DFCC බැංකුව, පෞද්ගලික අංශයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති සඳහා මූල්‍ය පහසුකම් සැලසීමේ පුරෝගාමියා ලෙස පෙරමුණ ගනී
May 13, 2021
1955 වසරේ සිට මේ දක්වාම DFCC බැංකුව මෙරට පෞද්ගලික අංශයේ වර්ධනය උදෙසා වැදගත් කාර්යභාරයක් ඉටුකරමින් සිටී. පූර්ණ වාණිජ බැංකුවක් බවට පත්වීමෙන් පසුව වුවද මෙම කාර්යභාරය තවදුරටත් ඉටුකිරීමට DFCC බැංකුවට හැකිවී ඇත. කාර්මිකකරණය සහ නාගරීකරණය පුළුල් වීමත් සමග බලශක්ති ඉල්ලුම ඉහළ යාමට සමගාමීව බලශක්ති ජනන ව්‍යාපෘති සඳහා ණය දීම සම්බන්ධ පුරෝගාමියෙකු බවට පත්වීමට DFCC බැංකුව සමත් වී තිබේ. අහිතකර වායු විමෝචනය අවම කරමින් පරිසරයට යහපත සලසන පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති ඔස්සේ මෙම බලශක්ති ඉල්ලුම සපුරාලීමට දායක වීම සඳහා DFCC බැංකුව තවදුරටත් පෙරමුණ ගෙන සිටී.
මේ ආකාරයට DFCC බැංකුව විසින් මූල්‍ය සම්පාදනය හෝ සම-මූල්‍ය සම්පාදනය සිදුකරන ලද ව්‍යපෘති අතරට ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පුළුල් මට්ටමින් ප්‍රධාන විදුලි පද්ධතිය හා සම්බන්ධ වූ පෞද්ගලික අංශයේ කුඩා ජල විදුලිබල ව්‍යාපෘතිය ලෙස සැලකෙන, මෙගාවොට් 0.96 Hydrotech Lanka දික්ඔය ව්‍යාපෘතිය, මෙරට තුළ ජල බලයෙන් ක්‍රියාත්මක වන මෙගාවොට් මට්ටමේ ටර්බයින් නිෂ්පාදනය කරන එකම ආයතනය වන VS Turbo පුද්ගලික සමාගම, Senok Wind Power පුද්ගලික සමාගම විසින් කල්පිටියේ මාම්පුරි හි ක්‍රියාත්මක කරන ලද, ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ප්‍රථම සුළං බල ව්‍යාපෘතිය (මෙගාවොට් 10) සහ Saga Solar පුද්ගලික සමාගම විසින් ක්‍රියාවට නංවන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම ග්‍රිඩ් මට්ටමේ සූර්ය බලශක්ති ව්‍යාපෘතිය (මෙගාවොට් 10) යනාදිය ඇතුළත් වේ.
එමෙන්ම ශ්‍රී ලංකා රජය, ලෝක බැංකුව සහ Global Environment Facility යන පාර්ශ්ව වල මූල්‍ය සම්පාදනයෙන් ක්‍රියාත්මක වූ Energy Services Delivery (ESD) ව්‍යාපෘතියේ පරිපාලන ඒකකය (Administrative Unit) ලෙසද DFCC බැංකුව පත්කරන ලදි. මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වූයේ පාරිසරික වශයෙන් තිරසාර පුනර්ජනනීය බලශක්ති තාක්ෂණයන් භාවිතයෙන් ප්‍රධාන විදුලි බල පද්ධතියට සම්බන්ධ වන හා එසේ සම්බන්ධ නොවන බලශක්ති ජනන ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පෞද්ගලික අංශය දිරිගැන්වීම ය.
2006 වසරේදී, පුනර්ජනනීය බලශක්තිය පදනම් කරගත් ස්වාධීන බලශක්ති නිෂ්පාදන සමාගමක් වන Vallibel Power Erathna PLC හි ප්‍රථම කොටස් නිකුතුව සහ කොටස් ලැයිස්තුගත කිරීම සම-කළමනාකරණය කිරීමට DFCC බැංකුව කටයුතු කළේ ය. මෙය තවත් පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන සමාගම් රැසක් කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කිරීමට පොළඹවන ලද පියවරක් වූ අතර, ඒ ඔස්සේ එබඳු සමාගම් වලට මූල්‍ය පහසුකම් සහ ආයෝජන ලබාගැනීමේ අවස්ථාවන් පුළුල් වී තිබේ.
2014- 2017 කාලසීමාවේදී ශ්‍රී ලංකා රජය සහ යුරෝපා ආයෝජන බැංකුව විසින් මූල්‍ය සම්පාදනය කරන ලද, යූරෝ මිලයන 90 ක වටිනාකමකින් යුත් ‘SME & Green Energy’ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමටද DFCC බැංකුව කටයුතු කළේ ය. මෙය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ජනනය වෙනුවෙන් ආයෝජන සිදුකිරීම තවදුරටත් දිරිගන්වන පියවරක් විය.
