි ගනුදෙනුකරුවන්ට හිමිවන සේවාවන්ගේ කාර්යක්ෂමතාව හා පහසුව දිනෙන් දින ඉහළ යනු නොඅනුමාන ය.
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 65 ක ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පරිපූර්ණ වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. Business Today සඟරාව මගින් ප්‍රමුඛතම සමාගම් 30 අතරට නම්කර ඇති DFCC බැංකුව 2020 Brand Finance Top 100 Most Valuable Brands ලැයිස්තුවටද ඇතුළත් වී ඇත. තවද එම බැංකුව ICRA Lanka සමාගම වෙතින් [SL] AA- ස්ථාවර’ ශ්‍රේණිය සහ Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A+ (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.
ඡායාරූපය: DFCC බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අචින්ත හේවානායක මහතා (වමේ සිට 4 වැනියට) පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් පී. වී. ගුණතිලක මහතා (වමේ සිට 5 වැනියට) සමග අවබෝධතා ගිවිසුම හුවමාරු කරගනිමින්. දෙපාර්ශ්වය නියෝජනය කරන නිලධාරීහු පිරිසක්ද ඡායාරූපයෙහි වෙති.