DFCC බැංකුව මෙරටට හරිත ස්ථාවර තැන්පතු හඳුන්වා දුන් ප්‍රථම බැංකුව බවට පත්වෙයි
August 18, 2023
ශ්‍රී ලංකාවේ තිරසාර මූල්‍යකරණයේ පුරෝගාමියෙකු වන DFCC බැංකුව, පරිසර හිතකමීත්වයේ තවත් ඉදිර පියවරක් තබමින් ශ්‍රී ලංකාවට ප්‍රථම වරට පරිසර හිතකාමී ස්ථාවර තැන්පතු ක්‍රමයක් හඳුන්වා දී තිබේ. Green Fixed Deposits ලෙස හැඳින්වෙන මෙය සැලසුම් කර ඇත්තේ පාරිසරික වශයෙන් තිරසාර වැඩසටහන්වලට ශක්තියක් වන අයුරිනි. පරිසරයට යහපතක් සිදුකරමින් තිරසාරත්වය ප්‍රවර්ධනය කරන ව්‍යාපෘති සඳහා මෙම ස්ථාවර තැන්පතු ක්‍රමය භාවිතා කළ හැකි වේ.
Green Fixed Deposits ක්‍රමය හඳුන්වා දීමේ විශේෂ උත්සවයක් පසුගියදා DFCC බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා, USAID Catalyse Private Sector Development Activity හි Activity Team Lead යුවාන් ෆෙරේරෝ සහ ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී සහ මහ ලේකම් බුවනෙකබාහු පෙරේරා ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක් වූ අතර, DFCC බැංකුවේ අධ්යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා ප්රමුඛව එම බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් පිරිසක්ද ඊට සහභාගී වූහ.
මෙහිදී අදහස් දක්වමින් DFCC බැංකුවේ අධ්යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙසේ පැවසී ය. “අප ජීවත් වන ලෝකයේ තිරසාරත්වය සහ පැවැත්ම සම්බන්ධයෙන් මතු වී ඇති තර්ජනවලට වහාම පිළියම් යෙදිය යුතු බව අප දන්නවා. අප දැනටමත් සමාජයීය හා පාරිසරික යහපැවැත්ම ඉලක්ක කරගත් තිරසාර වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා ඇත්තේ නිසයි. අපගේ මූල්‍ය ක්‍රියාකාරකම් සහ අභ්‍යන්තර හා බාහිර දැනුවත් කිරීමේ වැඩසටහන් හරහා අප බලශක්ති කාර්යක්ෂමතාව සහ සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම, පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය දිරිමත් කිරීම, හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ අනෙකුත් පරිසර දූෂණ මූලාශ්‍ර අවම කිරීම සඳහා පියවර ගෙන තිබෙනවා. DFCC Green Fixed Deposits හරහා අප උත්සාහ කරන්නේ වඩාත් පරිසර හිතකාමී හා තිරසාර අනාගතයක් වෙනුවෙන් පෙරමුණ ගැනීමටයි. තම ඉතුරුම් හා ආයෝජන වර්ධනය කරගන්නා අතරම මේ මහඟු මෙහෙවරට දායක වන මෙන් මා සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට ආරාධනා කර සිටිනවා.”
ශ්‍රී ලංකාවේ කාබන් පියසටහන සාපේක්ෂව අඩු වුවද එය දේශගුණික විපර්යාසවල බලපෑමට ලක්වීමට වැඩි අවදානමක් ඇත. මෙවැනි තත්ත්වක් හමුවේ, එම බලපෑම් අවම කිරීම් සඳහා තමන් දැඩි අධිෂ්ඨානයකින් යුතුව කැපවීමට සූදානම් බව ශ්‍රී ලංකාව පැහැදිලිව පෙන්නුම් කර තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඉලක්ක වන්නේ, 2030 වසර වනවිට සිය වනාන්තර ආවරණය 32% දක්වා වර්ධනය කරගැනීම සහ හරිතාගාර වායු විමෝචනය 14.5% දක්වා අඩු කරගැනීම ය. එමෙන්ම 2030 වසර වනවිට, සිය බලශක්ති ජනනයෙන් 70% ක්ම පුනර්ජනනීය බලශක්තිය මගින් සපුරාගැනීම ශ්‍රී ලංකාවේ තවත් ඉලක්කයකි. 2024 වසරේදී ශ්‍රී ලංකාව තුළ දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලයක් පිහිටුවීම සඳහා අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කර ඇති දූරදර්ශී සැලැස්ම, දේශගුණය සම්බන්ධ අභියෝගවලට මුහුණ දීම සඳහා රටේ කැපවීම අවධාරණය කරයි. ඒ අනුව බලන විට, DFCC බැංකුව හරිත ස්ථාවර තැන්පතු ක්‍රමයක් ආරම්භ කිරීම, තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහය තවදුරටත් ශක්තිමත් කිරීමකි.
