DFCC බැංකුවේ ‘Pinnacle’ සේවාව මගින් Premium තලයේ බැංකු සේවාවන්ට නව අරුතක්
May 3, 2021
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව තම සුවිශේෂී ගනුදෙනුකරුවන් සඳහා වෙන්වූ DFCC Pinnacle සේවාව ඔස්සේ, මෙරට ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන, ඉහළ වත්කම් සහිත ගනුදෙනුකරුවන් කාණ්ඩය වෙත විශිෂ්ට මට්ටමේ සේවාවක් පිරිනමමින් සිටී. වර්තමානයේ වේගයෙන් වෙනස් වන ලෝකයක කාර්ය බහුලත්වය මැද බොහෝ දෙනෙකු සිය ආයෝජන හා ආදායම් ආදිය කාර්යක්ෂම ලෙස කළමනාකරණය කරගැනීම සඳහා දැඩි උනන්දුවක් දක්වති. මේ සඳහා ඔවුන්ට විශේෂඥ උපදෙස් මෙන්ම, ඔවුන්ගේ අවශ්‍යතා අනුව සැලසුම් කරන ලද පාරිභෝගික සම්බන්ධතා සේවාවන් අත්‍යවශ්‍ය වේ. DFCC Pinnacle සේවාව හඳුන්වා දී ඇත්තේ ඒ වෙනුවෙනි.
ඉහළම තලයේ බැංකුකරණ සේවාවන් එකතුවක් පිරිනමන ‘Premium’ වර්ගයේ සේවාවක් ලෙස හඳුන්වා දී ඇති DFCC Pinnacle, එම කාණ්ඩයේ විශිෂ්ටතම මට්ටමේ සේවාවක් ලෙස ඉතාමත් ඉක්මනින් ජනප්‍රිය විය. ඉතාමත් පහසුවෙන් ළඟාවිය හැකි, අංක 87, හෝර්ටන් පෙදෙස, කොළඹ 07 යන ස්ථානයේ පිහිටි, සියලු පහසුකම් සහිත DFCC Pinnacle මධ්‍යස්ථානය, අතිනවීන බැංකුකරණ අත්දැකීම් පෙළක් සිය ගනුදෙනුකරුවන් වෙත පිරිනමයි. රැස්වීම් ශාලා, තැන්පතු සඳහා වූ සුරක්ෂිත සේප්පු (පවතින පහසුකම් අනුව), සහ ‘Hot-desking’ පහසුකම් ආදියට අමතරව පාපැදි සඳහා වෙන්වූ වෙනමම ස්ථානයක් සහ ඇඳුම් මාරු කිරීමේ කාමර ඇතුළු පහසුකම් රාශියක් DFCC Pinnacle ගනුදෙනුකරුවන් වෙත මෙහිදී හිමි වේ.
DFCC Pinnacle සේවාව ක්‍රියාත්මක වන්නේ DFCC බැංකුවේ උප සභාපති (Pinnacle බැංකු සේවා අංශයේ ප්‍රධානී, ශාඛා බැංකුකරණ සැලසුම් හා ක්‍රියාත්මක කිරීම්) ශේරා හසන් මහත්මිය යටතේ ය. පෞද්ගලික බැංකු ක්ෂේත්රය හා එහි සේවාවන් සම්බන්ධ විශේෂඥ දැනුමක් සමග වසර 25 කට අධික පළපුරුද්දක් හිමි හසන් මහත්මිය, DFCC Pinnacle සේවාව මෙතරම් නිර්මාණශීලී හා සාර්ථක සේවාවක් බවට පත්කිරීම සඳහා දැවැන්ත කාර්යභාරයක් ඉටුකරමින් සිටී.
