DFCC බැංකුව තම කාර්ය මණ්ඩලය සඳහා පාපැදියෙන් රැකියාවට යාම දිරිමත් කරයි
April 8, 2021
DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්වය ක්‍රමෝපායේ ප්‍රධාන අංගයක් වන්නේ 2030 වසර වනවිට තිරසාර රැකියා-ජීවන රටා සම්ප්රදායක් ස්ථාපිත කිරීම ය. මෙහිදී රැකියා ස්ථානය තුළ ක්‍රියාත්මක කෙරෙන තිරසාර විධිවිධාන මෙන්ම ගනුදෙනුකරුවන්ගේ සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ ජීවන රටාවන්හි සිදුකෙරෙන පරිවර්තනයන් ඇතුළුව විවිධාකාර ක්‍රමවේදයන් ඔස්සේ තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම බැංකුවේ අරමුණ වී තිබේ. මේ සඳහා විවිධත්වය හා අන්තර්කරණය ප්‍රවර්ධනය කිරීමෙහි සිට, ඵලදායීතාව, යහපැවැත්ම, තිරසාර පරිභෝජනය සහ තිරසාර ජීවන රටාවන් ඉලක්ක කරගත් වැඩසටහන් රාශියක් ඇතුළත් වී ඇත. මෙහි තවත් එක් පියවරක් ලෙස, තිරසාර හා නිරෝගී ජීවන රටාවක් පවත්වා ගැනීමට තම කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් දිරිමත් කිරීම සඳහා පාපැදියෙන් රැකියාවට පැමිණීම දිරිගැන්වීමේ වැඩසටහනක් ‘Bike to Work’ නමින් ක්‍රියාත්මක කිරීමට DFCC බැංකුවේ තිරසාරත්ව කමිටුව වන ‘OMMM’ පියවර ගෙන තිබේ.
හුදෙක් එක් දිනකට සීමා නොවන මෙය මින් ඉදිරියට සෑම මාසයකදීම, දිවයින පුරා විසිරුණු DFCC ශාඛා ජාලය ආවරණය කරමින් පැවැත්වීමට නියමිත ය. එමෙන්ම පාපැදි භාවිතය තවතවත් දිරිමත් කරමින් එය විනෝදාංශයක් කරගැනීමට තම කාර්ය මණ්ඩලය යොමුකරවීමටද බැංකුව පියවර ගෙන තිබේ. ප්රමුඛ පෙළේ බැංකුවක් පාපැදියෙන් රැකියාවට පැමිණීමේ දිනයක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ පාපැදි ක්ෂේත්රය තුළ ප්රමුඛ කාර්යභාරයක් ඉටුකරමින් එය ජනතාවගේ ජීවන රටාවන්හි අනිවාර්ය අංගයක් බවට පත්කිරීම සඳහා කැපවීමට DFCC බැංකුව අපේක්ෂා කරයි.
‘Bike to Work’ වැඩසටහන, තම කාර්ය මණ්ඩලයේ යහපැවැත්ම වෙනුවෙන් මෙන්ම පරිසරය සුරැකීම සම්බන්ධයෙන්ද DFCC බැංකුව දක්වන දායකත්වයට මනා සාක්ෂියකි. පාපැදියෙන් රැකියාවට පැමිණීම දිරිමත් කිරීම මගින් පරිසරයට එකතු වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය යම්කිසි ප්‍රතිශතයකින් අවම කිරීමට උපකාරී වනු ඇති අතර, එය දේශගුණ විපර්යාස අවම කිරීම සඳහා අර්ථවත් හා තිරසාර දායකත්වයක් දැක්වීම සහ වගකීම් සහගත ලෙස සම්පත් භාවිතා කිරීම සම්බන්ධයෙන් DFCC බැංකුව දරන ආකල්ප සමග මැනැවින් සමගාමී වන පියවරක් ලෙසද හැඳින්විය හැකි වේ.
DFCC බැංකුව විසින් 2021 වසරේදී ක්‍රියාවට නංවන ලද ‘OMMM’ වැඩසටහන මගින් ඉදිරියේදී කාර්ය මණ්ඩලයේ සහ ඔවුන්ගේ පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ කායික හා මානසික සෞඛ්‍යය හා යහපැවැත්ම ඉලක්ක කරගත් වැඩසටහන් රාශියක් ක්‍රියාවට නැංවීමට නියමිත ය.
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 65 ක ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පරිපූර්ණ වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. Business Today සඟරාව මගින් ප්‍රමුඛතම සමාගම් 30 අතරට නම්කර ඇති DFCC බැංකුව 2020 Brand Finance Top 100 Most Valuable Brands ලැයිස්තුවටද ඇතුළත් වී ඇත. තවද එම බැංකුව ICRA Lanka සමාගම වෙතින් [SL] AA- ස්ථාවර’ ශ්‍රේණිය සහ Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A+ (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.