FCC බැංකුවේ “Lean Six Sigma” ව්‍යාපෘතිය 2022 ජාතික තත්ත්ව හා ඵලදායිතා සමුළුවේදී රන් සම්මානයට පාත්රවෙයි
March 14, 2023
DFCC බැංකුව ක්‍රියාවට නැංවූ “Lean Six Sigma” ව්‍යාපෘතියට, 2022 ජාතික තත්ත්ව හා ඵලදායිතා සමුළුවේදී රන් සම්මානයක් හිමි විය. මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ තත්ත්වය සහ ඵලදායීතාව ප්‍රවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා සංගමය (Sri Lanka Association for the Advancement of Quality & Productivity – SLAAQP) විසිනි.
2023 පෙබරවාරි 21 දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවති මෙම සම්මාන උළෙලට, සමාගම් 70 කට අධික සංඛ්‍යාවක කණ්ඩායම් 400 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් 2,000 කට වැඩි පිරිසක් සහභාගී වූහ. Lean Six Sigma ව්‍යාපෘතියක් වෙනුවෙන් DFCC බැංකුවට සම්මාන හිමි වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙය තම ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා DFCC බැංකුව දරන උත්සාහයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි වේ.
ප්‍රවීණ හා ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින්, ඉතාමත් විධිමත් හා ක්රමානුකූල ක්‍රියාපටිපාටියක් අනුව, සම්මාන සඳහා ඉදිරිපත් වූ ව්‍යපෘතිවල තාක්ෂණික නිරවද්‍යතාව සහ එම ව්‍යාපෘති මගින් ඇතිවන යහපත් බලපෑම විශ්ලේෂණය කර, ජයග්‍රාහකයන් තෝරාගන්නා ලදි. DFCC බැංකුව වෙනුවෙන් විනිශ්චය මණ්ඩලය හමුවේ ව්‍යාපෘතිය ඉදිරිපත් කරන ලද්දේ, Lean Six Sigma Black Belt සුදුසුකම්ලාභියෙකු වන චාමර පීරිස් සහ පාරිභෝගික වත්කම් ඒකකයේ ප්‍රධානී අසංක පටබැඳිගේ විසිනි.
DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ, මෙම සම්මානය හිමි වීම DFCC බැංකුව ලැබූ සුවිශාල ගෞරවයක් බවයි. “මෙය අප නවෝත්පාදනය, කාර්යක්ෂමතාව හා තිරසාරත්වය වෙනුවෙන් දක්වන උනන්දුව හා කැපවීම නැවත වරක් තහවුරු කරන සාධකයක් ලෙස හැඳින්වීමට පුළුවන්. අපගේ ක්‍රියාවලි ඵලදායී, කාර්යක්ෂම සහ පරිසර හිතකාමී ලෙස පවත්වාගන්නා අතරම ගනුදෙනුකරුවන්ට ඉහළම තලයේ සේවාවක් ලබාදීම සඳහා අපගේ කණ්ඩායම ඉමහත් කැපවීමෙන් යුතුව කටයුතු කරනවා. මෙම සම්මානය මගින් පැහැදිලි වන්නේ, නවෝත්පාදනය ඔස්සේ ගනුදෙනුකරුවන්ගේ වෙනස් වන අවශ්‍යතාවන්ට හොඳින් ගැළපෙන විසඳුම් ලබාදීමට අප නිරන්තරයෙන් සමත් වී ඇති බවයි. මේ සාර්ථකත්වය මෙලෙස ඇගයීමට ලක්කිරීම වෙනුවෙන් අප තත්ත්වය සහ ඵලදායීතාව ප්‍රවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා සංගමයට ස්තූතිවන්ත වනවා.” ආසිරි ඉද්දමල්ගොඩ මහතා වැඩිදුරටත් පැවසී ය.
තම ව්‍යාපාරික ඉලක්ක ළඟා කරගන්නා අතරම ගනුදෙනුකරුවන්ට, පරිසරයට සහ ප්‍රජාවන්ට දීර්ඝකාලීන ප්රතිලාභ සලසන තිරසාර, කාර්යක්ෂම හා නවෝත්පාදන විසඳුම් හඳුන්වා දීම DFCC බැංකුවේ පරමාර්ථය වේ. ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී මූල්‍ය සේවාවන් සම්බන්ධයෙන් ප්‍රමුඛතම තේරීම ලෙසත්, ශ්‍රී ලාංකිකයන්ට අති-නවීන බැංකු හා මූල්‍ය විසඳුම් සපයන වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය, ප්‍රතිචාරාත්මක සහ නිර්මාණශීලී සේවා සම්පාදකයා ලෙසත් ඉදිරියට පැමිණීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමටද DFCC බැංකුව පියවර ගෙන ඇත
ඡායාරූපය (වමේ සිට) – චාමර පීරිස් (ජ්‍යෙෂ්ඨ කළමනාකරු – DFCC බැංකුව), මහාචාර්ය හේමන්ති රණසිංහ (SLAAQP නිලධාරිනී), තිලකා ජයසුන්දර (ලේකම් – කර්මාන්ත අමාත්‍යාංශය), අසංක පටබැඳිගේ (ජ්‍යෙෂ්ඨ කළමනාකරු – DFCC බැංකුව) සහ විපුල් කුලරත්න (සභාපති – SLAAQP) යන මහත්ම මහත්මීන්
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 66 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයකි. එම බැංකුවට 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Brands Magazine වෙතින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සේවා සන්නාමය’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන හිමි විය. එමෙන්ම Business Today සඟරාව මගින් DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන එම බැංකුව, Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A- (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.