DFCC බැංකුව දීර්ඝ කාලයක පටන් මෙරට තිරසාර ප්රයත්නයන් සම්බන්ධයෙන් පෙරමුණ ගෙන සිටින අතර, 2020 වසරේදී මෙරට තුළ නිල වශයෙන් තිරසාර ක්රමෝපායක් ප්‍රකාශයට පත්කළ ප්‍රථම බැංකුව බවට පත්වීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. 1988 වසරේ සිටම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති රාශියක් සඳහා මූල්‍ය පහසුකම් සපයමින් එම බැංකුව රටේ තිරසාර පරිවර්තනය ශක්තිමත් කිරීමට දායක වී තිබේ. සූර්ය බලශක්ති පද්ධති එකලස් කිරීමේ ව්‍යාපෘතිවල සිට ජල, සුළං, සූර්ය, ජෛවස්කන්ධ සහ අපද්‍රව්‍ය බලශක්ති ව්‍යාපෘති දක්වාම පුළුල් පරාසයක පැතිරුණු තිරසාර ව්‍යාපෘති සඳහා DFCC බැංකුවේ සහයෝගය හිමි වී ඇත.
මේ ආකාරයට තිරසාරත්වය වෙනුවෙන් DFCC බැංකුව දක්වන කැපවීම පසුගියදා ජාත්‍යන්තර තලයේ ඇගයීමකටද ලක් වූ අතර, DFCC බැංකුව Green Climate Fund (GCF) සහතිකකරණය හිමිකරගත් ප්‍රථම ශ්‍රී ලාංකික බැංකුව බවට පත් විය. මෙම සහතිකකරණය හිමි වීම නිසා DFCC බැංකුවට මෙරට තුළ දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කිරීමේ සහ අනුවර්තනය වීමේ ව්‍යාපෘතිවලට ඇමරිකානු ඩොලර් මිලියන 250 දක්වා සහන ණය පහසුකම් ලබාදීමට හැකියාව ලැබී තිබේ. DFCC Green Fixed Deposits යනු, DFCC බැංකුව ශ්‍රී ලංකාවට තිරසාර අනාගතයක් උදාකර දීමට දරන මෙම නොපසුබට උත්සාහයේ නවතම පියවරයි.
ඡායාරූපය: (වමේ සිට)
DFCC බැංකුවේ උප සභාපති (තිරසාරත්ව වැඩසටහන් සහ උපදේශන) නලින් කරුණාතිලක, එම බැංකුවේ කළමනාකාරිනී (ජාත්‍යන්තර බැංකු සේවා සහ වෙළඳ ව්‍යාපාර සංවර්ධන) කුෂානි ජයසිංහ, උප සභාපති (භාණ්ඩාගාර සහ ආයෝජන බැංකුකරණ) චන්න දයාරත්න, ජ්‍යෙෂ්ඨ උප සභාපති (භාණ්ඩාගාර සහ ආයෝජන බැංකුකරණ) ප්‍රින්ස් පෙරේරා, ජ්‍යෙෂ්ඨ උප සභාපති (ජාත්‍යන්තර බැංකු සේවා, ප්‍රේෂණ සහ ව්‍යාපාර සංවර්ධන) ඇන්ටන් ආරුමුගම්, අධ්යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා, USAID Catalyse Private Sector Development Activity හි Activity Team Lead යුවාන් ෆෙරේරෝ, ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී සහ මහ ලේකම් බුවනෙකබාහු පෙරේරා, DFCC බැංකුවේ උප සභාපතිනි සහ අලෙවිකරණ හා තිරසාර සංවර්ධන අංශ ප්‍රධානී නිල්මිණි ගුණරත්න සහ සහකාර උප සභාපති (ජාත්‍යන්තර බැංකු සේවා, ප්‍රේෂණ සහ ව්‍යාපාර සංවර්ධන) ඉරංග අමිලාන යන මහත්ම මහත්මීන්
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 68 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයක් වී තිබේ.
Green Climate Fund (GCF) සහතිකකරණය හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම (සහ මේ දක්වා එකම) බැංකුව වන්නේ DFCC බැංකුවයි. මෙය DFCC බැංකුව තිරසාරත්වය උදෙසා දක්වන කැපවීම සනාථ කරන සාධකයක් වන අතර, මෙමගින් එම බැංකුවට මෙරට තුළ දේශගුණ විපර්යාසවල බලපෑම අවම කරන සහ එම බලපෑම්වලට අනුගත වීමට උපකාරී වන ව්‍යාපෘතිවලට අත්වැලක් වීම සඳහා සහනදායී මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකියාව ලැබී තිබේ.
Euromoney වෙතින් හිමි වූ ‘2021 සහ 2022 වසරවල ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණයේ වෙළඳපොළ ප්‍රමුඛයා’ සම්මානය ඇතුළුව DFCC බැංකුව මේ දක්වා සම්මාන හා ඇගයුම් රැසකින් පිදුම් ලබා ඇති අතර, Business Today සඟරාව මගින් එම බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන DFCC බැංකුව, Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A- (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