DFCCසිග්නේචර් ක්‍රෙඩිට් කාඩ්පත්
- DFCC වීසා සිග්නේචර් කාඩ්පත ඉහළ තත්ත්වයේ කාඩ්පතක් වන අතර ඒ සමග විශේෂ සංචාරක ගරු සත්කාර සේවා සහ පොලී අගය අඩුකළ වාසි රැසක් හිමිවේ.
- ඔබගේ කාඩ්පත මගින් ලොව පුරා 900කට වැඩි ගුවන් තොටුපළ විවේකාගාරවල රැදී සිටීමේ අවස්ථාව සහ ඔබ ඔබේ ක්‍රෙඩිට් කාඩ්පත භාවිතයෙන් ගුවන්ටිකට්පත් මිලදී ගන්නේ නම් නොමිලේ සංචාරක රක්ෂණයක් ද හිමිවේ.
සුදුසුකම් නිර්ණායක
අවම මාසික දළ ආදායම රු. 250,000 සහ ඊට වැඩි ආරම්භක
ණය සීමාව රු. 500,000 සහ ඊට වැඩි
DFCC වීසා සිග්නේචර් ක්‍රෙඩිට් කාඞ්පතක විශේෂාංග සහ ප්රතිලාභ
සෑම මුදල් ගනුදෙනුවකදීම 1%ක මුදල් ආපසු ඔබගේ DFCC ගිණුමට බැරවීම
අවමය රු. 1000ක් මාසිකව වියදම් කිරීමෙන් සහ ඔබගේ ගිණුමට හෝ ඔබගේ දරුවාගේ DFCC ඉතුරුම් ගිණුමට 1%ක් මුදල් ආපසු ඉපැයීමට සුදුසුකම් ලබාගනී. මාසිකව, කාර්තුවක දී හෝ වාර්ෂිකව මුදල් ආපසු ලැබෙන කාලය ඔබට තෝරාගත හැක.
වාසි දෙගුණ කරන වෙළදපළෙහි හොදම දීමනාව
සෑම ගනුදෙනුවකින්ම 1%ක මුදල් ආපසු ලැබීමට අමතරව, සාප්පු සවාරි, ආහාරපාන සහ සංචාරක ආදී අංශයන්ට තෝරාගත් අලෙවි සැල් වලදී 50%ක වට්ටම් අත්විදීමේ හැකියාව ද ඔබට හිමිවේ. නවතම දීමනා දැනගැනීමට පිවිසෙන්න.
නවීන Visa Paywave තාක්ෂණය සමග එන කාඩ්පත්
නව DFCC ක්‍රෙඩිට් කාඩ්පත් නවීන Visa Paywave තාක්ෂණය ඇතුළත් කරමින් නිපදවා ඇති අතර එමගින් ඕනෑම දේශීය අලෙවිසැලකදී රු.5000කට අඩු ගෙවීමක් සහ ඕනෑම විදේශීය අලෙවිසැලකදී USD 100 කට අඩු ගෙවීමක් සදහා ඉතාම පහසු Tap and Go ක්‍රමවේදයකට අනුව ගෙවීම් කිරීමේ හැකියාව ලබාදේ.
ලෝන් ඔන් කාඩ්
වෙළෙඳපොළේ ඇති අඩුම පොලී අනුපාත යටතේ මස 60 දක්වා ගෙවීමේ හැකියාවෙන් යුතුව ඔබේ ණය සීමාවෙන් 75% ක් දක්වා ක්ෂණික මුදල් අත්තිකාරම් මුදලක් ලබාගැනීමේ හැකියාව මෙම සේවාවෙන් ලබාගත හැකිය.
වැඩි විස්තර සදහා
බැලන්ස් ට්‍රාන්ස්ෆර් පහසුකම
දැන් ඔබට ඔබේ කාඩ්පත් ශේෂය, DFCC ක්‍රෙඩිට් කාඩ් ශේෂ හුවමාරු වැඩසටහන සමඟ පහසුවෙන් ඒකාබද්ධ කළ හැකිය. මෙහිදී ඔබගේ අනෙකුත් ක්‍රෙඩිට් කාඩ්පත් වල ශේෂයන් DFCC කාඩ්පතට මාරු කිරීමෙන් ආකර්ශනීය පොලී අනුපාත සමඟ වැඩි වැඩියෙන් ඉතිරි කිරීමේ හැකියාව.
වැඩි විස්තර සදහා
පහසු ගෙවීමේ සැලැසුම්
රු. 10,000 / - ට වැඩි ඕනෑම මිලදී ගැනීමක් වාරික සැලැස්මක් බවට පරිවර්තනය කර, සාමාන්‍ය සේවා ගාස්තු යටතේ මාස 3 සිට 60 දක්වා නැවත ගෙවීමේ හැකියාව.