2017 වසරේදී නව ආකෘතියක් හඳුන්වා දෙමින්, තුන්වන පාර්ශ්වයන්ගේ ගොඩනැගිලි මත සවිකරන ලද සූර්ය පැනල ඔස්සේ බලශක්තිය ජනනය කිරීමේ ව්‍යාපෘතීන් සඳහා මූල්‍ය සම්පාදනය කිරීමට DFCC බැංකුවට අවස්ථාව ලැබිණි. මෙහිදී පරිසර හිතකාමී ලෙස විදුලිය නිෂ්පාදනය කර ජාතික විදුලි බල පද්ධතියට එක්කිරීම සඳහා, වහල මත සවිකරන සූර්ය පැනල සවිකිරීම සඳහා නිවාස වලට මෙන්ම ව්‍යාපාර සඳහා සහන පදනම මත ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම සිදුකරන ලදි.
මීට අමතරව ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් ආරම්භ කරන ලද සූර්ය බලශක්ති ජනන ණය යෝජනා ක්‍රමය සඳහා දායක වීමටද DFCC බැංකුව කටයුතු කළේ ය. මෙම ණය යෝජනා ක්රමයේ කොටසක් ලෙස, රු. මිලියන 1.5 ක් දක්වා වන ගෘහස්ථ පද්ධති සඳහා 100% ක් දක්වාද, සෙසු සියලුම පද්ධති සඳහා 80% ක් දක්වාද ණය ලබාදීමට DFCC බැංකුව කටයුතු කරයි.
ඉහත දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති දිරිගැන්වීම සඳහා DFCC බැංකුව මගින් ගෙන ඇති පියවර කිහිපයක් පමණි. මීට අමතරව ජාත්‍යන්තර මට්ටමින්ද විවිධ වැඩසටහන් ක්‍රියාවට නැංවීමට DFCC බැංකුව කටයුතු කර තිබේ.
DFCC Consulting සමාගම හරහා මූල්‍ය උපදේශන සේවාවන් සහ පුනර්ජනනීය මූල්‍ය නිෂ්පාදන සංවර්ධනය සම්බන්ධ උපදේශන සේවාවන් යනාදිය පිරිනැමීමට මෙන්ම පුහුණු වැඩසටහන් හා අධ්‍යයන චාරිකා සංවිධානය කිරීමටද DFCC බැංකුව කටයුතු කර ඇත. 2017 වසරේදී නේපාලයේ බැංකු වල සේවයේ නියුතු සේවකයන් පුහුණු කිරීම සහ කුඩා පරිමාණ ජල විදුලි ව්‍යාපෘති සම්බන්ධ පසු-විපරම් සිදුකිරීම, 2008 වසරේදී උගන්ඩාවේ මෙගාවොට් 18 ක ජල විදුලි ව්‍යාපෘතියක් සඳහා FMO Entrepreneurial Development Bank වෙතින් මූල්‍ය පහසුකම් ලබාගැනීමට, ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් South Asia Energy Management Systems සමාගමට මූල්‍ය උපදේශකත්වය ලබාදීම, සහ 2014 වසරේදී Uganda Energy Credit Capitalization Corporation (UECCC) සමග එක්වී සූර්ය බලශක්ති ව්‍යපෘති සඳහා විශේෂ නම්‍යශීලී ණය ක්‍රමයක් හඳුන්වා දීම යනාදිය මීට ඇතුළත් වේ.
එමෙන්ම DFCC Consulting සමාගම විසින් කාම්බෝජය, ඝානාව, ඉන්දියාව, මොසැම්බික්, නේපාලය, පිලිපීනය, රුවන්ඩාව, උගන්ඩාව සහ වියට්නාමය වැනි රටවල නියෝජිතයන් සඳහා ශ්‍රී ලංකාවේ අධ්‍යයන චාරිකා සංවිධානය කිරීමටද නිරන්තරයෙන් කටයුතු කර තිබේ. ප්‍රධාන විදුලි පද්ධතියට සම්බන්ධව සහ ඉන් පරිබාහිරව පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය හා භාවිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති සාර්ථකත්වය විදේශ රටවලටද පෙන්වා දීම මෙම සංචාරයන්ගේ මූලික ඉලක්කය වී ඇත.
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 65 ක ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පරිපූර්ණ වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. Business Today සඟරාව මගින් ප්‍රමුඛතම සමාගම් 30 අතරට නම්කර ඇති DFCC බැංකුව 2020 Brand Finance Top 100 Most Valuable Brands ලැයිස්තුවටද ඇතුළත් වී ඇත. තවද එම බැංකුව ICRA Lanka සමාගම වෙතින් [SL] AA- ස්ථාවර’ ශ්‍රේණිය සහ Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A+ (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.