DFCC Pinnacle සම්බන්ධයෙන් අදහස් දක්වමින් හසන් මහත්මිය මෙසේ පැවසුවා ය. “Premium වර්ගයේ බැංකු සේවාවකදී ගනුදෙනුකරුවන්ගේ පහසුවට මුල්තැන හිමි විය යුතුයි කියා අප විශ්වාස කරනවා. එමෙන්ම, වෘත්තීය ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් අතර සමබරතාව පවත්වාගැනීමේ වැදගත්කම අප හොඳින් හඳුනනවා. DFCC Pinnacle හරහා, Premium වර්ගයේ බැංකු සේවාවකදී ගනුදෙනුකරුවන් වෙත හිමි විය යුතු සැබෑ වටිනාකම් හා පහසුකම් නො-අඩුව පිරිනැමීමට අපට හැකිවී තිබෙන්නේ ඒ නිසයි. මෙහිදී අපගේ සම්බන්ධතා කළමනාකරුවන්ගේ භූමිකාව ඉතාමත් වැදගත්. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන, ඔවුන්ට වඩාත් හොඳින් ගැළපෙන සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය පුහුණුව ඔවුන් වෙත ලබාදී තිබෙනවා. සේවා එකතුව කළමනාකරණය කරන අතර, අවශ්‍ය නම් සහකාර සම්බන්ධතා කළමනාකරුවන් ලබාදීමටත් අප සූදානම්. එමෙන්ම බැංකුකරණයේ සීමාවෙන් ඔබ්බට ගොස්, ප්‍රාග්ධන වෙළඳපොළ, වත්කම් කළමනාකරණය, දේපළ, සහ වෙනත් නීතිමය සහ ආයෝජන අවශ්‍යතා ආවරණය කරන පුළුල් මට්ටමේ සේවාවන් එකතුවක් අප වෙතින් ලබාගත හැකි වීම විශේෂත්වයක්.”
“DFCC Pinnacle හිදී ප්‍රමුඛත්වය හිමිවන්නේ ගනුදෙනුකරුගේ වර්තමාන හා අනාගත අවශ්‍යතා සපුරාලීමටයි. ගනුදෙනුකරුවන් මෙරට සිටියත්, විදේශයක සිටියත්, ඔවුන්ට ලැබෙන සේවාව වෙනස් වන්නේ නෑ. ගනුදෙනුකරුවන්ට පැය 24 පුරාම වෙනම සම්බන්ධතා කළමනාකරුවෙකුගේ සහය ලබාගන්නට පුළුවන්. DFCC Pinnacle ඇමතුම් මධ්‍යස්ථානයේ සිටින, හොඳින් පුහුණුව ලත් නියෝජිතයන් පැය 24 පුරාම ගනුදෙනුකරුවන්ට සහය වීමට සූදානමින් සිටිනවා. ගනුදෙනුකරුවන්ට අවශ්‍ය උපදේශන සේවා, නීතිමය සහය යනාදියට අමතරව, අවශ්‍ය නම් තම ව්‍යාපාරික සාකච්ඡා ආදිය පූර්ණ රහස්‍යභාවයෙන් යුතුව පැවැත්වීම සඳහා සාකච්ඡා කාමර වෙන්කරවා ගැනීමටත් පුළුවන්. ඒ වගේම බැංකුකරණ කටයුතු වලට අමතරව, වෙනත් ක්‍රියාකාරකම් රාශියකුත් අප සංවිධානය කරනවා. උදාහරණයක් ලෙස, නිරෝගී ජීවන රටාවක වැදගත්කම පෙන්වා දීම සඳහා අප මාසිකව පාපැදි වැඩසටහනක් සංවිධානය කරනවා. ඉතාමත් ජනප්‍රිය වැඩසටහනක් වන මෙම වැඩසටහනට තමන්ගේ පාපැදි වලින් පැමිණ හෝ අපගේ පාපැදි එකතුවෙන් පාපැදි ලබාගෙන සහභාගී වන්නට පුළුවන්. වැඩසටහනින් පසුව ඔවුන්ට ඇඳුම් මාරු කිරීමට සහ ස්නානය කිරීමට සියලු පහසුකම් සලසා දී තිබෙන අතර, ඉන් අනතුරුව සෞඛ්‍ය සම්පන්න උදේ ආහාර වේලක රස විඳින්නට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. අද දවසේ ගනුදෙනුකරුවන් තමන්ට මූල්‍ය සේවාවන් සපයන ආයතන වෙතින් බලාපරොත්තු වන්නේ මේ ආකාරයේ, වඩාත් පුළුල් සේවාවක් බව අපගේ විශ්වාසයයි. එවැනි සේවාවක් දිගින් දිගටම, විශිෂ්ට මට්ටමින් පිරිනැමීම සඳහා DFCC බැංකුව කැපවී සිටිනවා.” ශේරා හසන් මහත්මිය වැඩිදුරටත් පැවසුවා ය.
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 65 ක ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පරිපූර්ණ වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. Business Today සඟරාව මගින් ප්‍රමුඛතම සමාගම් 30 අතරට නම්කර ඇති DFCC බැංකුව 2020 Brand Finance Top 100 Most Valuable Brands ලැයිස්තුවටද ඇතුළත් වී ඇත. තවද එම බැංකුව ICRA Lanka සමාගම වෙතින් [SL] AA- ස්ථාවර’ ශ්‍රේණිය සහ Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A+ (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.