වැඩි විස්තර සදහා
අන්තර් ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ් ඊ ප්‍රකාශන
ඔබේ ක්‍රෙඩිට් කාඩ් වියදම් සම්බන්ධයෙන් වැඩිදියුණු කරනු ලැබූ විශේෂාංග සහ ප්රස්ථාරීය සටහන් සහිතව ලබාදෙනු ලබන අන්තර් ක්‍රියාකාරී ඊ-ප්රකාශනය ඔස්සේඔබේ ක්‍රෙඩිට් කාඩ්පත මනාව කළමනාකරණය කරගැනීම සඳහා ඔබත් දැන්ම ලියාපදිංචි වන්න.
වැඩි විස්තර සදහා
ස්වයංක්‍රීය බිල්පත් පියවීම
DFCC ක්‍රෙඩිට් කාඩ්පත් සමඟින් හඳුන්වා දෙන ස්වයංක්‍රීය බිල්පත් පියවීමේ සේවාව (ABS). ඔබගේ වටිනා කාලය බිල් ගෙවීමට පෝලිම් වල නාස්ති නොකර ස්වයංක්‍රීයව පහසුවෙන් පියවන්න.
වැඩි විස්තර සදහා
සංචාරක රක්ෂණ සහ වෛද්‍ය ආවරණ
ඔබ DFCC වීසා සිග්නේචර් ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කරමින් ගුවන් ටිකට්පත් මිලදී ගත් අවස්ථාවක සංචාරක රක්ෂණයක් සහ එලායන්ස් ඉන්ෂුවරන්ස් වෙතින් ඇමරිකානු ඩොලර් 60,000ක් වටිනා හදිසි අනතුරු සහ වෛද්‍ය වියදම් ආවරණයක් නොමිලේ ඔබට හිමිවේ.
ගුවන් තොටුපළ විවේකාගාරවලට පිවිසීම හැකියාව
ලොවපුරා 900කට වැඩි ගුවන් තොටුපළ විවේකාගාරවලට පිවිසීමේ හැකියාව නොමිලේ ලැබෙන වාර්ෂික සාමාජිකත්වය : ලොවපුරා ඇති සාමාජික ගුවන් තොටුපළ විවේකාගාර ඕනෑම එකකට එක්වරක් නොමිලේ ඇතුවීමේ අවස්ථාව.
සුවිශේෂී වීසා සිග්නේචර් ගරු සත්කාර සහ ලොවපුරා ඇති දීමනා
ඔබේ වීසා සිග්නේචර් ක්‍රෙඩිට් කාඩ්පත සමග සංචාරය කරන්න සහ ලොවපුරා ඇති සාමාජික අලෙවිසැල් වලින් සුවිශේෂී දීමනා අත්විදින්න
වැඩි විස්තර සදහා
සෙලින්කෝ අනන්තය රක්ෂණ යෝජනා ක්‍රමය
සෙලින්කෝ අනන්තය රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ඔබගේ ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් සම්පූර්ණ කිරීමට අපොහොසත් වුවහොත් එම හිඟ ගෙවීම් සඳහා පූර්ණ ආරක්ෂාවක් හිමිවේ. ඔබගේ ආදරණීයයන්ට බරක් නොවී බරපතල රෝගාබාධ, ආබාධිත හෝ හදිසි අනතුරක් හේතුවෙන් මරණයට පත් වූ විට ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත පියවීමට ඇති අවදානම අදම අවම කරගන්න.
වැඩි විස්තර
ඔබගේ DFCC ක්‍රෙඩිට් කාඩ් බිල්පත, අපගේ පහසු සහ කාර්යක්ෂම ගෙවීම් ක්‍රම භාවිතා කරමින් පහසුවෙන් පියවන්න.
- ඕනෑම DFCC බැංකු ශාඛාවකින් මුදල් ගෙවීම්.
-
ඕනෑම DFCC බැංකු ශාඛාවකින් චෙක්පත් ගෙවීම්.
- ඔබගේ ක්‍රෙඩිට් කාඩ් ගිණුමට බැර කිරීම සඳහා චෙක්පත් DFCC බැංකුවේ නමට ලිවිය යුතුය.
උදාහරණ : DFCC බැංකුව පී.එල්.සී., ඔබේ නම, ගිණුම් අංකය xxxxxxxxxxxxxxxx - චෙක්පත් නිෂ්කාශණයට යටත්ව ඔබගේ ගිණුමට බැර කරනු ලැබේ.
- ඉහත උදාහරණයේදී දැක්වෙන ආකාරයට නොවන, ඔබ වෙනුවෙන් තෙවන පාර්ශවයන් විසින් නිකුත් කරන ලද චෙක්පත් පිළිගනු නොලැබේ
- මුදල් චෙක්පත් භාරගනු නොලැබේ.
- ඔබගේ ක්‍රෙඩිට් කාඩ් ගිණුමට බැර කිරීම සඳහා චෙක්පත් DFCC බැංකුවේ නමට ලිවිය යුතුය.
-
ස්ථාවර උපදෙස්
- DFCC බැංකු ගිණුමක් භාවිතා කර, ප්රකාශනයේ ගෙවිය යුතු මුදලෙන් 5% සිට 100% දක්වා ගෙවීම් කළ හැකිය.
- DFCC වර්චුවල් වොලට් මගින් ගෙවීම්.
- ATM සහ CRM යන්ත්‍ර භාවිතයෙන්.