
Media Centre
Economic, social and environment development is deeply embedded in our values and informs how we conduct business, develop products and services and deliver on our goals and commitments.
DFCC බැංකුව, COVID-19 රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහාග්රාමීය පාසල් 65 කට දෑත් සේදීමේ පහසුකම් පරිත්‍යාග කරයි
April 29, 2021

DFCC බැංකුව සිය 65 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ලෙස, COVID-19 රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ග්‍රාමීය පාසල් 65 කට දෑත් සේදීමේ පහසුකම් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය.
COVID-19 රෝගයෙන් ආරක්ෂා වීමට නම් දෑත් සේදීම ඇතුළු සනීපාරක්ෂක පුරුදු නිසි ලෙස අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ. පාසල් තුළ මෙම පුරුදු අනිවාර්ය කිරීම, වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉතාමත් වැදගත් ය. මේ ආකාරයට පාසල් සඳහා දෑත් සේදීමේ පහසුකම් පරිත්‍යාග කිරීමට DFCC බැංකුව කටයුතු කළේ එබැවිනි.
මෙම සමාජ සත්කාරය සඳහා DFCC බැංකුවට අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයද හිමි විය. මෙම පරිත්‍යාගය සිදුකළ යුතු පාසල් 65 හඳුනා ගැනීම සඳහා DFCC බැංකුවේ, මෙම ව්‍යාපෘතිය සඳහා පත්කළ නිලධාරී මහතුන් විසින් පුළුල් මට්ටමේ සමීක්ෂණයක්ද සිදුකරන ලදි.
DFCC බැංකුවේ තිරසාරත්ව අරමුණ වන ‘අභියෝග වලට සාර්ථකව මුහුණ දිය හැකි රටක් හා ජනතාවක් නිර්මාණය කිරීම’, එහි තිරසාරත්ව ක්‍රමෝපායේ ප්‍රධාන අංග තුනෙන් එකකි. මීට අමතරව අධ්‍යාපනය, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, ව්‍යවසායකත්වය, පරිසරය, ආපදා සහන සහ ව්‍යායාම යන අංශ කෙරෙහිද DFCC බැංකුව ප්රමුඛ පෙළේ අවධානයක් යොමුකර තිබේ. එම නිසා රටේ අධ්‍යාපන පද්ධතියට අත්වැලක් වන අතරම ආපදා සහන වැඩසටහනක් ලෙසද සැලකිය හැකි මෙවැනි වැඩසටහන් නිරන්තරයෙන් ක්‍රියාත්මක කිරීමට DFCC බැංකුව කටයුතු කරයි.
සමාජය කෙරෙහි වගකීම් සහගත ලෙස කටයුතු කරන මූල්‍ය ආයතනයක් ලෙස, ශ්‍රී ලාංකික ප්‍රජාවට කෘතගුණ සැලකීම සඳහා මුල්තැන දෙමින්, සිය 65 වන සංවත්සරය නිහතමානී ලෙස සැමරීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. මෙම ව්‍යාපෘතිය මෙන්ම, DFCC බැංකුවේ 65 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන ලද අනෙකුත් ප්‍රජා සත්කාරයන්ද, ශ්‍රී ලාංකිකයන්ගේ සැබෑ අවශ්‍යතාවන් හඳුනාගෙන එම අවශ්‍යතාවන් සපුරාලීම සම්බන්ධයෙන් අනෙකුත් සමාගම් හා ආයතන වලටද මහඟු ආදර්ශයක් වනු නිසැක ය.
මෙම පරිත්‍යාගය අදාළ පාසල් වලට කෙතරම් වැදගත් වූයේද යන්න, ඒ සම්බන්ධයෙන් සිය ස්තූතිය පළකරමින් ඔවුන් විසින් DFCC බැංකුව වෙත එවන ලද ලිපි වලින් පැහැදිලි වන අතර, ඉදිරි වසර වලදීද ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවන් වෙනුවෙන් මෙවැනි සත්කාරයන් ක්‍රියාවට නැංවීමට DFCC බැංකුව බලාපොරොත්තු වෙයි.
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 65 ක ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පරිපූර්ණ වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. Business Today සඟරාව මගින් ප්‍රමුඛතම සමාගම් 30 අතරට නම්කර ඇති DFCC බැංකුව 2020 Brand Finance Top 100 Most Valuable Brands ලැයිස්තුවටද ඇතුළත් වී ඇත. තවද එම බැංකුව ICRA Lanka සමාගම වෙතින් [SL] AA- ස්ථාවර’ ශ්‍රේණිය සහ Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A+ (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.
ඡායාරූපය: DFCC බැංකුව විසින් ග්‍රාමීය පාසල් වෙත දෑත් සේදීමේ පහසුකම් පරිත්‍යාග කර තිබූ ආකාරය