ඔබ ක්‍රෙඩිට් කාඩ්පත භාවිතයෙන් විදේශ සංචාරයේ යෙදෙන්නේද? මෙන්න ඔබට ප්රයෝවත් ඉඟි 5 ක්
May 2, 2019
ඩීඑෆ්සීසී ක්‍රෙඩිට් කාඩ්පත් ඔබ විදේශ සංචාරයක යෙදෙන විට ඔබට අවස්ථාවන් රැසක් ලබා දෙයි. සංචාරකදි සංචාරක චෙක්පත් රැගෙන යාම හෝ විශාල විදේශ මුදල් ප්‍රමාණයක් රැගෙන යාමේ කරදරයෙන් මිදීමට දැන් ඔබට හැක. DFCC ක්‍රෙඩිට් කාඩ් මඟින් විදෙස් ගමන් වලදී ඔබට ඉක්මනින් , ආරක්ෂිතව සහ පහසුවෙන් මුදල් ගනුදෙනු කිරීමට ඉඩකඩ සලසා දෙයි. එසේම මෙමඟින් ඔබට බොහෝ සංචාරක ප්රතිලාභ සහ වරප්‍රසාද ලබා ගත හැකිය.
ඔබගේ ක්‍රෙඩිට් කාඩ් පත සමඟ විදෙස් ගත වන විට මතක තබා ගත යුතු උපදෙස් 5 ක් මෙන්න.
ඔබ විදේශගත වන විට අපව දැනුවත් කරන්න.
DFCC බැංකුවේදී අපි අපගේ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව ඉතා බැරෑරුම් ලෙස සලකන්නෙමු. එමනිසා, ඔබ සංචාරය කරන බව අප නොදැන සිටියහොත්, ඔබගේ ආරක්ෂාව සහ සුරක්ෂිතතාවය වෙනුවෙන් විදේශ රටක සිදුවන හදිසි ගනුදෙනුවක් අප විසින් අවහිර කළ හැකිය. මෙවැනි තත්වයන් වළක්වා ගැනීමට ඔබ ඔබගේ සංචාරයන් සඳහා පිටත් වීමට පෙර ඔබ රට හැර යන බව ඔබේ බැංකුවට දැනුම් දීමට වග බලා ගන්න. ඔබ විදේශගතවන විට ඒ බව අපට දැනුම් දීමට අපගේ 24/7 ක්ෂණික ඇමතුම් අංකයට (0094) 0112-350000 අමතන්න.
ඔබේ ප්රතිලාභ භාවිතා කිරීමට වග බලා ගන්න.
ඔබ සතුව ඩීඑෆ්සීසී සිග්නේචර් ක්‍රෙඩිට් කාඩ්පතක් හෝ ඩීඑෆ්සීසී ප්‍රිමියර් ඉන්ෆිනිටි ක්‍රෙඩිට් කාඩ්පතක් තිබේ නම් ඔබට විශේෂ ප්රතිලාභ රැසක් හිමිවේ. උදාහරණ ලෙස ඔබට සංචාරක රක්ෂණය සහ වෛද්‍ය ආධාර වැනි වෙනත් ප්‍රයෝජනවත් සේවාවන්ද නැතිවූ විදේශ ගමන් බලපත්‍රය සහ ගමන් මලු අහිමි විමකදි ආධාර, ප්‍රභූ විවේකාගාර ප්‍රවේශය සහ සැනසිලි සේවා වැනි විශේෂ ප්රතිලාභ රැසක් හිමිවේ. ඔබේ ක්‍රෙඩිට් කාඩ්පත පරික්ෂා කර එහි ඇති ගමන් ප්රතිලාභ වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට සැමවිටම වග බලා ගන්න. DFCC ක්‍රෙඩිට් කාඩ් සංසන්දනය මෙතැනින්.
