GCF යනු කුමක්ද?

GCF යනු කුමක්ද?

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (United Nations Framework Convention on Climate Change – UNFCCC) යටතේ රටවල් 194ක් විසින් 2010 දී පිහිටුවන ලද හරිත දේශගුණික අරමුදල හෙවත් Green Climate Fund (GCF) යනු දේශගුණික විපර්යාස නිසා මුහුණ දීමට සිදුවන අභියෝග සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය වීමට කැප වූ ලොව විශාලතම දේශගුණික අරමුදලයි. මෙම අරමුදල, හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සහ දේශගුණික විපර්යාස මගින් වඩාත්ම බලපෑමට සහ අවදානමට ලක්විය හැකි රටවල අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙන අතරම දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම කෙරෙහි ද අවධානය යොමු කරයි. GCF පිළිගැනීම ලබා ඇති ආයතන දේශගුණික ක්‍රියාකාරකම් මෙහෙයවීමට කැපවී සිටින ජාත්‍යන්තර, කලාපීය සහ ජාතික ආයතනවල විවිධ පරාසයන් නියෝජනය කරයි.

2023 ජූලි මාසයේදී, GCF පිළිගැනීම ලබා ගත් පළමු සහ එකම ශ්‍රී ලාංකික ආයතනය බවට DFCC බැංකුව පත් විය. GCF පිළිගැනීම ලබා ගැනීම සඳහා DFCC බැංකුව දැඩි ක්‍රියාවලියකට භාජනය වූ අතර, දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට සහ තිරසාර අනාගතයක් ගොඩනැගීමට පෙරමුණ ගෙන සිටින ලොව පුරා ආයතන 117 අතරට මේ වනවිට එක්වී තිබේ. DFCC බැංකුව මෙම ගෞරවනීය කණ්ඩායමට සම්බන්ධ වීමත් සමඟ, එය තිරසාර මූල්‍යකරණයේ ප්‍රමුඛතම ආයතනයක් ලෙස සිය කීර්තිය ශක්තිමත් කරමින් තිබෙන අතර, දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට සහ තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීමට ඇති කැපවීම මෙමගින් පෙන්නුම් කරයි.

DFCC බැංකුවට GCF පිළිගැනීම ලැබීමත් සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් දක්වා වටිනාකමක් ඇති ව්‍යාපෘති සඳහා සහනදායී අරමුදල් ලබා ගැනීමට ප්‍රවේශය සලසන අතරම, එමඟින් ශ්‍රී ලංකාව පුරා දේශගුණය ප්‍රගමනය කිරීමේ සහ අනුවර්තනය වීමේ ව්‍යාපෘති සඳහා මූදල් යෙදවීමේ හැකියාව ලැබේ. ඒ අනුව, සුදුසුකම් ඇති ක්ෂේත්‍ර ලෙස:

  • බලශක්ති උත්පාදනය සහ ප්‍රවේශය ( Energy Genaration and Access)
  • අඩු විමෝචන ප්‍රවාහනය (Low Emission Transport)
  • සෞඛ්‍ය, ආහාර සහ ජල සුරක්ෂිතතාව (Health, Food and Water security)
  • මහජනතාවගේ සහ ප්‍රජාවන්ගේ ජීවනෝපායන් ( Livelihood of People and Communities)
  • ගොඩනැගිලි, නගර, කර්මාන්ත සහ උපකරණ ( Building, Cities, Industries and Appliances)
  • වනාන්තර සහ ඉඩම් පරිහරණය ( Forest and Land Use)
  • පරිසර පද්ධති සහ පරිසර පද්ධති සේවා ( Ecosystem and Ecosystem Services)
  • යටිතල පහසුකම් සහ පරිසරය ගොඩනැගීම ( Infrastructure and Build environment)

මීට අමතරව, උදාහරණයක් ලෙස පුනර්ජනනීය බලශක්තිය, බලශක්ති කාර්යක්ෂමතාව, හරිත ගොඩනැගිලි, සංරක්ෂණය, වන වගාව, දේශගුණික – සුහුරු කෘෂිකර්මය සහ දේශගුණයට ඔරොත්තු දෙන යටිතල පහසුකම් යනාදී ක්ෂේත්‍ර ද ඇතුළත් වේ. මේ අනුව, ශ්‍රී ලංකාව මුහුණ දෙන හදිසි දේශගුණික විපර්‍යාසයන්ට මුහුණ දෙන දේශගුණික මූල්‍ය සහ බලපෑම්කාරී ව්‍යාපෘති (climate finance and spearhead impactful projects) සඳහා මෙම පිළිගැනීම ප්‍රයෝජනයට ගැනීමට හැකිවීම ගැන අපි සතුටු වෙන්නෙමු.

