
Media Centre
Economic, social and environment development is deeply embedded in our values and informs how we conduct business, develop products and services and deliver on our goals and commitments.
DFCC Leasing සහ Micro Cars ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි
May 16, 2023

DFCC Leasing සහ Micro Cars විශේෂ ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නැංවීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබී ය. දෙපාර්ශ්වය මගින් ලීසිං සඳහා පිරිනමනු ලබන විශේෂ ප්රතිලාභ සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන්ට දැනුවත් කිරීම මෙහි අරමුණයි. තරගකාරී පොලී අනුපාත, නම්‍යශීලී ආපසු ගෙවීමේ ක්‍රම, ඉහළම තත්ත්වයේ නිෂ්පාදන හා සේවාවන් සමග විශිෂ්ටතම පාරිභෝගික සේවාවක් DFCC Leasing සහ Micro Cars වෙතින් පාරිභෝගිකයන් වෙත හිමි වේ. Micro Cars මගින් හඳුන්වා දී ඇති Saic Almaz SUV සහ Proton Saga Sedan රථ සඳහා මෙම ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කර ඇත.
DFCC Leasing සහ Micro Cars විශේෂ ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නැංවීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබී ය. දෙපාර්ශ්වය මගින් ලීසිං සඳහා පිරිනමනු ලබන විශේෂ ප්රතිලාභ සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන්ට දැනුවත් කිරීම මෙහි අරමුණයි. තරගකාරී පොලී අනුපාත, නම්‍යශීලී ආපසු ගෙවීමේ ක්‍රම, ඉහළම තත්ත්වයේ නිෂ්පාදන හා සේවාවන් සමග විශිෂ්ටතම පාරිභෝගික සේවාවක් DFCC Leasing සහ Micro Cars වෙතින් පාරිභෝගිකයන් වෙත හිමි වේ. Micro Cars මගින් හඳුන්වා දී ඇති Saic Almaz SUV සහ Proton Saga Sedan රථ සඳහා මෙම ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කර ඇත.
සිය අත්දැකීම්වලින් පන්නරය ලබමින් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන නම්‍යශීලී විසඳුම් පිරිනැමීමට DFCC Leasing සෑම විටම කටයුතු කර තිබේ. මෙම හවුල්කාරීත්වය එහි තවත් වැදගත් ඉදිරි පියවරක් වනු ඇත.
“ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රථවාහන ලීසිං සේවා සපයන්නෙකු වන DFCC Leasing සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙම හවුල්කාරීත්වය ඔස්සේ පාරිභෝගිකයන්ට විශිෂ්ටතම සේවාවක් සැලසීමට අපට හැකියාව ලැබේවි.” Micro Cars සමූහ අධ්යක්ෂ අසේල ලිහිණිකඩුව මහතා පැවසී ය.
මෙරට රථවාහන ඉංජිනේරු ක්ෂේත්රයේ වසර 29 ක ඉතිහාසයක් හිමි Micro Cars සමාගම, Semi Knocked Down (SKD) සහ Completely Knocked Down (CKD) කට්ටල මෙරටට ගෙන්වා එකලස් කිරීම සම්බන්ධ පුරෝගාමීන් වන අතර, ජාත්‍යන්තර වශයෙන්ද එයට ඉහළ පිළිගැනීමක් හිමි වී ඇත. 35,000 කට අධික පාරිභෝගික පදනමක් සහිත එම සමාගම තම පාරිභෝගිකයන්ට විශිෂ්ට තලයේ සේවාවක් පිරිනමයි. Micro Cars මෙරටට හඳුන්වා දී ඇති ආසන 7 කින් යුත් SAIC Almaz Premium SUV රථය සහ ෆුල් ඔප්ෂන් Proton Saga Sedan රථය, ලොව අනෙකුත් ප්රමුඛ පෙළේ සන්නාම යටතේ පැමිණෙන රථවලට සමාන අත්දැකීමක් සමග වඩාත් සහනදායී මිලකට ලබාගැනීමේ අවස්ථාව සලසා දෙයි.
මෙම හවුල්කාරීත්වය පිලිබඳ වැඩිදුර තොරතුරු 112350000 හෝ care@dfccbank.com ඔස්සේ DFCC බැංකුව සමග සම්බන්ධ වීමෙන් හෝ 0776 626262 දුරකථන අංකය ඔස්සේ Micro Cars ඇමතීමෙන් ලබාගත හැක. මීට අමතරව DFCC බැංකුවේ ශාඛා හෝ Micro Cars ප්රදර්ශනාගාර වෙත පැමිණීමෙන් සහ www.microcars.lk. වෙබ් අඩවියට පිවිසීමෙන්ද වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ.

DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා සහ Micro Cars සමූහ අධ්යක්ෂ අසේල ලිහිණිකඩුව මහතා අවබෝධතා ගිවිසුම හුවමාරු කරගනිමින්
වමේ සිට: DFCC බැංකුව වෙනුවෙන් මෙෂාර පෙරේරා (කළමනාකරු), චාමර පීරිස් (ජ්‍යෙෂ්ඨ කළමනාකරු), අසංක පටබැදිගේ (සහකාර උප සභාපති), සමන්ත්රි කාරියවසම් (උප සභාපති – පොදු නීති කටයුතු), ආසිරි ඉද්දමල්ගොඩ (ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා අංශ ප්‍රධානී) යන මහත්ම මහත්මීන් සහ Micro Cars වෙනුවෙන් අසේල ලිහිණිකඩුව (සමූහ අධ්යක්ෂ), ජනක හේරත් (මූල්‍ය ප්‍රධානී), ජේකොබ් නිශාන්තන් (අලෙවිකරණ ප්‍රධානී), සහ නිර්ෂාඩ් නස්ලි (ශාඛා ප්‍රධානී) යන මහත්වරුන්
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 68 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයකි. එම බැංකුවට 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Brands Magazine වෙතින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සේවා සන්නාමය’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන හිමි විය. එමෙන්ම Business Today සඟරාව මගින් DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන එම බැංකුව, Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A- (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන ති