අමතර ගාස්තු පිළිබඳ අවධානයෙන් සිටින්න
අපගේ ගනුදෙනුකරුවන්ට අවම පිරිවැයකින් හොඳම සේවාවන් සැපයීමට අපි උත්සාහ කරමු. කෙසේ වෙතත් අපගේ පාලනයෙන් ඔබ්බට ගිය සමහර අමතර ගාස්තු විදේශීය ගනුදෙනු සඳහා අදාළ විය හැකිය, මෑතකදී හඳුන්වා දුන් ජාත්‍යන්තර කාඩ්පත් ගනුදෙනු සඳහා 3.5% ක බද්දක් අයකිරීම එවැන්නකි. එමනිසා, ඔබ සංචාරය කිරීමට පෙර මෙම ගනුදෙනු පිරිවැය පිළිබඳව දැනුවත්ව සිටීම වැදගත් වන අතර එමඟින් ඔබට ඒ අනුව ඔබේ අයවැය සකසා ගත හැකිය.
ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ රහස් අංකය දැනගෙන එහි වලංගුභාවය පරීක්ෂා කරන්න
බොහෝ රටවල ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු EMV චිප් සහ PIN ක්‍රමය භාවිතයෙන් සිදු කෙරේ. මෙයින් අදහස් වන්නේ ගනුදෙනුවක් වලංගු කිරීම සඳහා ඔබේ අත්සන භාවිතා කරනවා වෙනුවට විකුණුමු සුථානයේදී ගනුදෙනුව වලංගු කිරීම සඳහා ඔබේ කාඩ්පතේ PIN අංකය ඇතුළත් කිරීමයි. සියලුම ඩීඑෆ්සීසී බැංකු ණය පත් නවීනතම EMV චිප් තාක්ෂණයෙන් සමන්විත වන අතර ඉහළම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වේ.
ඔබ විදේශයක සිටින විට කඩිනම් මුදල් සඳහා ප්‍රවේශ අවශ්‍යතාවක් ඇති වේ නම් වීසා සක්‍රීය කර ඇති ඕනෑම ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රයකින් මුදල් අත්තිකාරමක් ලබා ගැනීමට ඔබේ ක්‍රෙඩිට් කාඩ් පත භාවිතා කළ හැකිය. මෙය සිදු කිරීම සඳහා, ඔබ ඔබේ PIN අංකය දැන සිටිය යුතුය.තවත් මතක තබාගත යුතු වැදගත් දෙයක් නම් ඔබගේ ගමන අතරතුරේදී ඔබගේ කාඩ්පත කල් ඉකුත් නොවන බව සහතික කිරීම සඳහා වලංගුභාවය පරීක්ෂා කිරීමයි. එය කල් ඉකුත්වීමට ආසන්න නම් ඔබට ඉක්මනින් අලුත් කිරීම සඳහා ඉල්ලීමක් කළ හැකිය.
දේශීය මුදලින් ගෙවීම් සිදුකරන්න
ලොව පුරා බොහෝ ස්ථානවලදි ඔබේ ගෙවීම සිදු කිරීම සඳහා ඔබට මුදල් වර්ග කිහිපයක් තෝරා ගත හැකියාව ලැබේ. එහෙත් ඔබට වඩාත්ම තරඟකාරී විනිමය අනුපාත ලබා ගැනීම සහතික කිරීම සඳහා සෑම විටම මිලදී ගැනීම් සඳහා දේශීය මුදලින් ගෙවීම් කිරීමට ඉල්ලා සිටින්න. ඔබගේ ගමන් වියදම් සඳහා වන ඕනෑම වියදමක් දැරීමට ඔබේ ක්‍රෙඩිට් කාඩ්පත ප්‍රමාණවත් නොවන අතර අපගේ පාලනයෙන් ඔබ්බට ගිය යම් ආකාරයක ගැටළුවක් ඔබට ඇති වුවහොත් භාවිතයට ගැනීමට සුළු මුදලක් රැගෙන යාමට අපි නිර්දේශ කරන්නෙමු.