GCF හි ව්‍යාපෘති ආයෝජන නිර්ණායක පහත පරිදි වේ:

  • බලපෑම් විභවය
    • ලිහිල් කිරීමේ බලපෑම සහ අනුවර්තනය වීමේ බලපෑම
  • ප්‍රතිමානන ගමන විභවය ( Paradigm shift potential)
    • GCF යනු, ප්‍රතිවර්තනය සහ පරිමාණය හරහා තනි ව්‍යාපෘතියක් හෝ වැඩසටහන් සඳහා ආයෝජනය කිරීමකින් ඔබ්බට ගිය තිරසාර සංවර්ධන බලපෑමක් ලබා ගත හැකි තත්වයකි.
  • තිරසර සංවර්ධන විභවය
    • පුළුල් ආර්ථික/සමාජ/පාරිසරික ප්‍රතිලාභ සහ ප්‍රමුඛතා
    • පාරිසරික, සමාජ ආරක්ෂණ සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය
  • ග්‍රාහක අවශ්‍යතා
    • ප්‍රතිලාභී රටේ සහ ජනගහනයේ අවදානම සහ මූල්‍ය අවශ්‍යතා
    • විකල්ප මූල්‍ය ප්‍රභවයන් නොමැතිද? යන වග
  • රටේ අයිතිය
    • රටේ ප්‍රතිපත්ති, දේශගුණික උපාය මාර්ග සහ ආයතනවලට අනුකූලව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ රටේ හිමිකාරිත්වය සහ හැකියාව
  • කාර්‍යක්ෂමතාවය සහ සඵලතාවය
    • ව්‍යාපෘති පිරිවැයෙහි ඵලදායිතාවය සහ පුද්ගලික අංශයේ අරමුදල් ඒකරාශී කිරීම පෝෂණය කරයිද? යන වග

මෙම හවුල්කාරිත්වය මගින් දේශගුණික විපර්යාස සඳහා විස්තීර්ණ සහ තිරසාර විසඳුම් ලබා දීමට හැකි බැවින් DFCC බැංකුව රාජ්‍ය ආයතන, දේශීය මූල්‍ය ආයතන, ජාත්‍යන්තර සංවිධාන, පෞද්ගලික ව්‍යවසායන් සහ සිවිල් සමාජ කණ්ඩායම් සමඟ සක්‍රීයව සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙයි.

ශ්‍රී ලංකාවේ දේශගුණය තිරසර මට්ටමක පවත්වා ගැනීම සඳහා වන කැපවීම් සහ ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයෙහි (NDCs) සහ ජාතික අනුවර්තන සැලැස්මෙහි (NAP) දක්වා ඇති ඉලක්ක සපුරාලීම සඳහා DFCC, පරිසර අමාත්‍යාංශයේ දේශගුණය පිළිබඳ ලේකම් කාර්යාලය, අනෙකුත් අමාත්‍යාංශ, පෞද්ගලික ආයෝජකයින්, ජාතික සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන, සංවර්ධන ආයතන සහ අනෙකුත් අදාළ පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කරන්නෙමු.

“ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස හේතුවෙන් ඉහළ යන උෂ්ණත්වයන්ට සහ ආන්තික කාලගුණික තත්ත්වයන්ට මුහුණ දී සිටී. සංවර්ධනය වෙමින් පවතින රටවලට දේශගුණික ක්‍රියාමාර්ග ගැනීමට උපකාර කිරීම සඳහා කැප වූ ලොව විශාලතම දේශගුණික අරමුදල ලෙස, ශ්‍රී ලංකාවේ පළමු සෘජු ප්‍රවේශ අවස්ථා හිමි ආයතනයක් ලෙස DFCC බැංකුව GCF පිළිගනී. රට පුරා සිටින මිනිසුන් සඳහා අඩු විමෝචනය සහ දේශගුණයට ඔරොත්තු දෙන අනාගතයක් සහතික කිරීම සඳහා ඵලදායී හා දිගුකාලීන හවුල්කාරිත්වයක් මෙමගින් අපි බලාපොරොත්තු වන්නෙමු.”
– හෙන්රි ගොන්සාලෙස්, GCF හි විධායක අධ්‍යක්ෂ –